(ඩී.ජී.සුගතපාල)
විදේශ රැකියා ලබා ගැනිම සඳහා විදේශ සේවා නියුක්ති කාරයංශයේ වෙබ් අඩවියට නම ඇතුලත් කරදිමට යයි පවසා ගාල්ලේ කාන්තාවකගෙන් රුපියල් හාර ලක්ෂයක් ලබා ගනිද්දි විදේශ සේවා නියුක්ති කාරයංශයේ හදිසි වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කන්තාවක මැයි 11 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද නියෝග කලේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ හම්බන්තොට ප්රනදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකි.
සැකකාරිය කලක් යුධ හමුදාවේ සේවය කර ඇති කාන්තාවක් බවද ඇය රටවටා විවිධ පුද්ලයින්ගෙන් මේ ආකාරයට මුදල් වංචාකර ඇති බවද අනාවරණය වි ඇත.
සැකකාරිය ගාල්ලේ කාන්තාවට පවසා ඇත්තේ ඊශ්රාකයලයේ රැකියා සඳහා යැවිමට සම්මුඛ පරික්ෂණ වෛද්ය් වාරතා ආදිය නොමැතිව විදේශ සේවා නියුක්ති කාරයංශයේ වෙබ් අඩවියට නම ඇතුලත් කල හැකි අතර ඒ සඳහා එහි නිලධාරින්ට රුපියල් හාර ලක්ෂයක් දිය යුතු බවය.
පසුව පැමිණිලිකාරිය මේ බව විදේශ සේවා නියුක්ති කාරයංශයේ දැනුම්දි මුදල් ලබා ගැනිම සඳහා ගාල්ලට එන ලෙස සැකකාරියට පවසා ඇත. ඒ අනුව සැකකාරිය පැමිණ මුදල් ලබා ගන්නා අවස්ථාවේ රැකවල්ලා සිටි විදේශ සේවා නියුක්ති කාරයංශයේ හදිසි වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් අද (27) සවස අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදෙස් රැකියා පෙන්වා හාරලක්ෂයක් ගන්න හැදූ කත රිමාන්ඩ්