IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විදුලි කම්බියේ පැටලී තිදරු පියා මරුට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහකුඹුක්කඩවල කිවුල තරුණ ව්‍යාපාරයෙ දරුවන් තිදෙනෙකුගේ පියකු තම වගාව ඉත්තෑවන්ගෙන් ආරක්ෂා කර ගැනිමට යොදා තිබු විදුලි කම්බියක පැටලි විදුලි සැර වැදිමෙන් මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්වි ඇත්තේ කිවුල තරුණ ව්‍යාපාරයෙ පදිංචි 66 හැවිරිදි බි.එම් .ජයසෝම නැමති  අයෙක් බව පොලිසිය කියයි.

අක්කර පහකට ආසන්න ඉඩමක වගා කටයුතු කර ඇති මෙම තැනැත්තා එම ඉඩම තුළ වු අක්කර කාලකට ආසන්න ප්‍රමානයන වගාකර තිබු එළවළු ඇතුළු දෑ ආරක්ෂා කර ගැනිම සදහා නිවසේ සිට අදින ලද විදුලි රැහැනක පැටලිමේන් මරණයට පත්වි ඇති බව පොලිසිය කියයි.

ඉත්තෑවන් ඇතුළු වන සතුන්ගෙන් දිගින් දිගටම වගාවට සිදුවන හානිය ඉවසා ගත නොහැකිව ඉතා අකමැත්තේන් මෙම විදුලි රැහැන යොදා තිබු බවත් එය අලුයම ඉවත් කිරීමට අමතක විමේන් පසු ඒ හරහා ගමන් කරමින් සිටියදී එකවර විදුලි සැර වැදි ඇති බව කියයි.

මෙම සිදුවිමට මුහුණ පෑ තැනැත්තා තම බිරිද සමග අලුත් අවුරුද්දට අවශ්‍ය කළමනා රැගෙන ඒමට මදුරන්කුලියට යාමට සුදානම් වි එය මදකට ප්‍රමාද කර ඉඩමේ වැඩක නිරතව සිටියදී මෙසේ ඔහු යෙදු විදුලි රැහැනේ පැටලි ඇති බව කියයි.

සිද්දිය සම්බන්ධව මහකුඹුක්කඩවල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක මායා රන්ජන් මහතාගෙ උපදෙස් මත විමර්ශණ කටයුතු අරඹා ඇති බව පොලිසිය කියයි.



අදහස් (2)

විදුලි කම්බියේ පැටලී තිදරු පියා මරුට

Sunil Tuesday, 11 April 2023 04:59 PM

විදුලිය, ගින්දර සහ ගෑස් සමග සෙල්ලම් ඉතාමත් අවදානම්. එහෙම ඒවා නීති විරෝධියි.

:       1       1

kapila Tuesday, 11 April 2023 06:39 PM

මේ සියලු වද වේදනා ඇත්තේ දුප්පත් ගොවීන්ටයි. නගරබද මිනිසුන්ට මේවා දැනෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site