IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුලි ගාස්තු අඩු වෙන හැටි

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු අඩු කිරීමේදී ඒකක 0 සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9 කින් අඩු වන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

මෙම විදුලි ගාස්තු සංශෝධනයේදී කිරීම්දී සමස්ත ගාස්තු අඩුවීම සියයට 3 ක් පමණි.

එම විදුලි ගාස්තු අඩු කිරීමේදී ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 10.8 කින් ද, ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 7.2 කින් ද, ඒකක 91 සිට 180 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 3.4 කින් ද, අඩු වන බව ද එම කොමිසම කියයි. විදුලි ඒකක 180 කට වැඩි කාණ්ඩයේ ගාස්තුව සියයට 1.3 කින් අඩු වන බව කියන මහජන උපයෝගිතා කොමිසම ආගමික ස්ථාන සහ පුණ්‍යායතනවල විදුලි ගාස්තුව සියයට 3.2 කින් පමණක් අඩු වන බව ද සඳහන් කළේය.

කර්මාන්ත, පොදු කාණ්ඩය, වීථි ලාම්පු සහ රාජ්‍ය ආයතන යන කාණ්ඩවල ගාස්තුව වෙනස් නොවන වූවද හෝටල් කර්මාන්තයේ විදුලි ගාස්තුව සියයට 12.6 කින් අඩු වන බවත් කොමිසම කීය.

 



අදහස් (11)

විදුලි ගාස්තු අඩු වෙන හැටි

Nimal Sunday, 11 June 2023 01:53 PM

ඡන්දෙදී බලාගන්නම්කෝ... ඩොලර් එක මෙච්චර අඩුවෙලා..., තෙල් මිල අඩු වෙලා... 3% ද අඩු කරන්නේ... ඕක කරන්න නම් ලක්ෂ ගණන් පඩි අරන්, වාහන පිනට අරන් නිලධාරිනුයි, ඇමැතිලයි ඉන්න ඕනෑද?

:       3       49

de silva Sunday, 11 June 2023 02:24 PM

කරුණාකර මේවා පුද්ගලික අංශයට දෙන්න. සමාගම් 2-3 ගැනත් තරගකාරීත්වයක් ඇති කරන්න... එවිට මිල අඩු වේවි. පාඩු ලබන සංස්ථාවක මිලියන ගණන් දීම සහ වැටුප් ගන්න සභාපතිවරු නිලධාරියෝ සිටීම විහිළුවක්...

:       2       39

මල් මාමා Sunday, 11 June 2023 03:09 PM

සීයට තුනත් අපිම දෙන්නම්... ස්තුතියි කාංචන...!!! 

:       2       12

prasanna Sunday, 11 June 2023 03:12 PM

එකක 90ට වඩා පාරිභෝගිකයින් විශාල ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා.. 3% කියන්නේ සොච්චම් අඩු කිරීමක්... නිකන් බොරු වැඩ නොකර හිටපල්ලා...

:       1       15

malaka Sunday, 11 June 2023 04:07 PM

අඩු කරන්න එපා ඡන්දෙ තියපල්ලා... අපි ගාණට අඩු කරගන්නම්... 225 අඩු කරන ගමන්...

:       2       27

Bamunuarachchi Sunday, 11 June 2023 05:03 PM

ඡන්දෙන් බලයට එන එවුන් විදුලි බිල අඩුකරයිද? කෝකටත් තෛලය ඡන්දෙ නොවෙයි හලෝ... මැට්ටෝ හිතන්නේ ඡන්දෙට හැමදේම කරගන්න පුළුවන් කියලා...

:       12       10

swene Sunday, 11 June 2023 04:53 PM

ඔහොම කළැයි කියමුකෝ... අති විශාල ස්ථාවර ගාස්තුවට මොකද වෙන්නේ... එය ඉතාමත් අසාධාරණ වැඩියි.

:       0       18

Sunil Sunday, 11 June 2023 05:11 PM

සියයට 300කින් ගාස්තු වැඩිකොට, සියයට 3 කින් අඩුකිරීම ජනතාවට මොනතරම් සහනයක්ද? ගසාකන ඇමැතියගේ මොලය තමයි...

:       2       22

බණ්ඩාර Sunday, 11 June 2023 06:22 PM

ජල බිල ගැන කතාවක් නෑනේ...?

:       0       5

ranjith Sunday, 11 June 2023 08:18 PM

මුන්ට නම් වැරදිලාවත් චන්දයක් වැටෙන්න එපා.කරන අපරාධ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්නෙම නෑ

:       0       2

Madhu Monday, 12 June 2023 11:31 AM

මොකටද ඕක අඩුකරේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site