IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදේශිකයන් දෙදෙනකු බැංකු දෙකකට සුද්දයක් දාලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඩී.ජී.සුගතපාල)

විදේශිකයන් දෙදෙනකු ව්‍යාජ කාඩ් දමා බද්දේගම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් රුපියල් ලක්ෂ 57 ක මුදලක්ද ගාල්ල කරාපිටිය රාජ්‍ය බැංකුවකින් රුපියල් 2,75,000 ක මුදලක් ද වංචනිකව ලබා ගෙන  පලාගොස් ඇතැයි බද්දේගම හා ගාල්ල පොලිසිය පවසයි.

බද්දේගම රාජ්‍ය බැංකුවකට පැමිණ ඇති විදේශිකයන් දෙදෙනකු ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබාගන්නා අයුරු එහි සවි කර ඇති ආරක්ෂක කැමරාවේ රූප රාමු පරීක්ෂාකර බැලීමේදී දක්නට ලැබී ඒ ගැන බැංකු කලමනාකරු  බද්දේගම පොලීසියට පැමිණිලි කර ඇත. මෙම බැංකුවේ ඇති ඒ.ටී.එම් යන්ත්‍රයෙන් රුපියල් 5000 නෝට්ටු1140 යන්ත්‍රයට කිසිදු හානියක් නොකර ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ් පතක් යොදාගෙන රැගෙන ගොස් ඇති බව බද්දේගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

හික්කඩුව හා කරාපිටිය යන ප්‍රදේශවල පිහිටි එම රාජ්‍ය බැංකු ශාඛා දෙකකින් ද මෙවැනි ආකාරයට  මුදල් ලබා ගෙන ඇති බවට දැන ගැනීමට ලැබීමෙන් පසු බද්දේගම බැංකු ශාඛාවේ කළමනාකාරවරයා ඔහු සේවය කරන බැංකු ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රය.ද පරීක්ෂා කර බැලීමේදී මෙම මුදල රැගෙන ගොස් ඇති බව පෙනී ගිය නිසා ඒ ගැන පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම බැංකුවේ පරිගණක දත්ත පද්ධතියේ මුදල් ඇති බව පෙන්නුම් කරනු ලැබුවත් ඒටීඑම් යන්ත්‍රය තුළ මුදල් නොමැති බව එම කළමනාකාරවරයා තවදුරටත් පොලිසියට දැනුම් දී ඇත.

මේ අතර ඊයේ දිනයේ තුළ ගාල්ල කරාපිටිය රාජ්‍යබැංකු ශාඛාවේපිහිටි ඒටීඑම් යන්ත්‍රයෙන් ද විදේශිකයන් දෙදෙනකු විසින් ව්‍යාජ කාඩ් පතක් යොදාගෙන රුපියල් දෙලක්ෂ 275000 ක මුදලක් රැගෙන පලාගොස් ඇතැයි ගාල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

එම බැංකු ශාඛාවේ කළමනාකාරවරයා මේ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

 



අදහස් (4)

විදේශිකයන් දෙදෙනකු බැංකු දෙකකට සුද්දයක් දාලා

prasanna Saturday, 31 December 2022 04:32 AM

එතකොට රොබරිකාරයෝද ලංකාවට එන්නේ.

:       0       18

ලුම්බිණි Saturday, 31 December 2022 05:44 AM

ඔන්න අපිට එන සංචාරකයෝ.

:       2       28

චන්දන Saturday, 31 December 2022 07:11 AM

මුං ලංකාව ට එන්නේ විදෙස් විනිමය ලංකාව ට ගේන්න නෙවෙයි . උන්දැලා ගෙ සංචිත වැඩි කරන්න . ලංකාව ට එන බහුතරයක් විදේශිකයන් ගෙන් බලාපොරොත්තු වන විදෙස් විනිමය ලැබෙන්නේ නැහැ . උණවටුන ප්‍රදේශයේ ගෙවල් බද්දට ගෙන ඔවුන් තම රටවල් වලින් එන අය ඒවායේ නතර කරල සල්ලි ආපහු තමන්ගේ රටටම යවනව.

:       0       12

නිහාල් Sunday, 01 January 2023 04:23 AM

යූරෝපයත් දැන් රිම් එකෙන් යන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site