IMG-LOGO

වනජිවි වෛද්‍යවරයාට කොටි ප්‍රහාරයක්

(චන්ද්‍රසේන ගමගේ)

තිස්සමහාරාම රන්මිණිතැන්න රොටවැව කැළෑබද ප්‍රදේශයක මද්දකට හසුව සිටි දිවියකු බේරා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටි වනජීවී වෛද්‍යවරයකු දිවියාගේ පහරදීමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ බව වනජීවී නිළධාරීහු පවසති.

යාල වනෝධ්‍යානයට ආසන්නව දිවියකු මද්දකට හසුව සිටින බවට වන ජීවී නිළධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව ඌව පළාත් බාර වනජීවී වෛද්‍ය ඩබ්ලිවු. ඒ. ධර්මකීර්ති මහතා ප්‍රමුඛ කන්ඩායමක් අද පෙරවරුවේදී රොටවැව ප්‍රදේශයට පැමිණ දිවියා බේරා ගැනීම සදහා මෙහෙයුම ක්‍රියාත්මක කරද්දී  එකවරම මද්ද කඩාගත් දිවියා වනජීවී වෛද්‍ය මාලක අබේවර්ධනගේ ඇඟට පැන ඔහුගේ දකුණු අත වැලමිට ප්‍රදේශයෙන් සපා කා තිබේ.

වනජීවී නිළධාරීන් ගේ කෑ ගැසීමත් සමඟ දිවියා කැළයට පැන ගොස් තිබුණි.

දිවියාගේ පහර දීමෙන් තුවාල ලැබූ වනජීවී වෛද්‍යවරයා වහාම වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කොට තිබේ. එහිදී වනජීවී වෛද්‍ය වරයා සැත්කමකටද ලක් කොට තිබේ.

 



අදහස් (6)

වනජිවි වෛද්‍යවරයාට කොටි ප්‍රහාරයක්

විජිත් Saturday, 11 March 2023 06:37 PM

හිතවත් මාලක, වනජීවීන් වෙනුවෙන්ම ජීවිතය කැපකළ උදාර මිනිසෙක්වන ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.

:       0       51

ප්‍රවීන් Saturday, 11 March 2023 08:42 PM

ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට...

:       0       0

tharindu Saturday, 11 March 2023 09:05 PM

අනේ අපේ යාළුවා. අපේ ඉස්කෝලේ එකට ඉගෙන ගත්තු එකා.. ඉක්මන සුවය මචන්..!!!

:       0       0

Sherine chandrasrkara Saturday, 11 March 2023 09:20 PM

මම නම් ඕවා ඉගෙනගෙන නැහැ.. ඒත් ඔහොම සත්තුන්ට මුලින්ම නිර්වින්දන එන්නත මම දන්නා තරමින් පිස්තෝලයකින් වගේ විදලා, ඌව අඩපණ කරලයි මොන දේත් කරන්න ඕනෑ. හිතාගන්න බැහැ මොනවද කරන්නේ කියලා... බෙහෙත් නැතිනම් නිර්වින්දනය කරන්න අනිවාර්යයෙන් යා යුතු නැහැ...

:       0       0

Pathma kumari kapugedara Sunday, 12 March 2023 12:50 AM

ඉක්මන් සුවය ලැබේවා...!

:       0       0

Saman Nanayakkara Sunday, 12 March 2023 11:55 AM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 929 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site