(යොහාන් භභාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය මස අවසනය වන විට විදුලි ඒකකයකින් රුපියල් 12 ක පාඩුවක් ලබන බවත් ඒ අනුව මාසික පාඩුව රුපියල් බිලියන ගණනක් වන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
විදුලි එකකයක පිරිවැය රුපියල් 23 සිට පසුගිය මාස අවසන් වන විට රුපියල් 29 ක් දක්වා ඉහළ ගොස් තිබූ බව කී එම නිලධාරියා එය එසේ වුවද විදුලි ඒකකයක් රුපියල් 17 කට අළෙවි කිරීමෙන් රුපියල් 12 ක් පාඩුවක් ලබන බව ද සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විදුලි ඒකකයකින් රුපියල් 12 ක පාඩුවක්
Sunil Saturday, 26 February 2022 10:51 AM
අනවශ්‍ය ලෙස මණ්ඩල බඳවාගත්තාම, ඔවුන්ට අනවශ්‍ය ලෙස දීමනා දුන්නාම, එයටත් වඩා දූෂණය රජවුණාම සහ කළමනාකාරීත්වය අනන්තයටම දුර්වල වුණාම පාඩු නොලබා තියේවිද? පාලක ගොන් හැත්තගේ නොමනාකම් වලට වන්දි ගෙවිය යුත්තේ මෙරට ජනතාවද? පාඩු ලබනවා කියල උජාරුව... මේ අයගේ නමත් සඳහන් කරන්න..
යෝගා Saturday, 26 February 2022 11:00 AM
සහන දිය යුත්තේ අඩු ආදායම් ලාභීන්ට පමණයි. මේ රටේ කෝටිපතියන්ටත් නොමිලේ අධ්‍යාපනය, සුව සේවා, ලාබෙට විදුලිය ලැබේ. ඉතින් හැමදාම රජයේ ආයතනවලට පාඩුයි...
Lalith M Saturday, 26 February 2022 11:05 AM
ලක්ෂ ගණන් පිංපඩිකාර අතිරික්ත සේවක රැල අයින් කරන්න. ලාබවෙයි. ඒත් බැරිනම් පුද්ගලික අංශයට දෙන්න....
ravin Saturday, 26 February 2022 11:23 AM
අර පිටින් විදුලිය හැමවිටම ගන්න සැදී පැහැදී සිටින කොමිස් කාක්කන්ගේ කොමිස් මුදල් අඩුකළ පසු ලාභය/පාඩුව කොපමණද? හරි විගණනයක් දෙන්නකෝ...
Asanga Saturday, 26 February 2022 11:37 AM
පිරිවැය අඩුකරන තාක්කල් මෙම ප්‍රශ්නය එකතැනමයි...
අගුපිලගේ Saturday, 26 February 2022 12:07 PM
නැතුව නැතුව... එක බිලට කෝටි ගණනක් හිඟ බිල් අනන්ත ඇති. ඒවා අයකර නොගෙන කෙනෙක් පාඩුයි කියනවා. තව කෙනෙක් ඊයේ කියලා තිබුණා 2014න් පස්සේ වැඩිකලේ නැහැ... ඒ නිසා වැඩිකළ යුතුයි කියලා.. ඇත්තටම මෙහෙම කියන්නේ සාමාන්‍ය මිනිහාගේ බිලේ හිඟ ගාස්තු නොගෙව්වොත් විසංධි කිරීමට අමතරව නැවත දීමට සම්බන්ධතා ගාස්තුවට අමතරව දඩ මුදල් අයකරනවා කියමින්. ඇත්තටම මහත්තයෝ දයාසිරි ඇමැතිවරයා කියලා තිබුණා ඔහුගේ වහලයේ සවිකල සූර්ය පැනල සඳහා සම්බන්ධතා දුන්නේ නැහැ කියලා... මණ්ඩලයේ මහත්වරුනි, ඔබලා බලන්නේ පුද්ගලික ලාභය ගැන පමණක්ද?
wikcy Saturday, 26 February 2022 12:35 PM
කියන වෙලාවට කපන්නේ නැති එකට මුකුත් කරන්න බැරිද? පරක්කු වෙලා කැපුවත් කමක් නැහැ.. ආපහු දෙනවා කිව්ව වෙලාවට දෙනවා නම්...!
ලංවිම Saturday, 26 February 2022 12:49 PM
විදුලි මණ්ඩලේ ජරාම තැනක්. වැඩක් කරවා ගන්න ගියාම උන්ට වඳින්නේ නැති එක විතරයි. සෝලා එකක් සවි කරගන්න ගියාම දෙන කරදර..
සෙනෙවිරත්න Saturday, 26 February 2022 07:05 PM
සෝලාවලට ආයෝජනය පාරිභෝගිකයා, ඒත් ඒකට අනුමැතිය ගන්න ගියාම ඔවුන්ගේ ඇටයක් ගලවනවා වගේ... මම පළමුව යවපු අයැදුම්පත ආගිය අතක් නැහැ. දෙවැනි එක දැම්මා.. ඒකටත් තවම නැහැ. මහ කාලකන්නි ටිකක් ඉන්නේ. පොල් ගහක ස්පර්ශවන විදුලි කම්බියක් වෙනස් කරගන්න මාස තුනකට වඩා ගියා. නොකෙරෙන පැත්තම තමයි. කොරොනාවලට මේ ගොල්ලන්ගේ කාර්යාල තරම් බය වෙනත් ආයතන නැතිතරම්...
ගජමිතුරු Saturday, 26 February 2022 07:05 PM
විදුලිය සම්බන්ධ ප්‍රාදේශීය කටයුතු බලධාරියා වන්නේ ප්‍රාදේශීය ලේකම් වුණත් මණ්ඩලයේ අය ඒවා දන්නේ නැහැ.. විදුලි විරෝධතා ගණන් නොගෙන ජනතා පීඩනය ඇතිකරමින් ඔවුන් කටයුතු කරන්නේ මුදල් නැහැ කියමින්...!
Jay Sunday, 27 February 2022 03:10 AM
අර නිව්ස් එකක තිබුණේ ඇමැති කෙනෙක් ලක්ෂ 83ක් ගෙවන්න තිබෙනවා කියලා. කවදාද මේ වගේ ණය අයකර ගැනීමට හැකි වටපිටාවක් ඇති වෙන්නේ. ඒ ණයවල බර ගෙවන්නේ අහිංසක මිනිස්සු...!