
(අංජුල මහික වීරරත්න)
විදේශීය සංචාරකයන් සඳහා විශේෂ පහසුකම් සැලසීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විශේෂ කවුන්ටරයක් අද (24) සවස සිට විවෘත බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද සංචාරක සංවර්ධන කමිටුවේ නිර්දේශය අනුව මෙම කවුන්ටරය විවෘත කර තිබෙි.
අදාල කවුන්ටරය මෙි වන විට විවෘත බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශිකයන්ගේ පහසුවට ගුවන්තොටේ වෙනම කවුන්ටරයක්
Ranjan Monday, 24 April 2023 05:38 PM
මේ කවුන්ටරයෙන් වෙන සේවාව ගැන පැහැදිලි කරන්න කවුරුත් නැද්ද ඒ වගේම ලෝකය මීට වඩා විශාල තොටුපළවල් සහ සංචාරකයන් පැමිණෙන රටවල්වල මෙවැනි අනවශ්‍ය සේවාවන් නැත. මේ තවත් රැකියා සැපයීමේ ක්‍රියාපටිපාටියක්.. වෙනයම් දෙයක් සිදුවන්නේ නැත.
Bamunuarachchi Monday, 24 April 2023 05:57 PM
ඒක බොහොම අගය කළයුතු හොඳ වැඩක්...
Nandalal DESILVAMonday, 24 April 2023 08:50 PM
බොහෝම හොඳ වැඩක්. මම කීපවරක්ම කටුනායක ගුවන් තොටුපළේ කවුන්ටර එකින් එකට ගිහින් රස්තියාදු වුණු කෙනෙක් හැටියට, ජනාධිපතිතුමා ගත් මේ තීරණය ඉහළින්ම අගය කරනවා.
චමත් ඉතාලිය Monday, 24 April 2023 09:14 PM
ඉතා හොද වැඩක් .. සංචාරක කර්මාන්තයෙන් වැඩක් ගන්න ඕනනම් සංචාරකයන්ට මෙවැනි පහසුකම් දිය යුතුමයි
DD Monday, 24 April 2023 09:33 PM
අමුත්තන් සිනහමුසු මුහුණින් පිළිගන්න රේගු නිලධාරීන්ව දැනුවත් කරන්න
Janaka Monday, 24 April 2023 09:43 PM
අපෙන් බදු ගන්නවා කොහෙවත් ඉන්න හිඟන සුද්දන්ට පහසුකම් දෙනවා අපේ බදු මුදලින්
Dom Tuesday, 25 April 2023 02:25 AM
මේක ක්‍රියාත්මක කරන්ඩ මේතරම් කාලයක් ගත්තේ ඇයිද කියල විශ්වාස නෑ.
Dewdrop Wednesday, 26 April 2023 12:17 AM
කටුනායක එයාර් පෝර්ට් එකේ කවුන්ටර් වල වැඩකරන මිනිස්සු තරම් උද්ධච්ච තකතීරු හීනමානයෙන් පෙලෙන අය වගේ නම් මම කිසිම එයාපෝර්ට් එහෙක දැකලා සිරිත් විරිත් ආචාර ධර්ම ගැන අහලවත් තියෙනවද දන්නේ නැ. පාස්පොර්ට් එක ට සීල් එක ගහලා දෙනවා නෙමෙයි විසිකරනවා. දේශපාලන හයිය ඇරෙන්න වෙන කිසිම සුදුසුකමක් නැති අය පත් කරාම ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැ ඉතිං
dayananda Wednesday, 26 April 2023 06:48 PM
සියල්ලටම පෙර අපේ රටට ඇතුල්වෙන දොර නිසා සිනහා මුහුණෙන් යුතුව ආචාර කරලා වැදගත් අන්දමට දේශීය විදේශීය හැමෝම පිළිගන්න කාර්‍ය මණ්ඩලය පුහුණු කරන්න. පාදඩ දේශපාලන ජඩයින්ගේ හයිය හිතට අරගෙන වැඩකරන ඔලුව උදුම්මවාගෙන හිස් බයියෝ ඉවත්කරලා විනයගරුක නිලධාරීන් යොදවන්න 24 පැය පුරාම නිරීක්ෂණ මඩුල්ලක් (අපක්ෂපාතී) යොදවා සේවය පරීක්ෂා කර ත්‍යාග පිරිනැමීමක් තුළින් යම් වෙනසකට මුල පුරන්න... හොරකම් සඳහා කිසිඳු බුරුලක් නොදක්වා වටිනා සේවයක් කරන්නට වෙනසක් කරන්න.