IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘වාද නැතී බේද නැතී ලස්සන රටක් ගොඩනගමු‘

ගිය වසරේ දිනාගත් නිදහස වඩාත් තිරසර, අර්ථ සම්පන්න කරගැනීමේ වගකීම දැන් අප සැම සතුය. ඒ සඳහා ජාති, ආගම්, පක්ෂ පාට භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බවඅ ගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික නිදහස් දින පණිවිඩයෙන් කියයි.

සදාචාරසම්පන්න දේශයක් ලෙස අප රට ඔසවා තබමින් ‘එකම දැයක් - මහ බලයක්‘ ලෙස සමස්ත ජනතාව එක්සත් කරමින් 68 වැනි නිදහස් දිනය සමරන්නට ලැබීම අප ලද ජයග්‍රහණයක් බවත් අගමැතිවරයා සිය පණිවිඩයෙන් කියයි.

‘යටත්විජිත භාවයෙන් රට මුදාගන්නට සියලු ජන කොටස් ඒකරාශී කර පෙරමුණ ගත්තා සේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීය හිමිකම් මර්දනය කරමින් ජාත්‍යන්තරය තුළ රට අපකීර්තියට පත්වෙමින් පැවැති අඳුරු වකවානුවක ඒකාධිපතිවාදයෙන් පවුල්වාදයෙන් රට මුදාගැනීමට අපි පෙරමුණ ගෙන කටයුතු කළෙමු. ජනවාරි 8 ලැබූ ජයග්‍රහණය එහි විශිෂ්ටතම ප්‍රතිඵලයකි‘ යනුවෙන්ද වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තරය ඉදිරියේ මානව හිමිකම් සුරකින නිදහස් ගෞරවනීය රටක් ලෙස නැවතත් අපගේ අනන්‍යතාවය තහවුරු කරගනිමින් සිටින බවත් නීතිය, සාමය හා සංහිඳියාව සුරකිමින් දියුණු සමාජ ආර්ථික පරිසරයක් රට තුළ ගොඩනැංවීමේ භාරදූර කර්තව්‍යයද අප ඉදිරියේ ඇති බව අගමැති සඳහන් කර ඇත.

 



අදහස් (0)

‘වාද නැතී බේද නැතී ලස්සන රටක් ගොඩනගමු‘

ඉන්ද්‍රජිත් Thursday, 04 February 2016 10:42 AM

කවදාවත් කරන්න බැරි දෙයක්.(හේ)

:       0       0

ආර්.සම්පත් Sunday, 07 February 2016 05:28 AM

අපි නම් ඉගෙනගෙන තියන්නේ 1948 නිදහස ලැබුනා කියලා නමුත් වාද බේද නැති ලස්සන රට නුදුරු අනාගතයේ තියනවා කියල නම් හිතෙනවා ...(කෞ)

:       0       0

දසුන් Thursday, 04 February 2016 06:42 AM

1948 නිදහස නිදහසක් නෙවෙයිද. (බ)

:       0       0

මහින්ද සෞදි Thursday, 04 February 2016 07:02 AM

හුරේ වොකස් වැගන්.මෝටර් සය්කල්.ජයවේවා! (ම)

:       0       0

නිමල් ලාලිත Thursday, 04 February 2016 08:40 AM

කාගේ කාගේ බල පෙරේත කෙරුව්වත් , සිංහලයාට පුංචි පවුල රත්‍රන් තේමාවත්, එකිනේකාට කෙනෙහිලි කම් කිරීමේ පුරුද්දත්,අනිත් අය ජනගහනය වැඩිකිරීමේ ක්‍රමයත් නිසා මේ රටේ සිංහලය සුළු ජාතිය බවට නුදුරු අනාගතයේ පත්වුදාට මේගොල්ල පතන වාද බේද නැති ලස්සන රට ඇතිවේවි. (බ)

:       0       0

හේරත් Thursday, 04 February 2016 09:05 AM

ගිය වසරේ නෙමේ නිදහස ලැබුනේ. මෙහෙමත් අය (බ)

:       0       0

අනු Thursday, 04 February 2016 09:20 AM

1948 , 2009 නිදහස නිදහසක් නෙවෙයිද? (බ)

:       0       0

සිරි Thursday, 04 February 2016 09:24 AM

වාද බේද ඇතිකරන්නේ තමුන්මනේ??? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site