කොළඹ විශ්වවිද්‍යාලයේ 2015 වර්ෂය සඳහා පශ්චාත් උපාධි ප්‍රධානෝත්සවය කුලපති ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පැවැත්විණි. මානව සම්පත්, නීතිය, සමාජ විද්‍යාව, පුස්තකාල කළමනාකරණය ඇතුළු විෂයයන් කිහිපයකට අදාලව මෙහිදී උපාධිධාරීන් 500 දෙනකුට පමණ පශ්චාත් උපාධි පිරිනැමිණි. මාලදිවයින අැතුළු ආසියාතික රටවලින් මෙහි පැමිණ පශ්චාත් උපාධිය ලබාගත් සිසු සිසුවියන් ද මෙයට ඇතුලත් වීම විශේෂත්වයකි.
ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1058
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් සිසුවෝ ලංකාවේ උපාධි ලබති
ඉෂාර Tuesday, 01 December 2015 03:25 PM
සුබ පැතුම්! (නි)
නිල්මිණි Wednesday, 02 December 2015 06:11 AM
හිටපු අගරදගුරු ප්‍රසාදීන් වහන්සේගේ අතින් පළමු උපාධිය සහ පශ්චාත් උපාධිය ලබාගත්ත දැනට අවුරුදු කීපයකට කලින්. එකල උන්වහන්සේ එක දිගට පැය ගණනක් හිටගෙන සිටිමින් දහස්සංක්යාත උපාධි ප්‍රධානය කලේ. හිටපු අගරදගුරු ප්‍රසාදීන් වහන්සේගේ මෙවර අසුන්ගෙන උපාධි ප්‍රධානය කරන ආකරය දුටුවම උන්වහසේගේ පරිපාලනය යටතේ ඉගෙන ගත් උන්වහන්සේට විශාල භක්තියක් ඇති ශිෂ්‍යයෙක් ලෙස හිතට දුකක් දැනුනා. (ස)
ලියොන් ගුණවර්ධන Tuesday, 01 December 2015 05:11 PM
රටට අවශ්‍ය වෛද්‍ය ,ඉංජිනේරු ,විද්‍යා තාක්ෂණ ආදී විෂයන්ගෙන් අපේ දරුවන්ට පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා පුද්ගලික විශ්ව විද්‍යාල ඇර හෝ අපේ දරුවන්ට පහසුකම් සැළසුවොත් නරකද? (නි)
පෙරේරා Tuesday, 01 December 2015 05:34 PM
මාල දිවයිනේ විශ්වවිද්‍යාල නැති නිසා වෙන්න ඇති ලංකාවට ආවේ නේද?(රේ)
කිත්සිරි Tuesday, 01 December 2015 09:26 PM
සතුටුවෙන්න පුලුවන් කාරණයක් (නි)
ජනක Tuesday, 01 December 2015 10:27 PM
මම උපාධිය සමත්වෙලාත් මෙවැනි උත්සවයකින් මගේ සහතිකපත ගන්න පින නැහැ. පිටරට රැකියාවට පිටත්වන්න සිදුවුණ නිසා (නි)
චම්පික Tuesday, 01 December 2015 10:42 PM
ඒ විතරක් නෙමෙයි. මාලදිවයිනේ හිටපු ජනාධිපති ඉගෙනගෙන තියෙන්නෙත් ලංකාවේ. නමුත් මේ යන විදිහට ලංකාවෙන් මාලදිවයිනේ විශ්ව විද්‍යාල වලට ළමයි යන දවසත් වැඩි ඈතක නොවෙයි. (නි)
සරත් Wednesday, 02 December 2015 12:32 AM
ලංකාවේ ඉන්න බොහොම දෙනෙක් ලංකාවේ අධ්‍යාපනය අවතක්සේරු කරනවා. ලෝකේ අනිත් රටවල් එක්ක බලනකොට ලංකාවේ අධ්‍යාපනය ඉහළ මට්ටමක පවතිනවා. (නි)
ගිම්හාන Wednesday, 02 December 2015 02:51 AM
ලංකාවේ තිබෙන එකම නිෂ්පාදන කළමනාකරණ පශ්චාත් උපාධියේ උපාධි ධාරින්ටත් ඊයේ උපාධි පිරිනැමුවා. අපේ රටේ නිෂ්පාදන අංශය දියුණු කළ හැකි ඉතා හොද උපාධියක්. මෙවැනි දේ අගය කළ යුතු වෙනවා. වෙනත් රටවලින් ලංකාවට එනවා කියන්නේ අපේ උපාධි වලට තිබෙන විදේශිය පිළිගැනීම. (ම)