IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වෙද මහතාට ඇප

තුන්මාසයක්  වයසැති  මොහොමඩ් අම්ජාඩ් දරුවාට සුන්නත් සැත්කමක්  කළ ආයුර්වේද වෛද්‍ය මොහොමඩ් නියාස් ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය නියෝග කළාය.

සුළු සැත්කම් කිරීමට ආයුර්වේද වෛද්‍ය සභාවෙන් ඔහුට අවසර දී ඇතැයි ඉදිරිපත් කළ ලිපියක් සලකා බැලු මහේස්ත්‍රාත්වරිය  ඔහු රුපියල්  පනස්දහසක ශරීර ඇප දෙකක් මත මුදා හැරියාය.

ඔහුගේ ගමන් බලපත තහනම් කළ අතර පැමිණිල්ලලේ සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙස අවවාද කැරිණි.

එම සැත්කමෙන් පසු දරුවා බොරැල්ල ළමා රෝහලේදී මිය ගියේය.

 

 



අදහස් (0)

වෙද මහතාට ඇප

චන්ද්‍රා වීරසිංහ Thursday, 19 June 2014 06:06 AM

ආයුර්වේදයේ කියන්නේ තුන්දොස් කිපීමෙන් ලෙඩ හැදෙන බවක්ය. මෙවැනි රෝගීන් ආසන්නයේ ඇති රජයේ රෝහලකට යවනවා නම් ජීවිත හානි වළක්වා ගත හැකියි නේද? (නි)

:       0       0

ආනන්ද Thursday, 19 June 2014 07:22 AM

මෙම සුන්නත් කිරීම දැන් යුරෝපීය රටවල් තහනම් කර තිබෙනවා. ඉතා සංවේධි ස්ථානයක කැපුමක් කිරීම අතිශයින්ම අනතුරුදායක කරුනක්. මේ පිළිබඳව අදාල පාර්ශව පමනක් නොව ජාතික මට්ටමෙන්ද තීරණයකට එළඹීම අවශ්‍යය.(නදී)

:       0       0

දමිත් Wednesday, 18 June 2014 06:59 PM

ඉහත ප්‍රතිචාර කියවීමේදී පැහැදිලියි මුස්ලිම් මිනිසුන් කොච්චර එකමුතුද කියලා. (නි)

:       0       0

එඩ්වර්ඩ් Thursday, 19 June 2014 05:15 PM

කාගේ අතිනුත් වැරදීම් වෙනවා (නි)

:       0       0

ලක්ෂපාන Wednesday, 18 June 2014 09:18 PM

එයා හිතා මතා නොකරත් ඒ දේ කිරීමට සුදුසුකමක් ඔහු සතුව නැති බවයි මානම් දන්නේ. හොර වෙදෙක් නම් අහිංසක ජීවිතත් එක්ක සෙල්ලන් කරාට ඔහුට දැඩි දඩුවන් දිය යුතුමයි. ඒ අහිංසක දරුවාගේ දෙමව්පියන්ට දැනෙන දුක මෙතන අදහස් දමන කිසිම කෙනෙකුට කිසිම දිනක දැනෙයිද? (නදී)

:       0       0

ශිහඩ් Thursday, 19 June 2014 10:42 AM

සුන්නත් කිරීම කිසිම රටක තහනම් කරන එකක් නැහැ මොකද එයින් කොතරම් ලෙඩ රෝග වලක්වා ගත හැකිද? එලෙසම පිරිසිදු බාවයට කොතරම් එය හොදද? මුස්ලිම් ආගමේ නොවන කී දෙනෙක් නම් මෙය කරගෙන තියෙනවද ස්‌ව්‍යං කැමැත්තෙන්. ඔහුන් නිවැරදි දේ තේරුම් අරන් කරගෙන තියෙනවා (නදී)

:       0       0

නිසාර් Wednesday, 18 June 2014 05:38 PM

ඔහු මෙය හිතාමතා කළ දෙයක් නෙමෙයි නේද? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 19 June 2014 01:28 AM

සිදුවුණ දෙය ගැන හරිම කණගාටුයි. නමුත් මේ කාරණයේදී දෙමාපියන් හරි කල්පනාවෙන් කටයුතු කිරීම වඩාත් වැදගත්. (නි)

:       0       0

උපාලි Wednesday, 18 June 2014 06:02 PM

නමුත් පවු අහිංසක දරුවා! (නි)

:       0       0

ශිහාඩ් Wednesday, 18 June 2014 06:02 PM

එය අත්වැරදීමක් වියහැකියි (නි)

:       0       0

නන්දසිරි Thursday, 19 June 2014 04:26 AM

ඇත්ත. ඔහුට වරදින්න ඇති. වැරදීම් කාටත් වෙනවා (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 June 2014 06:08 PM

අන්තිමේදී අහිංසක දරුවෙක් රටට නැති වුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site