IMG-LOGO

වාණිජ වීම හොඳයි, සේරිවාණිජ වීමයි අප්සට්

2016-09-24-ent-89

20160830Sara-1යූ.එන්. මඟුල් ගෙදර ගියපු නිසා අපරාදෙ මෛත්‍රීපාල උන්නැහේට මේ සැරේ බුක්ෆෙයාර් පැත්තෙ එන්න හම්බුණෙත් නෑ. කොහොමහරි රනිල් ලොක්කා නම් ඇවිත් පොත් ගොඩකුත් උස්සගෙන ගියා. රනිල් ලොක්කට හම්බෙච්ච චාන්ස් එක බුක්ෆෙයාර් ආපු කිසි කෙනෙකුට හම්බවුණේ නෑ. ප්‍රකාශකයෝ රනිල්ට පොත් ගොඩවල් අතපුරා දුන්නේ මාර භක්තියකින් වගේ. අනිත් අය 20% ඩිස්කවුන්ට් එක මදි කිය කිය හූල්ල හූල්ල ඇති හැකි තරමින් පොත් අරගෙන ගියා.

මේ සැරෙත් බුක් ෆෙයාර් එක ජයටම පැවැත්වුණේ මහා ජනකායකගේ පැමිණීමත් එක්ක. වෙනදා වගේම මේ සැරෙත් ප්‍රකාශකයන්ගේ සුපුරුදු දුක්ගැනවිලි ටිකනම් බුක් ෆෙයාර් ගිය අපිට අහන්න ලැබුණා. මේ දුක්ගැනවිලි වැඩිපුරම අපි එක්ක කිව්වේ පොඩි පොඩි ප්‍රකාශකයෝ. ප්‍රකාශකයන්ගේ සංගමය ඇතුළෙත් දළකාරයෝ ලොකු හැන්දෙන් තමන්ට බෙදා ගන්නවා කියලා තමයි පොඩි පොඩි ප්‍රකාශකයන්ගෙ චෝදනාව. බුක් ෆෙයාර් කියන්නේ බඩු විකුණන පොළක් නිසා එතැන සර්ව සාධාරණත්වය රජ කරනවා කියලා හිතන්න තරම් කවුරුත් මෝඩ විය යුතු නෑ. බුක් ෆෙයාර් එක ඇතුළේ තියෙන්නේ ගොඩක් බුක්ස්ටෝල්වල වෙන්නේ ‘බයින් ඇන්ඩ් සෙලින්’ වැඩක්. මොකද හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ සත පනහකට හරි ලාභයක්. ඒක නිසා වෙළෙන්දොත් පාරිභෝගිකයොත් තමන්ට වැඩෙන් කීයක් ලාභද කියලා හිතන එක පුදුමයක් නෙවෙයි.

2016-09-24-ent-90මේ සැරේ පොත්වලට දෙන වට්ටම් මුදල 20% ක් කියලා ප්‍රකාශකයන්ගේ සංගමය තීරණයකට ඇවිත්. ඒක හැම පොත් කුටියකටම පොදු කාරණයක් කියලා තමයි කියන්නේ. ඒත් ඒක හරියටම වෙනවද දන්නේ නෑ. සමහරු කියන්නේ ප්‍රකාශකයන්ට කැමති වට්ටමක් දෙන්න අවස්ථාව ලැබුණනම් හොඳයි කියලා. සංගමයක් විදියට හැමෝම පොදු තීන්දුවක් ක්‍රියාත්මක කරන එක හොඳයි. කියලත් සමහරු කියනවා. කවුරු කොහොම කිව්වත් හැම තැනම වගේ මේකෙන් වැඩ වෙන්නේ ලොක්කන්ගේ ඕන එපා කම් උඩ කියලා තමයි පේන්නේ.

බුක් ෆෙයාර් ගියපු අපට ප්‍රකාශකයන් කීප දෙනෙකු කරපු ඉල්ලීමක් තමයි. බුක්ෆෙයාර් එකේ පොත්වලට අමතරව තොරොම්බල් කෑලි විකුණන ස්ටෝල් ගැන පුළුවන්නම් ලියන්න කියලා. බුක් ෆෙයාර් එකට පොත්වලට අමතරව ඔය වගේ අදාළම නැති දේවල් විකුණන්න ස්ටෝල් වෙන්කරනවට වඩා ඒවා තවත් ප්‍රකාශකයන් කීප දෙනෙකුට දුන්නානම් මොනවා වෙනවද කියලා තමයි ඒ අයගෙ යෝජනාව. මේ විදියටම බුක් ෆෙයාර් එකේ පිරිත් නූල් කෑලි විකුණපු නළුවෙක් ගැන අපි මීට පෙර වතාවකදී ලිව්වා මතකයි. ඒකෙන් පස්සේ ඒ පිරිත් නූල් කඩේ නම් ඊළඟ වතාවේ ඉඳලා දැක්කේ නෑ. ඒ වෙනුවට දැන් වෙන වෙන කඩ දාලා තියෙනවා. මේවා ගැන තීරණය කරන්න ඕන ප්‍රකාශකයන්ම තමයි. හැමෝම පොදු එකඟතාවකට ඇවිත් වැඩේ ලස්සනට කරනවානම් හොඳයි. ඒත් එහෙම වෙනපාටක් නෑ. ඒක තමයි අපි කිව්වේ හැන්ද අතේ තියෙන කෙනා තමන්ට ලොකුවට බෙදාගන්නවා කියලා. වෙන වෙළෙඳ පොළවල්වල වගේම මේ දේවල් බුක් ෆෙයාර් එකෙත් දකින්න ලැබීම ගැන අපි නම් පුදුම වෙන්නේ නෑ.

මැගී නූඩ්ල්ස් එකෙන්වත්, කොකා කෝලා එකෙන්වත්, මඤ්ඤොක්කා පීරිසියෙන් හෝ හොට්ඩෝග් එකෙන් සත පනහක්වත් ඩිස්කවුන්ට් ඉල්ලන්නේ නැති අයම තමයි පොත්වලට ලොකු ලොකු ඩිස්කවුන්ට් ඉල්ලලා කුණු කුණු ගාන්නේ. ඒකත් පුදුම වැඩක් තමයි.

බුක් ෆෙයාර් එකට ආපු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බී.එම්.අයි.සී.එච්. එකේ තියෙන අඩු ඉඩකඩ වැනි කාරණා සලකා බලලා බුක්ෆෙයාර් එකට වෙනම තැනක් වෙන් කරලා දෙන්න පොරොන්දුවකුත් දීලා තියෙනවා කියලා ආරංචියි. ඒක නම් ඉතා හොඳ අදහසක්. දැන් ඉන්න ගොඩක් දේශපාලන නායකයන්ට වඩා රනිල් වික්‍රමසිංහ මහතා පොතපත කියවන කෙනෙක් කියලනම් අපි දන්නවා.

ඒක නිසා අගමැති රනිල් මහතාගේ යෝජනාව කඩවුණු පොරොන්දුවක් නොවේවි කියලා අපි හිතනවා. හැබැයි ඒක ඉඩ තියෙන තැනකට ගෙනියනවා කියලා රන්මිණි තැන්න හැදුවා වගේ හද්ද දුරකට ගෙනිච්චොත් තම් බඩුම තමයි.

දැන් බුක්ෆෙයාර් එක ෆැෂන් එකක් වෙලානේ. ඒක නිසාම පාඨකයන්ගේ පොකට්ටුවටම විදින්නම බලන්නේ නැතුව පොත් ප්‍රකාශකයොත් සාධාරණ වෙළෙඳාමක් කළොත් හොඳයි. වාණිජ වීම හොඳයි. සේරිවාණිජ වීම තමයි අප්සට්. ප්‍රකාශකයන්ගේ සංගමයට කියන්න තියෙන්නේ එච්චරයි.

 

ප්‍රියන්ත කොඩිප්පිලි

 

2016-09-24-ent-92
2016-09-24-ent-91



අදහස් (0)

වාණිජ වීම හොඳයි, සේරිවාණිජ වීමයි අප්සට්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site