දෙරණ නාළිකාවේ විකාශය වුණ "ස්වර්ණපාලි" ටෙලිනාට්‍යයේ "පද්මා මැණිකේ" චරිතය තුළින් බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය දිනාගත් චතූ ගම්ලත් ටෙලිනාට්‍ය බොහොමයක රංගනයෙන් දායක වූ නව පරපුරේ ජනප්‍රිය යොවුන් නිළියක් ලෙස හැඳින්විය හැකිය. "මුතු පළස", "මැද ගෙදර", "පාරා වළලු", "ධවල කඩුල්ල" "ස්වර්ණපාලි", "නීල පළිඟු දිය" ටෙලි නාට්‍යය සඳහා සිය රංගන දායකත්වය ලබාදුන් ඇය මේ දිනවල සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "සුජාතා" ටෙලි නාට්‍යයේ "ගංගා" ලෙසින්ද ඔබ හමුවේ. සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව ඇය "සාරවිට" මෙසේ පැවසුවාය.
"පසුගිය කාලෙ ටෙලිනාට්‍යවලින් මාව වැඩිපුර දැක්කෙ නැත්තේ මම වේදිකා නාට්‍යය කිහිපයක් සඳහා සම්බන්ධ වෙලා වැඩ කරනවා. සූර්ය අමරසේකරගේ "ඔබතුමා" හා "කැප්ටන් සිරිසේන" කියන වේදිකා නාට්‍යවලට තමයි පසුගිය කාලෙ සම්බන්ධ වෙලා වැඩ කළේ. මේ මගේ පළමු වේදිකා නාට්‍යය ඇත්දැකීම නිසා "ඔබතුමා" හා කැප්ටන් සිරිසේන" කියන්නෙ මට විශේෂිතම කලා නිර්මාණ දෙකක්. මේ වේදිකා නාට්‍යය සමග රටපුරා දර්ශන වාර බොහොමයකට මම පසුගිය කාලෙදී සම්බන්ධ වුණා. ඒනිසා ටෙලිනාට්‍ය සඳහා එකතු වෙන්න වෙලාවක් ලැබුණේ නැහැ. නමුත්, මේ දිනවල මම ආයෙත් ටෙලිනාට්‍යය කිහිපයක රූපගත කිරීම් සඳහා සම්බන්ධ වෙලා වැඩ කරනවා. එක ටෙලිනාට්‍යයක් තමයි රංජන ප්‍රසන්නගේ "සුරංගනා වත්ත" කියන්නේ. එහි මා "එරන්දි" කියන චරිතයට දායක වෙනවා. තවත් නාට්‍යයක් තමයි අනුරුද්ධ ජයසිංහගේ "මෝදර බඹරු" කියන්නේ. මේ ටෙලිනාට්‍යය දෙකට අමතරව තවත් ටෙලිනාට්‍යය කිහිපයකටම එකතු වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් පවතින නිසා ඒ ගැන දැන්ම සඳහනක් කරන්න බැහැ."
බුද්ධික සේනාධීර / ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වේදිකාවට ගොඩ වුණ 'චතූ'