IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘‘වින්දිතයන්ට තවමත් යුක්තිය ලැබී නෑ‘‘

(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)

කූමින් සීනිවලට ඇලෙනවා වගේ දේශපාලනාඥයන් බලයේ එල්ලී තමන් ලොක්කායි සිතා ගෙන කටයුතු කරන බව පෙනෙන්නට ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරේදි පැවැති පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී වෙමින් පැවැසීය.

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 4ක් ගත වුවද තවමත් යුක්තිය ඉටුවී නැතැයි අගරදගුරුතුමෝ පැවසූහ.

යුක්තිය උදෙසා අරගල කිරීම වැදගත් වනුයේ ඒ නිසා බව ද කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරයේදී සිදුවූයේ කුමක්දැයි තවම කවුරුත් දන්නේ නැතැයි කී අගරදගුරුතුමෝ මිනිසුන් නොයෙකුත් දේ පවසන බවත්, යුක්තිය සඳහා අරගල කිරීම වැදගත් වන්නේ ඒ නිසා බවත් පැවසූහ.

එය කතෝලිකත්වය බව කී අගරදගුරුතුමෝ යලි උත්ථානයවීම යනු වෙනසක් ඉල්ලා අරගල කිරීම යැයි ද කීහ.

වෙනස් කරන්නට උත්සාහ නොකරන ලෙසත් පවතින ක්‍රමයට යාමට දෙන ලෙසත් ඇතැමුන් කීවත් තරුණයින් අරගල කර ලංකාවේ දේශපාලන ආකෘතිය වෙනස් කළ බව ද කාදිනල්තුමෝ ප්‍රකාශ කළහ.

 



අදහස් (9)

‘‘වින්දිතයන්ට තවමත් යුක්තිය ලැබී නෑ‘‘

ජගත් ලියනගේ Sunday, 09 April 2023 06:57 PM

කවදාවත් ලැබෙන්නේ නැහැ. ඔය පහරදීම ඔබ වහන්සේ සහ සාමාන්‍ය ජනතාව විතරයි දන්නේ නැත්තේ... කාගෙද තාත්තත් දැනගෙන හිටියා, පල්ලි යන්න එපා කියලත් කිව්වා එදා...

:       43       34

ranjith Sunday, 09 April 2023 08:10 PM

අපරාධයකට සම්බන්ධ අයට ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබේවි...

:       19       20

fairoosMonday, 10 April 2023 12:52 PM

මහමොළකරුට දැනටමත් සොබාදහමින් පඩිසන් ලැබිලා ඉවරයි. දැන් නන්නත්තාරවෙලා රට වටේ ඇවිදිනවා..

:       3       5

BamunuarachchiTuesday, 11 April 2023 06:29 PM

මහා මොළ කාරයා දැනට අවුරුදු 1400 පෙර මැරුනේ ක්‍රිස්තියානි කාරයින්ගෙන් කප්පම් ඉල්ලලා ක්‍රිස්තියානි කාරයින් වහ දීලා. මොහොම්මඩ් මරුන හැටි මුස්ලිම් කාරයෝ කතා කරන්නේ නැහැ.

:       0       0

BamunuarachchiThursday, 13 April 2023 11:44 AM

ඔව් ඔව් මහමොලකාරයාට අවුරුදු 1400කට කලින් ක්‍රිස්තියානි කාරයෝ වහ දුන්නා කියලා කියනවා.

:       0       2

සමරසිංහ Monday, 10 April 2023 06:15 AM

දැන් කාලයේ අහන්න, දකින්න ලැබෙන දේවල් අනුව වැඩ සිද්දවෙන්නේ වින්දිතයින්ට අගතියක් වෙන්න තමයි. ඔබ වහන්සේසේ එක සිද්ධියක් ගැන විතරයි කියන්නේ මම සාමාන්‍ය දෙයක් කියන්නේ... එක ගොවියෙක් වී අස්වැන්න වේලෙන්න දමා තේ බීමට නිවසට ගිය වෙලාවේ මීහරක් රංචුවක් වී ටික පාගාගෙන ගිහිල්ලා ආපසු එද්දී ගොපල්ලා ඉන්නවා දැකලා වී ටිකේ තිබුණු මඩගුලි අයින් කරන්න කියලා ගොපල්ලා අයිතිකරුට එහෙම කිව්වා කියලා අයිතිකරු මැර කණ්ඩායම් අරගෙන ඇවිල්ලා කඩුවලින් කපාකොටා දවස් 18 ක් සැගවී සිට තියෙනවා. මෙහිදී දරුවෙකුට ගහපු නිසා 1919 ට කියලා හිතෙනවා පොලිසිය ඇවිත් 1919 ට කිව්වා නම් බලාගනිල්ලා කියලා තර්ජනය කරලා කියලයි. ආරංචිය පස්සේ පළාතේ පොලිස්පතිට කිව්වට පස්සේ නීතිවේදීන් රංචුවක් එක්ක ඇවිත් බාරවෙන්නලු... එදිනම ඔවුන් එළියට ගත්තේ හොරහරක් ජාවාරමේ ශක්තිය නිසා වෙන්න ඇති. ඒ නිසා ඕකම අල්ලාගෙන ඉන්නේ නැතුව රටේ අනන්ත සිදුවන මෙහෙම දේවල් ගැනත් අවධානයට ගන්න.

:       0       1

swene Monday, 10 April 2023 06:50 AM

මේ රටෙහි රාජ්‍ය පාලනය සහ යුක්තිය පසිඳලීම ගැන සැලකූ විට බලය, යුක්තිය වනවා මිස යුක්තිය, බලය නොවන බව පසක් වී ඇත.

:       1       1

Bamunuarachchi Tuesday, 11 April 2023 06:31 PM

පාදිලි තුමෝ සියල්ල සිද්ද උනේත් සිද්දවෙන්නෙත් දෙවියන්ගේ කැමැත්තට අනුවයි නේද?

:       0       0

Bamunuarachchi Tuesday, 11 April 2023 06:51 PM

දෙවියන් වහන්සේ යුක්තිය ඉටු කරාවි නේද? කාදිනල් තුමා හිතන විදිහට අහිංසක මිනිසුන්ව වරදකරුවන් කොරන්න බැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site