IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වන්දි සීමා ගිවිසුම් අත්සන් කළ රටක ගිහින් නඩු දැම්මේ ඇයි?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමුද්‍ර හානියක වන්දි  ඉල්ලීමේදී සීමා පැනවීමෙි ගිවිසුමකට අත්සන් කරන ලද රටක එක්ස්ප්‍රස් පර්ල් හානියේ වන්දි ඉල්ලමින් නඩු පැවරූයේ ඇයි දැයි තමාට හිතා ගන්නට බැරි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමුද්‍ර පද්ධතියේ  විනාශයක් සිදු වූ විට ඊට වන්දි ඉල්ලීමේදී සීමා පනවන ජාත්‍යන්තර සම්මුති තියෙන බවද එක්ස්ප්‍රස් පර්ල් හානියේ වන්දි ඉල්ලමින් නඩුව පවරා තිබෙන සිංගප්පූරුව අදාළ ගිවිසුමට අත්සන් කර තිබෙන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව අදාළ ගිවිසුමට අත්සන් කර නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

වන්දි  සීමා  ගිවිසුම්වලට අත්සන් රටක අදාල වන්දි ඉල්ලා නඩු පැවරීම ශ්‍රී ලංකාවට වාසි ද?  අවාසිද? යන්න පෙර පාසල් දරුවකුට වුවත් කියන්නට පුළුවන් කාරණයක් බව විපක්ෂ නායකවරයා කීය.



අදහස් (7)

වන්දි සීමා ගිවිසුම් අත්සන් කළ රටක ගිහින් නඩු දැම්මේ ඇයි?

පැරකුම් Wednesday, 10 May 2023 03:18 PM

මේ සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රතිචාර කවරේද යන්නත් මීලගට දැන්වුවොත් ලංකාදීපය පිළිබද අපගේ විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇත..

:       0       53

SL Wednesday, 10 May 2023 04:33 PM

දියවන්නාවේ ඉන්න බහුතරයක් කරන්නේ බොරු. ඔවුන් කරන්නේ ගැලරියට රඟපෑමක්. මේ තරම් විනාශයක් වුණු නාවික විනාශයන් දෙකකට රටක් විදියට අපිට ගන්න තිබුණු සුදුසුම තීරණ සියල්ලක් මේ වගේ කම්බ හොරුන් නිසා වෙනස් වෙලා රටට අවාසනාවන්ත ඉරණමක් අත්වෙලා තියෙනවා. මේ රට ගොඩ ගන්නවා නම්... දියවන්නාවට හෙනයක් වැදී ඉන්න ඔක්කොම බොරු කාරයින් ටික පරලොව යායුතුයි. මේ රටේ මිනිස්සු ඒ තරම්ම අභාග්‍ය සම්පන්න ජාතියක්...

:       1       13

Bamunuarachchi Wednesday, 10 May 2023 05:23 PM

ඔහෙට හිතාගන්න බැරි දේවල් තමයි දේශපාලනයේ තිබෙන්නේ. ඒක දේශපාලනයේ වැරැද්ද නොවෙයි, තමන්ට දේශපාලන අත්දැකීම් නැතිකම...

:       26       4

Para Wednesday, 10 May 2023 05:58 PM

ඔබ ඉතා අකාර්යක්ෂමයි. හැමදාම ප්‍රශ්න අහලා බොරුවට නිකන් ඉන්නවා. අවංක නම්, කොන්දක් ඇති නායකයෙක් නම් තම කණ්ඩායමත්, විපක්ෂයත් සමග පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ නඩුව ලංකාවේ අධිකරණයේ පවරනකන්. රටට නැති කරන්නේ ඇ.ඩො.බි... 6.4ක්... යමක් කමක් ලැබෙන අය තමයි අහන්නේ ඔය තරමට කිව්වාම ඇති නේද සර් කියලා...

:       0       1

ඩිල් දාස Wednesday, 10 May 2023 06:01 PM

පගාව අරන් තියෙන්නේ කවුද කියලා දැන් හිතාගන්න පුළුවන් නේද?

:       0       3

Lankikeya Wednesday, 10 May 2023 06:12 PM

ඔය තරමට ටිකක් කියලා දැම්මාම..., ඇති නේද සර් කියලා ඇහුවේ නැද්ද මෙදාපාර...?

:       2       0

විසිල් Thursday, 11 May 2023 07:07 AM

දේශපාලන මහල්ලන්ගේ සම්ප්‍රප්පලාප නිසා තරුණ ලමා සිත් දූෂණය වේ. කලුතර සිද්දිය ඇරෙන්න වෙනත් තරුණ පුවත් නැතිද ? මාධ්‍ය සගයිනි ඔබේ වගකීම ඉටුවී නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site