IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විදුහල්පති අබිරහස් ලෙස මැරිලා

මීගමුව ශාන්ත මරියා විදුහල්පති  මැක්ස්වෙල් ප්‍රනාන්දු (59) මහතා කැපුම් තුවාල සහිතව පාසලේ නාන කාමරයේ වැටී සිටි බවත් රෝහලට ඇතුළු කරන විට ඔහු මිය ගොස් සිටි බවත් පොලීසිය කියයි.

අද උදේ 6.30ට පමණ ඔහු පාසලට පැමිණ ඇති බව ද,    7.30ට පාසලේ උදේ රැස්වීමට විදුහල්පති සොයන විට තුවාල සහිතව වැටී සිටිනු දැක ඇති බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

විදුහල්පති අබිරහස් ලෙස මැරිලා

තිලක්-ඩුබායි Monday, 30 September 2013 11:45 PM

මම ලංකාවට යන්න කියලා ටිකට් එක අතට ගනිද්දී පුදුම බියක් ඇති වෙන්නේ. (නි)

:       0       0

ජයසූරිය Monday, 30 September 2013 10:12 AM

අරහෙන් දණ ගස්සනවා ,මෙහෙන් මරනවා, එහෙන් උස්සනවා. ගුරුවරුන්ට මහා අපල කාලයක් උදාවෙලා ආයුබෝවන්.... (ස)

:       0       0

තබුක් සිල්වා Monday, 30 September 2013 10:17 AM

පහු ගිය දවස්වල රට තුල ආන්දෝලනයක් ඇති කල සිදුවීමත් සිහිට නැගෙන විට කොහොමද අප්පෙ විදුහල්පතිලා විස්වාස කරන්නෙ..... (ස)

:       0       0

කුරේරා Monday, 30 September 2013 10:35 AM

අපේ අනාගතය දැන් ඉතාම භයානක තත්වයකට පත්වෙලා. (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 30 September 2013 10:41 AM

තබුක් සිල්වා කීවා වගේ අද කාලේ කොහොමද විදුහල්පති කෙනෙකුව විශ්වාස කරන්නෙ.මෙහි රහසත් එළි විය යුතුමයි. (ස)

:       0       0

කුසුම් Monday, 30 September 2013 04:15 PM

ඉතාමත් ඛේදජනක සිද්ධියක්. මෙතුමා වසර 10 ක් මීගමුවේ ශා.මරියා විදුහලේ විදුහල්පති වශයෙන් සේවයකොට තිබෙනවා. ලබන නොවැම්බර් මස විශ්‍රාම යාමට නියමිතව සිටි බවද දැනගන්න තිබෙනවා. බොහෝ දුරට මෙය මිනීමැරුමක් විය හැකියි. අපරාධකාරයින් ගැන ළඟදීම හෙළිදරව් වේවි.මෙය සමාජය කොතරම් පිරිහීමකට පත්වී ඇද්ද යන්න ගැන උදාහරණයක් සපයන තවත් එක් කණගාටුදායක සිද්ධියක්. එතුමාට නිවන් සුව පතමි! (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 September 2013 04:32 PM

කුඩු ගහන්න පුරුදු වුණ ඉස්කෝලේ යන පාතාලයොත් දැන් ඉන්නවා. මේක එයාලගේ වැඩක්ද දන්නේ කොහොමද? (නි)

:       0       0

තිලක් - ඩුබායි Monday, 30 September 2013 11:32 AM

ජයසූරිය 2013-09-30 10:12:43 අරහෙන් දණ ගස්සනවා ,මෙහෙන් මරනවා, එහෙන් උස්සනවා. ගුරුවරුන්ට මහා අපල කාලයක් උදාවෙලා ආයුබෝවන්.... (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 30 September 2013 11:34 AM

මම දැක්කා පුවත් පතක තියෙනවා නඩු කාරයෙක්ගේ පුතෙකුත් සුදු වෑන් වලින් ඇවිත් උස්සන් ගිහින්, නැවත හවස ගෙනත් දාල කියලා.දැන් ඉතින් හොඳ හොඳ තීන්දු තීරණ ඉදිරියේදී ලබා දේවී.රටට ගිය කල දසාව ගැන නම් හරිම දුකයි. (ස)

:       0       0

රෝහණ Monday, 30 September 2013 11:41 AM

අපට ජීවිත කාලයේම අහන්න නො ලැබුන අධර්මිෂ්ට පිළිකුල් සහගත සිද්ධීන් දැන් හැමදාම අහන්න ලැබෙන්නේ. අද ලංකාවේ වැඩිපුර ඉන්නේ සත්තු, මිනිස් ගුණධර්ම තිබෙන අය නොවී. ඒවට මුලින්ම වග කියන්න ඕන දේශපාලකයින්. ඔවුන් ගේ ක්‍රියා පරිපාටිය නිසා හැමදාම රණ්ඩු, කෝලාහල, මිනීමැරීම් වෙනවා. (ස)

:       0       0

පියසිරි කටුනායක Monday, 30 September 2013 11:45 AM

තබුක් සිල්වා , හැම විදුහල්පතිම එකම මිම්මෙන් මනින්න එපා. (නි)

:       0       0

දොන්සේතං Monday, 30 September 2013 11:54 AM

ටිකිරි බණ්ඩෝ, මේකට කියන්නේ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලය කියලා. උද්ධමන වේගය ඉහළ යනකොට ප්‍රභු මර්දන වේගයත් වැඩි වෙනවා (නි)

:       0       0

නිලූ Monday, 30 September 2013 04:58 PM

දවසකට ප්‍රවෘත්ති වලින්ම අපරාධ කීයක් නම් දකින්න තිබෙනවද? (නි)

:       0       0

සරදියෙල් Monday, 30 September 2013 12:18 PM

මේකට එක හේතුවක් තමයි හැම දෙයකටම එකම විසඳුම වෙඩි තියන එක හරි කපා කොටා මරා දමන එක හරි කියලා උලුප්පලා පෙන්නන රිදී තිරය හෝ පුංචි තිරය. මිනිස්සුත් ඉතින් මේවා බලලා ඒ ආකාරයට කරන්න පෙළඹෙනවා (නි)

:       0       0

නන්ද Monday, 30 September 2013 05:31 PM

කොහොමද වැඩේ? පිළිවෙතින් පෙළ ගැහෙන එක අතිශයින්ම සාර්ථක වී ඇති බව දැන් පේනවා නේද? අපට කණගාටුයි පුංචි රෝමය ගැන. කුඩුකාරයෝයි, කප්පම්කාරයොයි රජ වෙලා.මීගමුවේ සිටින සෑම ආගමික නායක පුජක උතුමන්ලා එකාවන්ව නැගී සිටිය යුතු කාලය පැමිණ තිබේ. (නි)

:       0       0

ජීවක Tuesday, 01 October 2013 08:27 PM

එය සියදිවි නසාගැනීමක්.බොරුවට කලබල වෙන්න එපා මිනිසුනේ. (නි)

:       0       0

අමිළ කටුනායක Monday, 30 September 2013 07:24 PM

එක් පාසැලක ලමයි වගයක් ගුරුතුමියට නින්ද යන්න වතුර බෝතලයට බෙහෙතක් මුදු කරලා දුන්නා කියලා ආරංචි වුනේ නැද්ද?

:       0       0

පද්මිණි Monday, 30 September 2013 01:23 PM

අද සේරටම මැරුම් කන්න වෙන තැනට මේ රට පත් කල අපරාධකරයින්ට නම් හොඳක් සිද්ධ වෙන්ට එපා... (ස)

:       0       0

අමිළ කටුනායක Monday, 30 September 2013 07:31 PM

ළමයෙක් පාසැලට ගන්න බැහැ කියලද? (නදී)

:       0       0

ඉන්දික Monday, 30 September 2013 01:59 PM

කොහොමද එහෙම උනේ.(නදී)

:       0       0

සුගත් කල්පිටි Monday, 30 September 2013 02:16 PM

මේක රටක්ද මිනි කන්නන්ගේ දේශයක්ද? (නදී)

:       0       0

ඉන්දික Monday, 30 September 2013 02:19 PM

අද දවසේ උදෙන්ම විදුහල්පති කෙනෙක් මරලා. ලංකාවේ නීති හුගක් තද කලා නම් අද මේ වගේ දේවල් වෙන එක අඩු වේවි. සිංහලයා ගාවත් දැන් දැන් තිරිසන් ගති පැතිරිලා. පාසලක මුලිකයා මෙහෙම පාසැල තුල උදේම මැරුව එක ගැන අපට ලොකු සැකයක් තියෙනවා. දරුවන් ගැන උනත් දැන් පාසලට යවන එක ගැන දෙවරක් හිතන්න වෙලා නේද? (නදී)

:       0       0

අමිල - කටුනායක Monday, 30 September 2013 09:36 AM

කොහොමද එසේ සිදුවන්නෙ.. තනියමද හිටියේ... (ස)

:       0       0

රනා Monday, 30 September 2013 09:37 AM

විදුහල්පති කියන්නේ බෙල්ල ගහල යන ජොබ් එකක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 594 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site