IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විදුලි සැරෙන් 15 සිසුවාට දිවි අහිමිවෙයි

( චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය )

ගලෙන්බිඳුණුවැව  , උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගලෙන්බිදුණුවැව  පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ඉගෙනුම උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ පදිංචි  වයස අවුරුදු 15 ක පාසල් සිසුවෙකි.

මෙම සිසුවා සිය නිවස  පසුපස වතුර කරාමයකින් දිය නාමින් සිටින අතර  තුර ජලය අවසන් වු පසු නිවසේ සවිකර තිබූ විදුලි මෝටරය ක්‍රියාත්මක කර  තිබේ.

ඔහුගේ ඇඳුම් ඒ අසල තිබූ විදුලි රැහැනකට දමා තිබෙන අතර  ,දිය නෑමෙන් ඇඳුම් ලබාගන්නා අවස්ථාවේදී විදුලි රැහැන කැඩී , ඇඟේ එතීමෙන් ,   මෙලෙස මෙම සිසුවාට විදුලිය වැදී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

 

 

 



අදහස් (5)

විදුලි සැරෙන් 15 සිසුවාට දිවි අහිමිවෙයි

siri Sunday, 25 August 2024 11:05 AM

දෙමව්පියන් දරුවන්ට අවදානම් මෙවැනි දේවල් ගැන සැලකිලිමත් විය යුතුය. අපරාදේ දරුවකුගේ ජීවිතය...!

:       0       38

nanda Sunday, 25 August 2024 11:07 AM

විදුලි බල මණ්ඩලය, නිවැසියන් විසින් කරන මෙවැනි අනුමැතියකින් තොර අනාරක්ෂිත විදුලි රැහැන් ඇදීම ගැන පරීක්ෂණයක් කරන එක හොඳයි නේද?

:       22       8

Wijekon Sunday, 25 August 2024 05:02 PM

ඊට වැඩිය දරුවෝ සිටින දෙමාපියන් නිවෙස්වල තියෙන අනාරක්ෂිත විදුලි රැහැන් හා උපකරණ ගැන සැළකිලිමත් වීම හොඳයි නේද? එය දරුවන්ට පමණක් නොවෙයි පවුලේ සැමගේම ආරක්ෂාව සැලසීමක් වෙනවා. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්නේ නැතුව අනුන් කරනතුරු සිටියාම වෙන්නේ අනතුරු තමයි. හොඳම උදාහරණයක් හැටියට දේශපාලුවන් ඇවිල්ලා ඔවුන්ගේ බඩගෝස්තරය සඳහා හාල් කිලෝ දහයක්, රුපියල් 5000/= ක් සිමෙන්ති කොට්ට පහක්, හයක්, ටකරන් තහඩුවක් වැසිකිළි ලෑල්ලක් නැත්නම් අඩුම තරමින් බත් පැකට් එකක් හෝ කසිප්පු කාලක් දුන්නාම ඡන්දය දෙනවා. ඊළඟට කැලේ හිටපු නයි පොළොංගු යට වැස්මේ දාගෙන කනවෝ කනවෝ කියනවා වගේ උනුත් එකයි, මුනුත් එකයි කියලා අත් හදාබැලීම් කරන්න යනවා...

:       0       20

Perera Monday, 26 August 2024 07:51 AM

විදුලි රැහැනේ ඇඳුම් එල්ලන්නේ පිස්සුද ?

:       0       1

Bunny Preena Monday, 26 August 2024 10:35 AM

මෙම මරණයට ඔහුගේ දෙමව්පියන් සම්පුර්ණයෙන්ම වග කිව යුතුයි... නොසැළකිලිමත්කම සහ ලෝභකම නිසා නිසිපිළිවෙළට ආරක්ෂිතව විදුලි රැහැන් නොයෙදීම හේතුවෙන් දරුවකුට ජිවිත්වීමට තිබූ අයිතිය අහිමි කිරිම සම්බන්ධව පොලිසිය විසින් නඩු පැවැරිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site