IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විනිසුරු ආබෘට නඩු දෙකක්

මේ වසරේ ජූනි 26 වැනිදා හෝ ආසන්න දිනයක ගෙදර සේවිකාව දූෂණය කළැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර සරත් ද ආබෘට එරෙහිව නීතිපති නියමයෙන් කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 බී වගන්තිය යටතේ චෝදනා දෙකක් මත නඩුව ගොනු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව ගොනු කළ ප්‍රථම නඩුව මෙයයි.

තිස්නව හැවිරිදි ගෘහ සේවිකාව ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ල අනුව මෙම නඩුව පවරා තිබේ.

මේ අතර මෙම විනිසුරුවරයාට එරෙහිව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ තවත් නඩුවක් පවරන ලෙස නීතිපති පොලිසියට උපදෙස් දී ඇත.

ගෙදර සේවයකළ පුද්ගලයෙකුට පහර දුන්නැයි එම නඩුවේ චෝදනාවෙන් කියැවේ.

ලබන ජනවාරියේ සිට බලපැවැත්වෙන පරිදි සරත් ද ආබෘ පසුගිය ඔක්තෝබර් මාසයේ සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමේ ලියැවිලි ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට තිබේ.

ඔහුට රාජකාරි කිරීමට ඉඩ නොදෙන්නැයි ශ්‍රීලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබිණ.



අදහස් (0)

විනිසුරු ආබෘට නඩු දෙකක්

රොක්සි Sunday, 22 November 2015 03:44 PM

මෙතුමා දැන් විශ්‍රාමිකද? වැරදි කර ඇත්නම් දඬුවම් දියයුතුයි! (නි)

:       0       0

වසන්ජය Sunday, 22 November 2015 06:16 PM

ඔය එළිවෙන්නේ ටික ටික... (නි)

:       0       0

රාධා Sunday, 22 November 2015 11:05 PM

කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ (නි)

:       0       0

විජිත් Tuesday, 24 November 2015 11:10 AM

අනේ මන්දා... (ර)

:       0       0

රොක්සි Monday, 23 November 2015 01:10 AM

වහාම මේ සම්බන්ධයෙන් කටයුතු කළයුතුයි! (නි)

:       0       0

තුසිත Monday, 23 November 2015 01:39 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කිවුවලු (නි)

:       0       0

රසික Monday, 23 November 2015 02:48 AM

මෙවැනි අය තවත් ඉන්නවා.(ම)

:       0       0

එස් කපිල Monday, 23 November 2015 06:09 AM

හරි හොඳයි ඇමතිවරුන්ට වැරදි කළා නම් දඬුවම් ? (ම)

:       0       0

අසාද් Sunday, 22 November 2015 07:59 AM

වරද කවුරු කළත් තරාතිරම නොබලා දඩුවම් ලැබෙන්න ඕනෑ. ඒකයි අපි බලාපොරොත්තු වුණ යහපාලනය. (නි)

:       0       0

පෙඩ්රික් Sunday, 22 November 2015 11:07 AM

මට නම් හිතාගන්නත් අමාරුයි (නි)

:       0       0

ඩෙන්සිල් Sunday, 22 November 2015 11:04 AM

රටේ නීතිගරුක පුරවැසියන් විදියට අපි මෙම සිද්ධිය ඉතාම අගය කරනවා. අපේ රටේ අධිකරණය ගැන බිඳවැටුණු විශ්වාසය නැවත ඇතිවේවි. (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 24 November 2015 03:08 AM

නීතිය කාටත් පොදුය (නි)

:       0       0

කවින්ද Sunday, 22 November 2015 02:33 PM

වගකිවයුතු නිලධාරීන් නේද මේ? (නි)

:       0       0

ගමගේ Sunday, 22 November 2015 02:39 PM

මොහුට මෙම වරදට දඬුවම් කරන්නේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site