IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘විදුලි බිල අඩු කරන හැටි ජනවාරි 17 කියනවා‘

 

( ෂේන් සෙනෙවිරත්න)

විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන්  සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසයි.

 පළාත් මට්ටමෙන් ආරම්භ කළ මහජන මත විමසීම් සියල්ල සලකා බලා එවා සමාලෝචනය කිරීමෙන් අනතුරුව තම වාර්තාව නිකුත් කරන බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩිදුරටත් පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් විදුලි පාරිභෝගිකයන් ඇතුළු පාර්ශව කරුවන්ගේ අදහස් විමසීමේ අවස්ථාවට  එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පාර්ශව කරුවන් 60 දෙනෙක් විදුලි ගාස්තු සංශෝධනයේදී අවධානයට යොමු විය යුතු කරුණු සම්බන්ධයෙන්ද එහිදි විවිධ අදහස් ඉදිරිපත් කළේය.

විදුලි බල මණ්ඩලය මගින් 2025 ජනවාරි මාසයේ සිට සංශෝධනය කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයන් ගැන 2024 දෙසැම්බර් 06 වැනි දින ඔවුන්ගේ පාර්ශවකරුවන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට කරුණු දැක්වූ අතර ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු විදුලි පාරිභෝගිකයන් දක්වන අදහස් විමසා බැලීම මහජන උපයෝගීතා කොමිසම මගින් ආරම්භ කළේය.

ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම දෙසැම්බර් මස 10 වැනි දින කොළඹින් ආරම්භ කෙරුණ අතර පළාත් මට්ටමෙන් මහජන අදහස් ලබා ගැනීමේ පළමු වැඩසටහන මහනුවරදී පැවැත්විණි.



අදහස් (2)

‘විදුලි බිල අඩු කරන හැටි ජනවාරි 17 කියනවා‘

Janitha Sunday, 29 December 2024 09:02 PM

ගජබින්නාලංකාරය කොළයක්වත් බලන්නේ නැතිව එයාට කියන්න පුළුවන්...

:       1       1

Udith Monday, 30 December 2024 04:38 AM

ඕක අඩුකරන හැටි ඡන්දෙට කළිනුත් කිව්වේ. 70% කින් අඩුකරන හැටි ඉතා විද්‍යාත්මකව කියලා දුන්නා. මාර දක්ෂයි. ඒත් වැඩ බෑ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site