විදුලි සැපයුම දීමේ දී ගෘහස්ථ පාරිභෝගිකයන්ගෙන් සහ කර්මාන්ත කරුවන්ගෙන් අයකර ගත් තැන්පතු මුදල් සඳහා මහ බැංකුවේ වාර්ෂික පොලී අනුපාතයට අනුව හිමි විය යුතු පොලිය ඔවුන්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා විදුලි මණ්ඩලයට අද නියෝග කළේය.
විදුලි පාරිභෝගික සංගමය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා සහ සෝභිත රාජාකරුණා යන මහත්වරුන්ගේ සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරු මඩුලලක් හමුවේ මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා කරුණු දක්වමින් අදාල තැන්පතු වෙනුවෙන් පොලී ගෙවන ආකාරය සඳහන් මෝෂමක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් අධිකරණය ඉදිරිපත් කර ඇති බවත් එම මෝෂමට අනුව පොලී ගෙවිමට විදුලි බල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය මෝෂම අනුව කටයුතු කරන ලෙස විදුලි බල මණ්ඩලයට නියෝග කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදුලි සැපයුමට අය කළ මුදල්වලට පොලී දෙන්නැයි නියෝගයක්