IMG-LOGO

විදේශිකයන්ගේ නව අනුග්‍රාහක්තව නීතිය ලබන දෙසැම්බරයේ මැද සිට ක්‍රියාත්මකයි?

විදේශිකයන්ගේ රටට ඇතුළුවීම, පිටවීම සහ නේවාසිකත්වය සම්බන්ධයෙන් බල පැවැත්වෙන නීතිය දෙසැම්බර් මාසයේ මැද සිට බලාත්මක වන බව අභ්‍යන්තර අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අවධාරණය කරයි.


“එම නීතිය බලාත්මක කිරීමට පෙර එහි විධායක නියාමන නිකුත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා අමාත්‍යාංශය විසින් පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි” යනුවෙන් දේශසීමා, ගමන් බලපත්‍ර සහ ප්‍රවාසික කටයුතු සඳහාවන අධ්‍යක්ෂ මණ්ඩලයේ කපිතාන් අබ්දුල්ලාහ් කාලීෆා අල් මුහන්නදි පවසයි.


“කටාර් හි ප්‍රවාසික පවුල් සඳහා රජය විසින් සපයා දී ඇති සේවා සහ පහසුකම්” සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
“කටාර් හි ප්‍රවාසික පවුල්, අවස්ථාවන් සහ අභියෝග” යන මැයෙන් වට මේස සම්මන්ත්‍රණයක් ලෙසින් පැවැති මෙය සංවිධානය කරනු ලැබුවේ ආගමික සංවාදයන් සඳහාවන දෝහා ජාත්‍යන්තර මධ්‍යස්ථානය විසිනි.


මෙම වැඩසටහනට රජයේ උසස් නිලධාරීන්, කටාර් හි ප්‍රවාසික කටයුතු පිළිබඳ විශේෂඥයන්, ප්‍රවාසික ප්‍රජාවන්ගේ සහ ආගමික සංකීර්ණවල නියෝජිතයන් රැසක්ම සහභාගි වූ බව කටාර් පුවත් ඒජන්සිය පවසයි. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධානම අරමුණ වූයේ කටාර් ප්‍රජාවන් අතර සම පැවැත්මක් වර්ධනය කිරීම සඳහා සංවාදමය සංස්කෘතියක් ඇති කිරීම බව ආගමික සංවාදයන් සඳහා වන දෝහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ඊබ්‍රාහිම් බින් සලේහ් අල් නුආයිමි පවසයි.


එසේම ප්‍රවාසික පවුල් ලබා ඇති ජයග්‍රහණ, ඔවුන් සඳහා ඇති අවස්ථාවන් සහ ඔවුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවද අල් නුආයිමි පවසයි. එසේම ප්‍රවාසික පවුල්වල තත්ත්වය වර්ධනය කිරීමට සහ ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා කටාර් රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීම සඳහා සමහර නිලධාරීන්ට ආරාධනා කළ බවද  ඔහු වැඩි දුරටත් කියයි.


එහිදී සම්මන්ත්‍රණයට  සහභාගි වූ පිරිස විසින් විදේශිකයන්ගේ රටට ඇතුළුවීම, පිටවීම සහ නේවාසිකත්වය සම්බන්ධයෙන් බල පැවැත්වෙන නීතිය, ජනගහණයේ ජනවිකාශ බෙදාහැරීම සහ ප්‍රවාසිකයන් සඳහාා ලබාදී ඇති සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සංස්කෘතිය වැනි සේවාවන් ගැනද සාකච්ඡා කර ඇත.



අදහස් (0)

විදේශිකයන්ගේ නව අනුග්‍රාහක්තව නීතිය ලබන දෙසැම්බරයේ මැද සිට ක්‍රියාත්මකයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 426 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site