IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වෛද්‍යවරයාගේ නිවස කොල්ල කෑ තෙරපිවරයා අල්ලයි

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ දිලංගා ගෝමස්)

පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක්   අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස්   වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභරණ ඇතුළු රුපියල් මිලියන 30 කට අධික දේපළ තොගයක් සොරාගත් ප්‍රසිද්ධ සමාජ  සහ අරගල ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි .

සොරාගෙන ගොස් තිබූ දේපළ අතර රුපියල් කෝටි 2 කට ආසන්න වටිනා දියමන්ති මාලයක්,   විදේශීය මත්පැන් බෝතල් කීපයක් මෙන්ම  රන් භාණ්ඩ තොගයක් ඇතුළු දේපල රැසක් වන බව පොලිසිය සඳහන් කරයි.

දෙමහල් නිවසේ 31 හැවිරිදි  වෛද්‍යවරයා සහ ඔහුගේ සමීප  මිතුරෙකු වන 38 හැවිරිදි රූපලාවණ්‍ය  ශිල්පීයෙක්   පදිංචිව සිටින අතර ඉකුත් මස (21) මිතුරා නුවරඑළිය ප්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වීම සඳහා එම නිවසින් පිටවී ගොස් තිබිණි.

එදින වෛද්‍යවරයා පමණක් නිවසේ සිට ඇති අතර ඔහු පසු දින (22) අන්තර්ජාලය ඔස්සේ ශරීරය සම්භානය කර ගැනීම සඳහා තෙරපීවරයෙකු අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කර ඇතිඅතර

එම පුද්ගලයා පැමිණ එම කටයුතු සිදුකර මඳ වේලාවකදී ඖෂධ කරලක් පානය සඳහා වෛද්‍යවරයා වෙත ලබා දී අනතුරුව මුදල් ලබාගෙන පිටවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.

එයින් පැය කීපයකට පසු වෛද්‍යවරයා වෙත ඇමතුමක් ලබා දී තිබූ ආගන්තුක තෙරපිවරයා ඔහුගේ ජංගම දුරකථනයේ බැටරි ආරෝපණය වෛද්‍යවරයාගේ නිවසේ අමතකව දමා ගිය බවත් එය රැගෙන යාම සඳහා පැමිණෙන බවට වෛද්‍යවරයට දැනුම් දී නිවස වෙතට පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.



අදහස් (1)

වෛද්‍යවරයාගේ නිවස කොල්ල කෑ තෙරපිවරයා අල්ලයි

Sarath pitigala Thursday, 16 January 2025 07:54 AM

මෙතන දොස්තරට බෙහෙත් දුන් තෙරපි යා වැඩ්ඩෙක්.දොස්තර මෝඩයි

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site