රාජකාරි වේලාව අවසානයේ විනෝදයට නැටුම් නටා හසුවූ බි‍්‍රතාන්‍යය පොලිස් පිරිසකට වැඩ වැරදී ඇත.
අන්තර්ජාලයට එක් කෙරී ඇති විීඩියෝවක මේ නිළධාරීන් පිරිස
භූගත රථ වාහන ගාලකදී නර්තනයේ යෙදෙන අයුරු දැක්වේ.
පාපැදි වල නැගී එහි මෙහි කැරකෙමින් ඔවුන් නර්තනයේ යෙදෙන අයුරු හාස්‍යජනක වුවත් ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසියේ ඉහළ බළධරයින්ට නම් එහි ඇති හාස්‍යජනක බවක් පෙනී නොමැති සෙයකි.
මෙය මුළු මහත් පොලිස් සේවයේ ගරුත්වයටම නින්දාවක් යැයි ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසියේ නිළධරයෙක් සදහන් කරයි.රාජකාරි අවසන්වී නම් කළ යුතුව තිබුනේ නිවෙස් බලා යාම විනා
මෙවන් විකාර නොකිරීම බව ඔහු පවසයි.
පොලිස් නිළධාරීන් හය දෙනෙකු නර්තනයේ යෙදී සිටිනු හදුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක්ද කි‍්‍රයාත්මකය. දැනටමත් ඔවුන් අතුරින් එක් අයකු සිද්ධිය නිසා ඇතිවූ කළකිරීමෙන් ඉල්ලා අස්වී ඇතැයිද සදහන්ය.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විනෝදයට නටා වැඩ වරද්දා ගනී
තරු Wednesday, 10 July 2013 12:24 PM
පවු නේද ඒ කට්ටිය? (නි)
lankasri Wednesday, 10 July 2013 07:13 AM
ලංකාවේ පොලිසිය නම් ඉතින් ලොක්ක ගහන පදෙටනේ නටන්නේ. එකයි වෙනස. (අ)
ලලිත්-එස්.එල් Wednesday, 10 July 2013 12:53 PM
එහෙම බැලුවොත් අපේ මුළු පොලිස් දෙපර්තුමෙන්තුවම වහන්න වෙයි හේතුව දන්නවනේ.(නදී)
කුමාර Wednesday, 10 July 2013 07:50 AM
අපේ කට්ටිය නම් එහෙම අශෝබනව නටන්නේ නෑ. ආදර්ශමත් ලංකා පොලීසිය. වැඩිම උනොත් බෝතලයක් ගහල පාරේ යන කොල්ලෙක් අල්ලාගෙන ඌට ගහල වැඩිම උනොත් ඌ මැරෙයි. නැත්නම් කුඩු හරි ගංජා හරි දාල මාස 6කට හිරේ යවලා උගේ ජීවිතේම කාබාසිනියා කරලා එකෙන් ප්‍රමෝෂන් අරගෙන් ඉන්ක්‍රිමන්ට් එකෙන් එයාලගේ පොඩි ළමයිට අයිස් ක්‍රීම් ගෙනියාවී.(නදී)
ගයන් Wednesday, 10 July 2013 07:57 AM
අපේ අම්මේ! ඒකට ලංකාවේ... (නි)
අමිළ කටුනායක Tuesday, 09 July 2013 07:29 PM
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ නේද සුනිල් අයියේ.(නදී)
කල්ප Wednesday, 10 July 2013 09:23 AM
ලංකාවේ පොලිසිය නම් හැම වෙලේම නර්තනයෙන් තමා ඉතින් ඉන්නේ. (නි)
ගාමිණි Tuesday, 09 July 2013 09:03 PM
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙම නෑම තමා (අ)
කරෝලිස් Wednesday, 10 July 2013 10:21 AM
නැටුවේ ගැංග්නම් ස්ටයිල්ද දන්නේ නැහැ නේද? (නි)
මිනිපෙ Tuesday, 09 July 2013 10:14 PM
මට නම් තේරෙනේනෙ නැහැ මොකද්ද මේකේ වරද කියලා. මේක වෙලා තියෙනේ රාජකාරියෙන් පසුව රථගාලේ.(නි)
මදූ Wednesday, 10 July 2013 11:16 AM
පව්,රාජකාරි ඉවරවෙල පොඩ්ඩක් විනෝද වුනාම මොකද වෙන්නේ? අනික එංගලන්තය වගේ රටක ඒක සාමාන්‍ය දෙයක්නේ. අනේ මන්දා ලංකාව වගේ එංගලන්තයත් හදන්න, රටේ දේවල් ගොඩක් තියාගෙන බොරු දේවල් පස්සේ පන්නන්න පටන් අරන් වගේ. (නි)
ඇන්ටන් Tuesday, 09 July 2013 05:50 PM
අපේ ශ්‍රී ලංකා පොලිසියේ අය රාජකාරි වෙලාවේත් සමහර තැන්වල සෙට්වෙලා කරන වැඩ වල හැටියට මේවා මොන විහිළුද? (නි)