විදුහල්පති 3 වැනි ශ්‍රේණියේ විභාගය සමත්ව සිටින 3901 දෙනෙකු ජාතික හා පළාත් පාසල්වලට විදුහල්පතිවරුන් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීම සඳහා කැබිනට් අනුමැතිය අද (27) ලැබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
මෙතෙක් කල් එම පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන් ලෙස කටයුතු කළ අයගෙන් කොටසක් ද මෙම විභාගයට පෙනී සිට සමත්ව සිටින බව කී අමාත්‍යවරයා ඉතිරි අයගෙන් වසර තුනකට වැඩි කාලයක් වැඩ බලා ඇති විදුහල්පතිවරුන් 250 දෙනාටත්, වයස අවුරුදු 50ත් 60ත් අතර පසුවීම නිසා විභාගයට පෙනී සිටීමට නොහැකි වූ 570 දෙනා වෙනුවෙනුත් වෙනම විභාගයක් පවත්වා තුන්වන පන්තියේ විදුහල්පතිවරු ලෙස බඳවාගැනීමට හා ඊට අයත් නොවන වැඩ බලන විදුහල්පතිවරුන්ට නියෝජ්‍ය විදුහල්පතිවරු ලෙස පත්වීම් ලබාදීමටත් කැබිනට් අනුමැතිය ලැබුණු බව ද ප‍්‍රකාශ කළේය.
විද්‍යා ගණිත ගුරු පුරප්පාඩු පිරවීමේදී එම උපාධිධාරීන්ගේ හිඟයක් පවතින බැවින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් විද්‍යා හා ගණිත උපාධි ලබාගෙන ඇති අයද ඒ වෙනුවෙන් බඳවාගැනීමට තීරණය කර ඇතැයි ද කාරියවසම් මහතා පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘විදුහල්පති පත්වීම් සඳහා කැබිනට් අනුමැතිය‘
විජේ Wednesday, 28 September 2016 02:21 AM
ස්තූතියි ලංකාදීප ප්‍රවෘත්තියට...
ගයාන් අභයරත්න Wednesday, 28 September 2016 02:22 AM
පුද්ගලික විශ්ව විද්‍යාල වලට මෝඩයෝ රිංගවන්න කරන වෑයමක් මේක. සංවාදයට විවෘතයි.
ආසිරි Wednesday, 28 September 2016 02:33 AM
අනේ ධම්ම, පාසල් වල වෛද්‍ය විද්‍යාව උගන්වන්නේ නැහැ.
සමන් Wednesday, 28 September 2016 03:37 AM
වැඩ බලන්න දීලා ඒ අයට විදුහල්පති දීම නම් අනුමත කරන්න බෑ. අධ්‍යාපනය කන්න තමා යන්නේ.පහුගිය කාලේ කාලා ඉතිරි ටික දැන් කනවා (බ)
ධම්ම Tuesday, 27 September 2016 03:01 PM
සයිටම් සිසුන්ට රජයේ රැකියාවක් සඳහා හොඳ අවස්තාවක්. (අ)