IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


‘වත්මන් ලංකාව නව ගමනක් යනවා‘

අදූරදර්ශී දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට, රටේ සෞභාග්‍යය, ස්ථාවරත්වය සහතික කෙරෙන දිගුකාලීන ආර්ථික වැඩ පිළිවෙළක් සඳහා රටේ ජනතාව පසුගිය වසරේ අවස්ථා දෙකකදීම ජනවරමක් ලබා දී ඇති හෙයින්, මෛත්‍රීපාල සිරිසේන ජනපති යටතේ පිහිට වූ සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මගින් ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජයීය වශයෙන් ඉහළට ඔසවා තැබීමේ නව සැලසුම් ක්‍රියාත්මක කරමින් යන බවත්, ඒ සඳහා සිංගප්පූරුවේ සහාය අපේක්‍ෂා කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී පැවසීය.

අද (18) සිංගප්පූරු ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් හමුවූ අවස්ථාවේ අගමැතිවරයා එසේ කීය.

සිංගප්පූරුවේ ‘ඉස්තානා’ මන්දිරයේදී පැවති එම සාකච්ඡාවට එක්වෙමින් සිංගප්පූරු ජනපති කෙං යැම් ප්‍රකාශ කළේ වර්තමාන ශ්‍රී ලංකාව වැදගත් පියවර ගණනාවක් ඉදිරියට තබමින් නව ගමනකට එක් වී ඇති බවය. මේ නව ගමන මගින් ආර්ථික හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති වන්නාවූ සංවර්ධනය නිසා සමස්ත සමාජයේම විශාල දියුණුවක් ලබා ගැනීමේ අවකාශය උදාවන බවද සිංගප්පූරු ජනපතිවරයා පෙන්වා දුන්නේය.B37A3447 B37A3460 B37A3446



අදහස් (0)

‘වත්මන් ලංකාව නව ගමනක් යනවා‘

කරු Monday, 18 July 2016 10:08 PM

යන යන තැන උදවු ඉල්ලන්න ලැජ්ජා නැද්ද? (නි)

:       0       0

ලලිත් Monday, 18 July 2016 11:27 PM

සුභ ගමන්. එ්ත් කල්පනාවෙන්, අරගොල්ලෝ බොරු වළවල් කපලා ඇති පාරේ. (නි)

:       0       0

මොහාන් Tuesday, 19 July 2016 01:01 AM

නව ගමනක් යනවා වගෙයි. එ්ත් කොහාටද? (නි)

:       0       0

බන්දුල. Tuesday, 19 July 2016 03:20 AM

අනේ ලොකු දෙයක් දැන්වත් නව ගමනක් යනවා නම්! බාලගිරියක් නොවී. (නි)

:       0       0

සෙනරත් Tuesday, 19 July 2016 03:20 AM

ඔව්, ඔව්, අමුතුම ගමනක් යන බව පෙනෙනවා (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 18 July 2016 10:54 AM

නවගමන කෙසේවෙතත් සමහර හොරු එකපොදියට එකතුවෙලා රට කන ගමනක් යන්න හදනවා වාගෙයි අපිට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

සමන් Monday, 18 July 2016 11:28 AM

අර්ජුන මහේන්ද්‍රන්ලත් ඔය තවම එළියේ ඉන්නේ ලස්සනට (නි)

:       0       0

සුජීව (ජර්මනි ) Monday, 18 July 2016 12:06 PM

ශ්‍රේෂ්ඨ ජන නායකයයකුගේ, ශ්‍රී ලංකාව තුළ (අපේ උතුම් මවුබිම ) ලෝකය ජයගන්න, බුද්ධිමත් අනාගත සැලසුම්.(අ)

:       0       0

අසංග Monday, 18 July 2016 01:58 PM

අපෝ අපිට නම් හොඳටම පෙනිලා තියෙන්නේ ඔයාලගේ ගමන. (නි)

:       0       0

මාර්කෝ පෝලෝ Monday, 18 July 2016 06:17 PM

සිංගප්පූරුව හොඳ මිතුරෙක්. දැන්වත් ඔවුන්ගෙන් ආදර්ශයක් ගෙන රට දියුණු කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 793 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site