IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘විදුලි බලය කළමනාකරණයට නිලධාරියෙක්‘

දිනෙන් දින ඉහළ යන බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේ සේවා ස්ථානවල මෙන්ම රාජ්‍ය අංශයේ ආයතනවලටද විදුලි බලය කළමනාකරණය කිරීමේ නිලධාරියකු පත් කිරීමට තමන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයට යෝජනා කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

සුනිත්‍ය බලශක්ති අධිකාරිය සංවිධානය කළ ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලට සහභාගි වෙමින් මේ බව පැවසූ ජනපති කියා සිටියේ  ඛනිජ තෙල් මෙරටට ගෙනඒමට පමණක් වාර්ෂිකව වැය කරන මුදල අමෙරිකා ඩොලර් මිලියන 4200කට වැඩි බවය. 

viduli_201511236945 viduli_201511236972 viduli_201511236975viduli_201511236973



අදහස් (0)

‘විදුලි බලය කළමනාකරණයට නිලධාරියෙක්‘

තිලක්-ඩුබායි Tuesday, 24 November 2015 04:21 AM

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි ක්‍රිෂාන්ත කුරේ, තුසිත හල්ලොලුව සහ ෂාරුක් ෆෙරෝ යන යහපාලන මහත්වරුන් එළවා, මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කළ නමුත් දුම් සහතික කප්පම් ගෙවන ලාෆ් වෑගපිටිය යලි ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට කැන්දා ගැනීමත් සමග ටෙලිකොම් මොබිටෙල් සභාපති කුමාරසිංහ සිරිසේන මහජන මුදල් රුපියල් මිලියන 11400 ක අහස පොළොව නුහුලන ගැහිල්ලකට අර අඳින බව වාර්තා වේ. (බ)

:       0       0

දිල්කි Tuesday, 24 November 2015 04:24 AM

වැඩක් වෙනවනම් කම් නැත. නිලධාරින් පත් කිරීමම නොවේ. ඔවුන් නිසි පරිදි වැඩ කරනවද යන්නත් සොයා බැලිය යුතුයි. හිතවත් අයට පත්වීම් දීමෙන්ම ගැටළු වලට විසදුම නොලැබේ. (බ)

:       1       0

ශාන් සෞදි Tuesday, 24 November 2015 04:27 AM

ප්‍රධාන නගරයේ හා අවට ඇති රජයේ ගොඩනැගිලි වල පිහිටවා ඇති රාජ්‍ය ආයතන වලින් වැඩි කොටසක් සියලු කටයුතු කරනුයේ දිවාකාලයේ පමණි. එම ආයතන වලට අවශ්‍ය විදුලි පහන් දැල්වීම සදහා සුර්ය බල ශක්තිය ප්‍රයෝජනයට ගතහොත් ප්‍රධාන විදුලි පද්ධතියෙන් වැය වන මහා විදුලි ඒකක ප්‍රමාණයක් අපට ඉතිරි කර ගත හැකිවනු ඇත (බ)

:       0       1

විජිත් Wednesday, 25 November 2015 09:59 AM

මට හිතෙන්නේ අර ...ගල් අඟුරු බලාගාර ලංකාවට ගෙනෙන්න කෑගහපු , 18 වන සියවසේ ජිවත්වන...සියඹලා ..වැනි නමක් තියන උපදේශකයාව පත් කරයි වගේ. (බ)

:       0       0

සේන Monday, 23 November 2015 03:55 PM

රජයේ හැම ආයතනයකටම මේ සඳහා විදුලි බල මණ්ඩල/ ලෙකෝ මඟින් කාර්මික නිලධාරියෙක් පැය 24 පුරාවටම පත්කරලා ඉන්නවා නේද? (නි)

:       0       0

කෝසල Tuesday, 24 November 2015 04:46 AM

ගරු ජනාධීපතිතුමනි, රැකියා විරහිත තරුණ තරුණියන්ට වාහන පර්මිට් එකක් ලබා දෙන්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි. මේ පර්මිට් එක රස්සා කරන අයට විකුණලා අපිට පුළුවන් ස්වයං රැකියාවක් පටන් ගන්න. (ම)

:       0       0

සුමතිසේකර Monday, 23 November 2015 04:38 PM

දැන් ඉතින් ඔක්කොම හරි (නි)

:       0       0

ප්‍රසංක Tuesday, 24 November 2015 05:30 AM

ඔක්කොම බොරු දේවල් .. ඔය පත් කරන ඕනෑම නිලධාරියෙක් සල්ලි වලට ඕන දෙයක් කරනවා .. විදුලි බල මණ්ඩල/ ලෙකෝ ආයතන වල සුරිය බල ශක්ති අවසර දෙන්න 25000ක් විතර නිකන් මුදලක් අය කරනවා (බ)

:       0       0

තුෂාර Monday, 23 November 2015 05:05 PM

හොඳ යෝජනාවක් (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 23 November 2015 10:31 PM

මෙම දශක කීපය තුළදී රජයේ ගොඩනැගිලි වල විදුලි වියදම සිය ගුණයකින් පමණ වැඩිවී ඇති නිසා ජනාධිපතිතුමගේ යෝජනාව කාලෝචිතය (නි)

:       0       0

විජේපාල Tuesday, 24 November 2015 02:55 AM

බොහොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site