
(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රමාණවත් සුබසාධක පහසුකම් සපයා නොමැති වීම සහ අධික ලෙස වැඩ ගැනීම හේතුවෙන් තායිලන්තය තෑගි තවත් තවත් අලි ඇතුන් දෙදෙනෙකු එරටට ගෙන්වා ගැනීමට තීරණය කර ඇතැයි තායිලන්ත තේගර් වෙබ් අඩවිය වාර්තා කළේය.
තායිලන්ත තෑගි කළ එම අලි ඇතුන් දෙදෙනා නැවත ගෙන්වා ගැනීම සඳහා එළැඹෙන 28 වැනිදා තායිලන්ත බලධාරීන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට නියමිත බවද එහි දැක්වේ. එම අලි ඇතුන් දෙදෙනාගේ සුබ සාධනය නිසි ලෙස ඉටු නොවීම හේතුවෙන් තායිලන්තය අලි ඇතුන් දෙදෙනා නැවත කැඳවා ගැනීමට සූදානම් වන බවද එම වාර්තාවේ සඳහන් වේ.
අලි ඇතුන් දෙදෙනාගේ සුවදුක් බැලීම සඳහා වාහාම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන බව තායිලන්ත නියෝජ්‍ය අගමැති සහ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය සුචාර්ට් චොම්ක්ලින් ඔහුගේ මුහුණු පොත් ගිණුමේ පෙරේදා(23) සටහනක් තබමින් ප්‍රකාශ කර ඇතැයි එහි දැක්වේ. තායිලන්ත රජය අලිඇතුන් දෙදෙනාගේ සුබ සාධනය පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරන බවද එම වාර්තාවේ සඳහන් වේ.
ප්‍රතූ පා 1979 වසරේදී තායිලන්තය තෑගි කර ඇති බවත් වර්තමානයේ ප්‍රතූ පා දළදා මාළිගාවේ සිටින බවත් එම වාර්තාවේ දැක්වේ. නැවත තායිලන්තයට ගෙන්වා ගත් සක්සුරින් සමග 2001 වසරේදී තෑගි කළ ශ්‍රී නරොන්ග් වර්තමානයේ කතරගම කිරිවෙහෙර පන්සලේ සිටින බවත් එහි සඳහන් වේ.

2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වද හිංසා වැඩී : තෑගි දුන් තායි අලි යළි රැගෙන යයි
ජිල්බු Friday, 24 October 2025 03:56 PM
ලාංකික බෞද්ධයාගේ සත්ව කරුණාව ගැන ජාත්‍යන්තරව කියවෙන තවත් එක් සොඳුරු අවස්ථාවක්.
Lakshmi NagodavithabeSaturday, 25 October 2025 09:59 AM
අනේ... අරගෙන යන්න කියන්න. ආඩම්බර පෙන්නනවා ලංකාවට...
Nishantha Friday, 24 October 2025 05:00 PM
මේක බොහෝම හොද දෙයක්... අහිංසක සතුන්ට වද දීලා පෙරහැර කෙරිල්ලක් බුදුන් වදාරලා නැ. මෙක දන්ත ධාතුන් වහන්සේටත් අගෞරවයක්.
Ran Tha Friday, 24 October 2025 06:42 PM
කොච්චර ලැජ්ජාවක්ද?
ගුණරත්න Friday, 24 October 2025 08:30 PM
මම සෝමාවතිය වඳින්න ගිය වෙලාවේත් හස්තියෙක් විදුලි වැටකින් මායිම් කරපු ඉතා කුඩා සීමාවක තද අව්වේ ඉන්නවා දැක්කා. ලංකාවේ බෞද්ධයින් සහ රජය සත්ව හිංසනය ගැන සොයා බලන්නේ නැහැ. මේ සිදුවීම් ඉතා ලැජ්ජා සහගතයි.
fairoos Saturday, 25 October 2025 05:29 PM
ඉතාම කණගාටුයි... පන්සල්වල හැදෙන සතුන්ගේ වැඩත් ගන්නවාද?