IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘විධායකයේ ඇතැම් බලතල වෙනස් නොකළ යුතුයි‘

විධායක ජනපතිධූරය අහෝසි කළ යුතු වුවත් ජාතික ආරක්ෂාවට බලපාන එහි පවත්නා බලතල වෙනස් නොකොට එසේම රඳවා තබාගත යුතු බව මහජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

විධායක ජනපති ධූරයේ හා ඡන්ද ක්‍රමයේ පමණක් නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී අනෙකුත් වෙනස්කම් සම්බන්ධයෙන් ද පොදුජන මතය විමසිය යුතු බව ගුණවර්ධන මහතා සඳහන් කළේය. 

Dinesh_2016131563



අදහස් (0)

‘විධායකයේ ඇතැම් බලතල වෙනස් නොකළ යුතුයි‘

විදානේ Monday, 04 January 2016 12:59 AM

ඉතින් දැන් ඒක කරනවනේ. ඔබතුමාගේ අදහසුත් දෙන්න. එතකොට සළකා බලා ඔබතුමා වැනි අය තවත් ඉන්නවා නම් ඔවුන්ගේ අදහසුත් ඇතුව වැඩේ කරන්න පුලුවන් (නි)

:       0       0

ශාන සෞදි Monday, 04 January 2016 04:38 AM

විධායක ජනපතිධූරය අහෝසි කළ යුතු වුවත් ජාතික ආරක්ෂාවට බලපාන එහි පවත්නා බලතල වෙනස් නොකොට එසේම රඳවා තබාගත යුතු බව කියන කතාවට මමත් එකඟයි නැත්නම් අපේ රටේ ඉන්න දේසපලකයෝ අපේ රට විනාස කරලා තමයි නතර වෙන්නේ. අනෙක හදිසි අවස්තාවකදී පාර්ලිමේන්තුවෙන් අවසර ලබාගන්න බලා ඉන්න අවශ්‍ය නෑ. ජනපතිට කෙලින් තීරණයක් ගැනීමේ බලය තිබිය යුතුයි. ප්‍රධාන වශයන් ත්‍රස්තවාදී ක්‍රියා හා බලපෑම් හමුවේදී සේනාදී නායක තනතුරේ කිසිදු බලතලයක් අඩුකළ නොයුතුය. (ස)

:       0       0

නවීන් Sunday, 03 January 2016 11:22 AM

දැන් නිකන් බොරුවට මාධ්‍ය සංදර්ශන තියා තියා ජනතාව රවට්ටන්න එපා. (හේ)

:       0       0

රිකී Sunday, 03 January 2016 02:30 PM

කාට නැතත් දිනේෂ් ට කන් දිය යුතුයි. (හේ)

:       0       0

ෆාරා Sunday, 03 January 2016 04:10 PM

අාවේනම් එහෙම කියාගෙන දැන්, කොහොම වුනත් දැන් රස ඇති (බ)

:       0       0

විජිත් Sunday, 03 January 2016 05:43 PM

ඔය කෑගහන කට්ටිය 18 වන සංශෝධනයට අත උස්සලා ව්‍යවස්ථාවට කෑලිඑකතුකලේ ජනතාවගෙන් අහලාද..?ඔවා දෙනු පරහට...අපි මැරිලා ඉපදුනේ නැහැ. (අ)

:       0       0

සුමිත්‍ර බස්නායක Sunday, 03 January 2016 06:27 PM

පොදු ජන මතය විමසන එකනම් බොහොම හොද දෙයක්. (අ)

:       0       0

මහින්ද සෞදි Sunday, 03 January 2016 06:32 PM

නවින්;මාධ්‍ය සංදර්ශන තියන්න තරම් ඒ අය බොළඳ නැත. රටට වෙන දේවල් ගැනත් වෙන්න තියන දේවල් ගැනත් මනා අවබෝදකින් තමයි යමක් කීවොත් කියන්නේ,දැනටමත් සිද්ද වෙන්නේ මොනවද කියල ඔබට නොතේරෙන එක කණගාටුවට කරුණක්. (අ)

:       0       0

අජිත් රණසිංහ Sunday, 03 January 2016 07:01 PM

දැන් මොලේ පීදීගෙන එනව වගේ . මහජන එක්සත් පෙරමුණ . අනේ මැරිච්ච පක්ෂයක්. පියා නතර වුන තැන මෙයත් නතර වුනොත් පුදුම නැහැ . කාලය නාස්ති කරපු මෝඩ දේශපාලකයෝ.(අ)

:       0       0

සමන්ති Sunday, 03 January 2016 07:25 PM

ඇයි දියවන්නාවේදී කියන්න බැරිද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site