IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


විදුලි කැපීම්-පෝලිම් නිසා කෝටි 10,000 කට වැඩි පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ )

ඉන්ධන ගෑස් හා වෙනත් පෝලිම් සහ  විදුලිය කැපීම නිසා  වැඩ පැය  අහිමිවීමෙන් රුපියල් කෝටි 10,000 කට වැඩි මුදලක් රටට පසුගිය මාස කිහිපයේදී  අහිමිවී ඇතැයි   ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති.

විදුලිය කැපීම නිසා කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට ඉකුත් මාස කිහිපයේදී  ඇතිවූ  බලපෑමද  අති විශාල බව එම ආයතන හිමියෝ  පවසති.

ඉන්ධන හිඟය නිසා භාණ්ඩ සහ මගී ප්‍රවාහනයද  දැනටමත් හරි අඩකින් පමණ  කඩා වැටී ඇතැයි  ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව ලක්ෂ ගණනක් කම්කරුවන්ගේ රැකියාවලටද  බරපතළ  තර්ජනයක් මතු කර ඇත. බලශක්ති අර්බුදය  නිදහස් වෙළෙඳ කලාප දාහතරේ  සහ ඉන් පිටත   කර්මාන්තශාලා 300 කට  බෙහෙවින් බලපා ඇති බව නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු  මහතා පැවැසීය.

කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු අඩාලවී ඇති බවත්, නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය ප්‍රවාහනයද  නිසි ලෙස කළ නොහැකිව  පවතින  බවත් ඔහු සඳහන් කළේ‍ය.

මේ තත්ත්වය  යටතේ  කර්මාන්ත වැසීගොස් ලක්ෂ 4 කට අධික කම්කරුවන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක්ද  මතුවී ඇතැයි වාර්තා වේ.

වසංගතය නිසා පසුගිය දෙවසර තුළ  පුද්ගලික අංශයේ කම්කරුවන් 1,50,000 කගේ පමණ  රැකියා අහිමි විය. ලක්ෂ දෙකකට අධික කම්කරුවන් සේවයේ නියුතු තේ සහ රබර් කර්මාන්තයද සෙසු මහාපරිමාණ සහ සුළු පරිමාණ  කර්මාන්තද ඒ ආකාරයෙන්ම ඉන්ධන හිඟයට සහ විදුලි කප්පාදුවට දැඩි ලෙස  මුහුණ දී ඇත.

රාජ්‍ය අංශයේ කම්කරුවන්ද මුහුණ දී සිටින්නේ ඒ හා සමාන අන්තරායකට බව  වෘත්තිය සංගම්  පෙන්වා දෙයි.

දිවයින පුරා පිහිටි හෝටල්, ආපනශාලා සහ බේකරිවලින් සියයට 60 කට වැඩි ප්‍රමාණයක්ද   ගෑස් හිඟය නිසා වසා දමා ඇති බව සමස්ත ලංකා ආපන ශාලා  හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.එසේම ගෑස් හිඟය රටපුරා  ආදාහනාගාරවල ක්‍රියාකාරිත්වයටද බෙහෙවින් බලපා ඇතැයි  වාර්තා වේ.

මේ අතර ඉන්ධන නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීම සඳහාත් අති විශාල මුදලක් අද   වැය කිරීමට සිදුවී ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.



 

 



අදහස් (0)

විදුලි කැපීම්-පෝලිම් නිසා කෝටි 10,000 කට වැඩි පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 828 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1255 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site