(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී අද(29) පැවැත්වේ.
පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) උදේ 9:30 ට රැස්වීමට නියමිතය.
විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමග ජන බලවේගය පක්ෂය විසිනි.
විවාදය උදේ 9.30 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිත බව කතානායක කාර්යාලය පවසයි.
විදුලි බිල සියයට සියයට 70 කින් වැඩි කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුළු විවිධ පාර්ශව දැනටමත් රජයට විරෝධය පළ කර ඇත.
මේ අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය හෙට (30) ,අනිද්දා(31) , ලබන 1 වෙනිදා සහ 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය යෝජනා( අයවැය කතාව) ඉදිරිපත් කරනු ලබන්නේ හෙට(30) පෙරවරුවේය.
ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව ඊට පසු දින(31) දක්වා කල් තැබෙනු ඇත. ඉදිරි මාස හතරේ රජය වියදම් සඳහා අයවැය විසර්ජන ( සංශෝධන)පනත් කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
424
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිලේ විවාදය අද
Prase Monday, 29 August 2022 08:53 AM
ගුරුවරුන් සහ රජයේ සේවකයෝ පඩිවැඩිකරගත්තු නිසා අහිංසක මිනිස්සු පඩිගෙවනවා ඒ අයට පඩි දෙන්න . ආණ්ඩුවට සල්ලි ඕනෑ... ඕවට ගෙවන්න නැතිනම් ජනාධිපති, අගමැති ගෙදරින් ගෙනත් දෙන්නද? බොරු විවාද තියලා කාලෙ කන්නේ නැතිව රටට ප්‍රතිලාභ ගන්න පුළුවන් වැඩක් කතාකරා නම් හොඳයි...