IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘වෙනම සිටියත් දෙපිරිසම එක මතයක‘ - මහින්දානන්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධූර ගත් කණ්ඩායමත්, ඒකාබද්ධ විපක්ෂයේ පිරිසත් ව්‍යවස්ථා සංශෝධනයේදී දෙපිළක් නොවී එක මතයක සිටීමට තීන්දුවක් ගත් බව  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (26) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

‘ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා. අහි දැක්කා මෙහි නරක දේවල්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ලෙස අපි වෙන්වෙලා ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක කණ්ඩායමක් ඉන්නවා. අපි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ව්‍යවස්ථා සංශෝධනයේදී අපි දෙපිළක් නෑ. මේ ව්‍යවස්ථා සංශෝධනය රටට හිතකරව ගේනවා නම් අපි අත උස්සලා සහයෝගය දෙන්න ලෑස්තියි.

රටට අහිතකර කිසි දෙයක් කරන්න ඉඩක් දෙන්නේ නෑ කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධුර ගත් කණ්ඩායමත්, ඒකාබද්ධ විපක්ෂයේ අපිත් ව්‍යවස්ථා සංශෝධනයේදී එක තීන්දුවක් ගත්තා. ඒ නිසා බුල්ඩෝසර් කර ව්‍යවස්ථා සංශෝධනය කරන්න ගියත් ඒ දේ වෙන්නේ නෑ.  ව්‍යවස්ථා සංශෝධනයේදී අපි එක මතයක ඉන්නවා.‘

DSC_2812



අදහස් (0)

‘වෙනම සිටියත් දෙපිරිසම එක මතයක‘ - මහින්දානන්ද

ටෙනිසන් Saturday, 27 February 2016 12:03 AM

ඔය කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)

:       0       0

ටිකිරි Friday, 26 February 2016 11:55 PM

පුළුවන් නම් කොච්චර හොඳද? (නි)

:       0       0

සෑම් Saturday, 27 February 2016 08:15 PM

මේ කියන්නේ ''එකට කෑවත් බොක්ක වෙනස්" කියන එක නේද? (නි)

:       0       0

සිල්වා Saturday, 27 February 2016 03:32 AM

ඔය ඔක්කොටම ඉස්සෙල්ල අපිට පැහැදිලිකරන්න පුලුවන්ද ඔබතුමා ඉතාම කෙටි කාලයක් තුල ප්‍රකෝටිපතියෙක් වුණ විදිහ ? (බ)

:       0       0

මහින්ද සෞදි Saturday, 27 February 2016 09:17 AM

මේ රජයට මුක්කු ගහපු අයට අපේ මනාප නැත.(බ)

:       0       0

නිල්හාන් ජයවර්ධන Saturday, 27 February 2016 09:25 AM

කොහොමටත් හිරේ යන්න වෙනවනේ. එ්කෙන් බේරෙන්ඩ කඹ හොරාගේ එල්ලිලා ඉන්න වෙනවා. බලාපොරොත්තු වෙන්න එපා එයාට අගමැතිකම. ඔහුටත් නිවාස අඩස්සියේ තමා ඉන්න වෙන්නේ තව ටික කලකින් සිරිලිය මැඩම් එක්ක. (බ)

:       0       0

දිල්ෂාන් Sunday, 28 February 2016 12:26 PM

තමන්ගේ තනතුරු රැක ගන්න මේ කට්ටිය ඕනෑම දෙයක් කරන බව අපි දන්නවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site