IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වාද්දුවේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායමේ දෙකක්

(සුමිත්  පොතුපිටිය)

වාද්දුව පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ  ප්‍රධානත්වයෙන් වෙන් වෙන්ව විමර්ශන කණ්ඩායම් දෙකක් පත්කර ඇති බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කරයි.

කළුතර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන සහ පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක යන මහත්වරුන් විසින්  එකී නියෝග නිකුත් කර තිබේ.

පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ කළුතර සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එකී විමර්ශන ක්‍රියාත්මක බව සදහන් වේ.

මියගොස් ඇති තැනැත්තාගේ මරණය සම්බන්දයෙන් විමර්ශණය කිරීම සදහා පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්,  පානදුර කොට්ඨාසය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර සහ පොලිස් පරීක්ෂක සුරංග රණවීර යන  මහත්වරුන් ඇතුලු කණ්ඩායමක් පත්කර ඇති අතර , නිළධාරීන් වරදක් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට කළුතර සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත මහතා ගේ ප්‍රධානත්වයෙන් විමර්ශණයක් ක්‍රියාත්මක බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිළධාරියෙක් පැවසීය .

මියගිය තැනැත්තාගේ මෘතදේහය සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර, අධිකරණ නියෝගයට අනුව අද දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අධිකරණ වෛද්‍ය වාර්ථාව ලබාදෙන ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව පානදුර මුලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී වරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .



අදහස් (0)

වාද්දුවේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායමේ දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site