IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විදුලිය කෝටි 367ක දීමනා හොර පාරෙන් ගෙවලා

(සුජිත් හේවාජුලිගේ )

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා විවිධ කාර්ය මණ්ඩල දීමනා වශයෙන් රුපියල් කෝටි 367 ක මුදලක් 2020 සහ 21 වර්ෂවලදී අමාත්‍ය මණ්ඩල තීරණයට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අනුව රුපියල් කෝටි 154ක මුදලක් කාර්ය මණ්ඩල දීමනා වශයෙන් 2020 වර්ෂයේදීද රුපියල් කෝටි 213 ක මුදලක් කාර්ය මණ්ඩල දීමනා වශයෙන් 2021 වර්ෂයේදීද මෙලෙස නීතියට පටහැනිව ගෙවනු ලැබ ඇතැයි එහි දැක්වේ.

තවද විදුලිබල මණ්ඩලයේ සේවකයන් 323 දෙනකු සඳහා අමාත්‍ය මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණවලට පටහැනිව ගෙවා තිබූ දීමනා ඔවුන්ගේ වැටුපෙන් සියයට 65 ඉක්මවා තිබූ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කළේය.

 



අදහස් (6)

විදුලිය කෝටි 367ක දීමනා හොර පාරෙන් ගෙවලා

Perakum Monday, 01 May 2023 05:39 PM

මේ නිකං අපිව අන්දන්න කරන වැඩ. කවදාවත් මෙවැනි වැරදි වලට දඩුවමක් දුන්නු බවක් අහල තියනවද?

:       4       36

චන්දිම ෆොන්සේකාMonday, 01 May 2023 07:02 PM

සහතික ඇත්ත. මෑත ඉතිහාසයේ කිසිදිනක මෙවැනි වැරදි වලට කිසි දඬුවමක් නැත. ඒ විතරක් නෙවි අර කෝපා කියයි කෝප් කියයි තව නොයෙකුත් කමිටු ඇත. ඒවා නිකම් සල්ලි වියදම් කරලා අඬබෙර ගහලා රිපෝට් හදලා මිටිගහලා පැත්තකින් තියන ඒවා විතරයි. රටේ උගත්තු අහන්නෙත් නැහැ ඒවා ගැන. මිනිස්සු අහන්නෙත් නැහැ. හොරුන්ට ප්‍රශ්නෙකුත් නැහැ. හොරකම වංචාව කරන එකා ජයටම දිගටම මහා දවල් එළිපිටම බයක් සැකක් නැතුව ඒක හරියට තමන්ගේ අයිතියක් වගේ හොරකම කරගෙන යනවා. ඇත්තටම රටකට මේ මොකද්ද වෙලා තියෙන්නේ?

:       4       17

Sujeewa Monday, 01 May 2023 06:20 PM

පැරකුම් ඔබ නම් නියම සිංහල ශ්‍රී ලාංකිකයෙක්. දීන විදියට තමා තාමත් පුරුදු. නවතන්න ඕවැනි දීන සිතුවිලි. ධනාත්මක විදියට හිතන්න පුරුදු වෙන්න. විගනකාධිපති කාර්ය මණ්ඩලයට ජනතාවගේ ප්‍රණාමය. කාංචන ඇමතිතුමනි, ඔබ මෙතුවක් ගත් නිර්භීත තීරණවගේ මේ හෙළිදර්වෙදි ඔබතුමා ක්‍රියාකරන ආකාරය අප ජනතාව උනන්දුවෙන් බලා ඉන්නෙමු.

:       10       7

Bamunuarachchi Monday, 01 May 2023 08:44 PM

මොකක්ද සුජීව පැරකුම්ගේ තිබෙන දීනකම. එයා අහලා තිබෙන්නේ මෙවන් වැරදී වලට දඬුවම් දුන්නේ කවදාද කියලා. ඔබ කියනවා මෙවන් හෙළිදරව්වකදී ඔබ ක්‍රියාකරන ආකාරය බලා ඉන්නවා කියලා. මේකත් හරියට මට ඌ ගැහැව්වා ඌ මට ගැහැව්වා වගේ කතාවක්‌... දෙන්නම බලාපොරොත්තු වෙන්නේ දඬුවම් කිරීමක්. සුජීව පණ්ඩිතකම පෙන්වලා වගේ...

:       1       1

රමල් Monday, 01 May 2023 07:14 PM

සේවකයො 2000 පමන ගෙවන වැටුපත් අනීතිකයි... නඩු තීන්දුවකින් තහනම් කල හොර වැටුපක් ලබන් අයම තමයි අනීතික දීමනා හොරපාරෙන් ගන්නෙත්... ඕක නවත්තන්න බෑ.... ආයතනයේ මුල් පුටුවෙ ඉදන් ඔය හොර නඩේම තමයි ආයතනය හූරගෙන කන්නෙ... දේශපාලකයොත් නොදන්නවා නෙවේ...

:       2       14

පැරකුම්Monday, 01 May 2023 10:44 PM

හා හා රමල් ටිකක් ඉවසන්න අර ඉහත සුජීව කියන ධනාත්මකව සිතන නියම සිංහලයා අනුකරණය කරන්න පුරුදු වෙන්න. කාංචන ඇමතිතුමා වෙනද වගේම නිර්භීත තීරණයක් අරගෙන දඩුවම් දෙන හැටි බලාගන්න…!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 55 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site