IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වෛද්‍ය විශ්‍රාම වයස වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය ඒ අනුව සංශෝධනය කිරීමට නියමිතය.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරු, සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ දන්ත සෛල වෛද්‍ය නිලධාරීන්, සියලුම දන්ත සෛල දෛව්‍ය නිලධාරීන්, සියලුම පරිපාලන ශ්‍රේණී වෛද්‍ය නිලධාරීන් හා රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දිර්ඝ කෙරෙනු ඇත.

මීට පෙර තිබූ අවුරුදු 65 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 2022 වසරේ දී එවකට ආණ්ඩුව විසින් අවුරුදු 60 දක්වා පහත දැමීය.



අදහස් (1)

වෛද්‍ය විශ්‍රාම වයස වැඩි කරයි

අලහකෝන් Friday, 20 December 2024 08:48 AM

ලංකාවේ දොස්තරලා විශාල ජනමතයක් ගොඩනගාගෙන යනවා ලැබෙන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ... හිඟා කෑවත් මීට වඩා හොයන්න පුළුවන්... රට ගියා නම් ලක්ෂ 20 ලැබෙනවා වගේ කතා කියලා. ඒ වෙනුවෙන් මාධ්‍ය හමු පවා තිබ්බා. නමුත් මම මෙතැන මතුකරණ කාරණය වන්නේ, විශේෂඥ වෛද්‍යවරු ඇතුලු දොස්තරලා පිරිසක්ම තමයි ඔව්න්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න කියලා නඩු දාන්න ගියේ. එසේ නම් විචක්ශණ ශීලීව බැලුවොත් පේනවා මොන කතා කිව්වත් ඔවුන්ට ඔය වැටුප ලංකාවේ වෙනත් වෘත්තීන් සමග බැලුවොත් විශාල වැටුපක්. අවමය ලක්ෂ දෙක හමාරක්. මහ බැංකුවේ හැර පූර්ණ රාජ්‍ය සේවකයින්ට ලැබෙන්නේ 80,000 පමණ උපරිම වැටුපක්. වෙනත් සේවාවල මාණ්ඩලික නිලධාරීන්, රැකියාවට යන එක තමාට පාඩුයි කියලා ඉල්ලා අස්වෙනවා. හෙදියන් දහස් ගානක් රට හැර ගිහින්. මම දැක්කා ඉංජිනේරුවෝ 5000 ට වඩා පිරිසක් පසුගිය අවුරුද්දේ රටින් ගිහින් කියලා. ඇත්තම තත්වය දොස්තරලාට රාජ්‍ය සේවයේ ඉන්න විට, සාපෙක්ෂව ඉහළ වැටුපක්, වාහන පර්මිට්, ළමයි ජනප්‍රිය පාසල් වලට දාන්න, වාහන රක්ෂණ සඳහා විශාල මිල අඩු කිරීම් වැනි අති විශාල වරප්‍රසාද ලැබෙනවා. එක පැත්තකින් පඩිය මදි කියලා මාධ්‍ය හමු තියන ගමන් අනිත් පැත්තෙන් විශ්‍රාම වයස වැඩි කරන්න නඩුදානවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site