( පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු දඹුල්ල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී කුරුණෑගලින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (11) පස්වරුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග පහරදිමේ සිද්ධියට විරෝධය පළ කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ආරම්බ කළ වැඩ වර්ජනයද අවසන් කර ඇති බව වාර්තා විය.
සේවයේ යෙදී සිටි වෛද්‍යවරුන්ට පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පැය විසි හතරක වැඩ වර්ජනයක් ආරම්භ කර තිබීම හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර කටයුතුවලට දැඩි බාධා ඇතිවී රෝගිහූ දැඩි අසීරුතාවයට පත්ව සිටියහ.
තම පෙම්වතියගේ නොමේරූ දරු ගැබ සිසේරියන් සැත්කමකින් ඉවත් කර දෙන ලෙසට වෛද්‍යවරුන්ට බල කරමින් සැකකරු එම පහර දීම සිදු කර තිබූ බව වාර්තා විය.
සැකකරු මීට පෙර කර ඇති සොරකම් කීපයක් සම්බන්ධයෙන්ද පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවද කියයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍යවරුන්ට පහරදුන් සැකකරු අල්ලයි
ravin Friday, 12 May 2023 11:28 AM
වෛද්‍ය ප්‍රතිකාර සඳහා කුරුනෑගල කොර වාට්ටුවට අතුලත් කලොත් නරකද?