IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


විදේශ කාර්යාංශයේ දූෂණ වංචා රැසක් හෙළිවෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා රැසක් පිළිබඳව පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් කමිටුව විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් කරුණු විමසීය.

කාර්යාංශය දැනට ක්‍රියාත්මක කරගෙන යන පුහුණු වැඩසටහන් අදාළ රාජ්‍ය ආයතනවලට ක්‍රමක්‍රමයෙන් බාරදීමට කටයුතු කරන්නැයිද  කෝප් කමිටුව නිර්දේශ කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා රැස්විය. මෙම කරුණු සාකච්ඡා කෙරුණේ එම රැස්වීමේදීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේඅධ්‍යක්ෂක මණ්ඩලයට විදේශ ‍රැකියා නියෝජිතයන් දෙදෙනකු පත් කරන්නේ කවර හේතු නිසාදැයි කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මෙහිදී  කරුණු විමසුවේය.

විදේශ රැකියා නියෝජිතයන් පත් කිරීමෙන්  ළැදියාවන්ගේ ඝට්ඨනයක් ඇතිවෙන බව කෝප් කමිටුව සඳහන් කළේය.

කාර්යංශයේ සුබසාධන ගිණුම සම්බන්ධයෙන් වෙනම මූල්‍ය ප්‍රකාශනයක් හා ගිණුම් කට්ටලයක් පවත්වාගෙන යායුතු බව විගණකාධිපතිවරයා මෙහිදී පැවසීය.

කුවේට් අරමුදල ඵලදායී ලෙස ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ. ඒ පිළිබද සවිස්තර සටහනක් ලබාදීමටද අමාත්‍යාංශ ලේකම්වරයා එකඟ විය.

කාර්යාංශයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සම්බන්ධ කරගනිමින් පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට කළ නිර්දේශය  නැවතත් සාකච්ඡාවට ගැනිණ.

විදේශ දූත මණ්ඩලවලට නිලධාරීන් පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳව තම නිර්දේශ කඩිනමින් ඉදිරිපත් කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දුන්නේය.

මේ සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  අනුර කුමාර දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, මේජර් සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, රාජිකා වික්‍රමසිංහ සහ නීතිඥ මධුර විතානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.



අදහස් (3)

විදේශ කාර්යාංශයේ දූෂණ වංචා රැසක් හෙළිවෙයි

kamal Friday, 20 January 2023 12:29 PM

හැබෑට ? අහන්නත් පුදුමයි.

:       0       5

Sunil Friday, 20 January 2023 01:46 PM

මේ රජය බලයට පත්වුණත් හරි මහා පරිමාණ දූෂණ නොමැති රාජ්‍ය ආයතන කිසිවක් නැති තරම්. දූෂණත් සුලු පටු ඒවා නම් නොවේ.

:       0       1

Lebbe Friday, 20 January 2023 03:05 PM

දූෂණ, වංචා නැති රාජ්‍ය ආයතන ලංකාවේ තිබේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 203 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 544 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site