ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපේක්‍ෂා කළ වැඩ කිරීමට නොහැකි වීමෙන් කඩා වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා පසුගිය කාලයේ හොඳ ජනප්‍රියතාවයෙන් සිටි බවත් ඔහු බලාපොරොත්තු වූ කිසිඳු වැඩක් කර නොමැති බවත් දිසානායක මහතා පැවසීය.
දිසානායක මහතා පැවසුවේ ජාතික පාසල් දහසක වැඩසටහන ඉටුවී නොමැති බවත් ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනත් ක්‍රියාත්මක නොවන බවත්ය.
ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ 90 වැනි ජම්ම දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම් පණිවුඩ රැගෙන ගැටඹේ විහාරස්ථානයට ගිය අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා එසේ පැවසීය.
කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් සහ දිසානායක මහතා අතර සාකච්ඡාව මෙසේය.
● කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි:
ඇත්ත වශයෙන්ම අපි කළකිරිලා ඉන්නේ. අපිට ඕන නෑ කියලා හිතුණා. මම මේ දේශපාලනය කරන්නෙත් නෑ. කරලා වෙච්ච හරිය පේනවනේ දැන්
● එස්. බී. දිසානායක මහතා:
“ජනාධිපතුමා පසුගිය දවස්වල ඇමරිකන් ජනාධිපති වගේම හොඳමට ජනප්‍රියත්වයේ හිටියා.
ඇවිල්ලා කිව්වා මම හොඳමට වැටිලා ඉන්නේ කියලා. මොකද කියලා ඇහුවා. ලේකම්වරුත් හිටියා. මම කිව්වා ජනාධිපතිතුමා ඔබතුමා කිව්ව කිසිම දෙයක් කෙරිලා නෑ. මම ඇහුවා ඇයි ඒ කියලා.
මම කිව්වා ඔය ඉස්සරහ ඉන්න අධ්‍යාපන ලේකම්, එතුමා කිව්වානේ ජාතික පාසල් දාහක්, දැන් අහන් කීයක් හදලා ඉවරද කියලා. එකක්වත් නෑ. එතකොට එයා කිව්වා තවම ලැයිස්තුව හදනවා කියලා. අවුරුදු එකහමාරක් ලැයිස්තු හදනවා.
මම ඇහුවා ඉඩම් ඔප්පු දෙනවා කිව්වනේ දැන් කීයක් දීලා තියෙනවද? ඒකත් තව වෙලා නෑ.
කිව්වට හාමුදුරුවනේ වෙන්නේ නෑ. අනේ මම දන්නේ නෑ. අධ්‍යාපනයට ජී. එල්. මුකුත්ම කරන්නෙ නෑ. වේගයෙන් වැඩ කරන්න ඕනෙ එහෙම නැතුව බෑ.
ගැටලුවක් තියෙනවා අපේ ප්‍රධාන ආදායම් මාර්ග කඩාගෙන වැටිලා. හැබැයි චීනය අපිට කියලා තියෙනවා ඕන ගානක් ගන්න පුළුවන් දවසක දෙන්න කියලා. පණිවුඩය පැහැදිළිවම ආණ්ඩුවට කියලා තියෙනවා.
පාස්කු ප්‍රහාර පිළිබඳව සියලු තොරතුරු ආණ්ඩුවට ලැබුණා. ඒ තොරතුරු අගමැතිතුමා අතෙත් තිබුණා. ඒ වෙලාවේ ආරක්‍ෂ ඇමති හැටියට හිටියේ සාගල රත්නායක එයා ළගත් තිබුණා. හුගක් වෙලාවට ආරක්‍ෂක ලේකම්ටත් ආවා. හැබැයි මේ සියලුම දෙනාගේ ඔළුවේ තිබුණෙ ඊළඟ ජනාධිපති ඡන්දේ”
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වත්මන් පාලනයේ අඩුපාඩු එස්.බී.දකී
Perera Thursday, 08 April 2021 04:59 AM
මෙයාට ඇමැතිකමක් දීලා තිබුණා නම් ඔය කතාව වෙනස් වෙනවා නිසැකයි.
Puppa Thursday, 08 April 2021 07:46 AM
මේ යෝධයා බඩගින්නේ ඉන්නේ හොරාකන්න තැනක් ඉල්ලලා. මෙයා කොයිතරම් මුදල් කන්දරාවක් හොරකම් කරලා ඇද්ද?
විපරමා Thursday, 08 April 2021 08:44 AM
සමෘද්ධි, ක්‍රිකට් ,අධ්‍යාපන අමැති වෙලා ඉන්න කාලේ කරපු හරිය අපි නොදන්නවා නෙවෙයි .දැන් මොකුත් කරන්ඩ බැරුව හිතේ අමාරුවට කියන කතා ?
Sanka Thursday, 08 April 2021 09:28 AM
හැබැයි... දැන් නම් රටම ෆේල්.... කියලා වැඩක් නැ ඒ ගැන.. 69 ලක්ෂෙන් එකෙක් වත් හොයාගන්න නැහැ ...