IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වත්තට පැන ලක්ෂ හතක අඹ කඩලා

(ඉන්දිකා රාමනායක)

සුරියවැව මදුනාගල ප්‍රදේශයේ ගොවි පොළක අක්කර 20ක විස්සක පුරා අඹ වගා කර ඇති භූමියකට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 7 කට ආසන්න අඹ තොගයක් කඩා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට  ගත් බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් සිව්දෙනා ඊයේ (27) පසුවරු 6.00 ට පමණ මෝටර් රථයකින් පැමිණ මෙම අඹ වගා භූමියට ඇතුළු වී මෙලෙස අඹ කඩාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ලැබුණු ගොවිපොළේ හිමිකරුට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් සමඟ එක්ව සැකකරුවන් සිව්දෙනා  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සූරියවැව සහ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් අතර වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙක් ද සිටින බව පොලීසිය කියයි.

සූරියවැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (11)

වත්තට පැන ලක්ෂ හතක අඹ කඩලා

චන්දන Tuesday, 28 February 2023 03:41 PM

එදා වේල හොයාගන්න කඩාගනිල්ලකො. සේසතම හූරගෙන කන්නෙ නැතිව .

:       47       33

Prabha Wednesday, 01 March 2023 09:20 AM

එදා වේල හොයාගන්න නම් වත්තේ වගාකරපල්ලා. හොරකමට අනුබල දෙන්නේද හොරුන්මය.

:       0       15

Silva Tuesday, 28 February 2023 03:56 PM

ගහපිය කනවල් පැලෙන්න මල පෙරේතයන්ට

:       3       71

ගමේ එකාලා Tuesday, 28 February 2023 11:47 PM

ලක්ෂ 7 ක අඹ කඩලලූ? අනේද කියන්නේ ? අඹ කොච්චර කියලා කැඩුවද? දෙයියෝ තමා දන්නේ?

:       1       9

SLWednesday, 01 March 2023 05:28 PM

මිනිස්සු මැරිලා මැරිලා, දස අතේ ණයවෙලා වගා කරන්න වෙන මහන්සිය දන්නේ ඒ මිනිස්සු. හොරුන්ට හරි ලේසියි ඇවිත් කඩාගෙන යන්න. මේ ව්‍යාපාරිකයාට උපරිම සාධාරණය ඉටුවිය යුතුයි සහ හොරුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුයි.

:       0       3

Piyal Wednesday, 01 March 2023 05:08 AM

ඕක මොකද්ද එකෙක් මහ බැංකුවට පැනල US$ මිලියන 11 ක් හොරා කෑවේ

:       4       7

vijayanthi Wednesday, 01 March 2023 05:37 AM

යකඩෝ අඹ වල ගණන්

:       0       7

Chaturika Wednesday, 01 March 2023 07:21 AM

වගා කරන මිනිස්සු තමයි දන්නේ ඒකේ දුක .ගෙඩි හැදුනම කඩන් යන්න හොරු හැදුනම මේ රටේ වගා කරන්න මිනිස්සු නැති වෙයි

:       0       13

liyanna Wednesday, 01 March 2023 08:50 AM

ඉඩම් වගා නොකර මේකත් ප්‍රබල හේතුවක් වන සතුන්ගෙන් වන හානිය වගේම හොර සතුන්ගෙනුත් වගාවන්ට විශාල හානියක් වෙනවා..

:       0       11

Janiya Friday, 03 March 2023 09:35 PM

මහ පොළෙවත් එක්ක ඔට්ටු වෙලා අමාරුවෙන් වගාවක් කරල හම්බ කරල දියුණු වෙන මිනිස්සුන්ට මේ වගේ බලු වැඩ කරන උන්ට උපරිම දඬුවම් දිය යුතුයි

:       0       0

sampath Friday, 03 March 2023 11:24 PM

වගාහානිය සහ සොරකම නිසා වගාවෙන් ගොවියා ඈත්වෙනවා. ඒකයි මේතරම් විදේශ මුදල් අර්බුදයකට යන්නෙත්... කොහොම වුණත් කාර් එකකින් ඇවිත් ලක්ෂ 7ක අඹ කැඩුවා කියන එක පිළිගනින අමාරුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site