IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වධ හිංසා පැමිණිලි ඉහළට

 නිල බලය භාවිත කරමින් වධ හිංසා පැමිණවීම පිළිබඳ පැමිණිලි 413ක් පසුගිය වසරේ ලැබුණු බවත්, මෙම වසරේ පළමු කාර්තුවේ එවැනි පැමිණිලි 43ක් ලැබී ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පැවසුවාය.

ලැබුණු පැමිණිලි ගණන එය වුවත් වාර්තා නොවූ සිදුවීම් තවත් තිබෙන්නට පුළුවන් බව ද ඇය කීවාය.

උඩගම මහත්මිය එලෙස පැවසුවේ ඊයේ (29) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

‘වද හිංසාවට තිත‘ මැයෙන් අද (30) ද්වීප ව්‍යාප්තව පවත්වන පාගමන සහ වද හිසා තුරන් කිරීමට මානව හිමිකම් කොමිසම ගන්නා ක්‍රියාමාර්ග ගැන දැනුම්වත් කිරීමට එම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබිණි.

එහි දී අදහස් දැක්වූ ආචාර්ය දීපිකා උඩගම මහත්මිය මෙලෙස ද කීවාය.

‘‘පුද්ගලයන් අතුරුදන් කිරීමේ සිදුවීම් මෑත කාලයේ වාර්තා නොවූවද වද හිංසා පැමිණවීමේ සිදුවීම් රැසක් වාර්තා වෙනවා. විශේෂයෙන් පොලිස් භාරයේ සිටිය දී වද හිංසාවට ලක්වන පුද්ගලයන් ගැන වාර්තා වෙනවා.

වද හිසාවට තිත තැබිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වද හිංසාවලින් වැලකීමේ අයිතියක් ජනතාවට තිබෙනවා. ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමා පනවා නෑ. වද හිංසාව වද හිංසාව කිසිම ආකාරයකින් සාධාරනී කරණය කරන්න බැහැ. ගැටුම්කාරී අවස්ථාවල වුවත් වද හිංසාව සාධාරීකරණය කරන්න බැහැ.

1994 අංක 22 දරණ වද හිංසාවට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාවේ නීතියට ඈඳෑ ගැනීමේ පනත අනුව වද හිංසාව අපරාධයක්. අපරාධ නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක විය හැකියි.

නිල බලය භාවිත කරමින් මානසික හෝ ශාරීරිකව වේදනාවක් ඇති කිරීමයි වද හිංසාව කියන්නේ.

තොරතුරු  ලබා ගන්න සහ දඬුවමක් වශයෙන් නිල බලයෙන් වද හිංසාව පමුණවනවා. මෙය නීතිය අනුවත් වරදක්. මීට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතුයි. වද හිංසනය එරෙහිව දශක ගණනක් තිස්සේ දැඩි පියවර ගැනීමේ අඩුකමක් තියෙනවා.

වද හිංසන ලබා දී සැකකරුවන්ගෙන් ප්‍රකාශ ගැනීම ප්‍රථාමික දෙයක්. සැකකරුවන්ගෙන් තොරුතරු දැනගැනීමට වෙනත් උපක්‍රම තිබෙනවා. ඒ සඳහා මනෝවිද්‍යාත්මක ක්‍රම තිබෙනවා. පොලිසියේ වෘත්තීය තත්ත්වය ඉහළ නැංවිය යුතුයි. එමෙන්ම පොලිස් සාමාජිකයන්ට පුහුණු වැඩසටහන් පැවැත්විය යුතුයි. නවීන තාක්ෂණය ගැන දැනුම්වත් කළ යුතුයි.

වද හිංසා අවම කිරීම සඳහා මහජනතාව දැනුම්වත් කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපි වෙනම අද (30) උදේ 8.30 පාගමනක් සූදානම් කර තිබෙනවා. ප්‍රධාන කාර්යාලයයෙන් ආරම්භ වන දැනුම්වත් කිරීමේ පාගමනට ජනපතිට, අගමැතිට, කතානායකට සහ මැතිඇමැතිවරුන්ටත් ආරාධනා කර තිබෙනවා.

ඊට සමගාමීව අපේ ප්‍රාදේශීය කාර්යාලවලත් දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙනවා. දැනුම්වත් භාවය තුලින් වද හිංසා වැලැක්වීමට කටයුතු කළ යුතුයි. ‘‘

මෙම මාධ්‍ය හමුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වුණු අතර කොමසාරිස්වරුන් වන ආචාර්ය උපනන්ද විදානපතිරණ සහ අම්බිකා සද්ගුනනාදන් ද සහභාගී වූහ.

C-_Users_dld_Desktop_IMG_0305



අදහස් (4)

වධ හිංසා පැමිණිලි ඉහළට

අයිරාංගනී Wednesday, 29 June 2016 04:19 PM

එහෙමනම් ඉතින් බොහෝ දෙනෙකුට දඬුවම් ලැබෙයි නේද? (නි)

:       0       0

සුමිත් Wednesday, 29 June 2016 05:06 PM

තව නොබෝ දිනකින් බලාගන්න පුළුවන් ගෙවල් වල සිද්ධවෙන වධ හිංසාත් මොනවගේද කියලා (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 29 June 2016 11:27 PM

රටක වැදගත්කම පෙන්වන ප්‍රධානම සාධකයක් ලෙස මානව අයිතිවාසිකම් සුරැකීම හඳුන්වන්න පුළුවන්. ප්‍රමාද වී හෝ මානව අයිතිවාසිකම් කඩවීම වළක්වා ගැනීමට උගත් බුද්ධිමත් කාන්තාවක් වෙත බලය පවරාදීමෙන් වත්මන් රජය ගත් පියවර ආරක්ෂා කරගැනීමට සියලුම රාජ්‍ය සංස්ථා සිය සහයෝගය මෙම කොමිසමට ලබාදීමට උත්සුක වියයුතුයි. (නි)

:       0       0

Senarath bandara Sunday, 21 May 2023 10:23 AM

අපි රාජකාරි කරන ස්ථානයේ ප්‍රධානියා විසින් පහල අය තලාපෙලා අපහසුතාවන්ට ලක්කරනවා.අසාධාරන බොහෝමයක් කරනවා.ඒ ඒ නිල වලට පවරා ඇති රාජකාරි වෙනම තියනවා.ඒත් ඒ නිල වල ඉන්න අය ගොඩක් අපහසුතාවන්ට ලක්කරනවා.එම නිලධාරියා ඒකාධිපති පාලනයක් අරන්යන්න හදන්නේ.අපට වෙන අකටයුතු කමි වලට පිලියමක් ගන්නේ කෝමද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 578 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site