(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජ්‍යෙෂ්ඨයන්ට තීන්දු තීරණ ගන්න බැරිනම් පසුපෙළ මන්ත්‍රීවරුන්ට එම තනතුරු දෙන්නැයි ද අගමැතිකම හරි කමක් නැතැයි ද තීන්දු අරගෙන ඒ තනතුරු නැවත දෙන්නම් යැයි ද අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුපෙළ මන්ත්‍රීවරුන් රස්තියාදු ගහමින් සිටින අතර ඔවුන්ගෙන් කිසිදු වැඩක් ගන්නේ නැතැයි ද ප්‍රේමරත්න මහතා කීය.
"පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කීදෙනෙක් රස්තියාදු ගගහ ඉන්නව ද?ඔවුන්ගෙන් වැඩක් ගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ තියෙන පළමු වරද එයයි.
මේ රටේ ප්‍රශ්න ගොඩගැහිලා තිබෙන්නේ.හරිනම් මේ වගේ වෙලාවක දිගටම වැඩ කරලා මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න ඕන.මෙතන විසඳුම් නැතිනම් විසඳුම තියෙන්නෙ කොතනද?
ජ්‍යෙෂ්ඨයන්ට තීරණ ගන්න බැරි නම් අපිට දෙන්න .අපි ගන්නම්.ජ්‍යෙෂ්ඨ තනතුරු. අගමැතිකම හරි කමක් නෑ. අපි තීන්දු අරගෙන ආපහු ඒ තනතුරු දෙන්නම්.අපිට ආසන ඕනත් නැහැ. අපි මහ පොළොවේ වාඩිවෙලා හරි තීරණ ගන්නම්.
මේ වෙලාවෙ වත් අඩියක් පස්සට ගන්න. ප්‍රතිරූප වලින් එළියට එන්නැයි අප ජේෂ්ඨයන් ගෙන් ඉල්ලනවා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’’වැඩ බැරිනම් පසුපෙළට දෙන්න’’
Pradeep Kumara Friday, 22 April 2022 04:49 PM
මේක චිත්‍රපටියක් හෝ ටෙලිනාට්‍යයක් නොවෙයි මන්ත්‍රීතුමා...!
ගමේ එකාලා Friday, 22 April 2022 05:49 PM
පාර්ලිමේන්තුවේ ඉදිරිපස අසුන් වෙන්කරලා තියෙන්නේ හොරකම්, වංචා, දූෂණ අතින් නම් දරාපු අයට වෙන්න ඇති...
Nuwan Friday, 22 April 2022 06:07 PM
මොහුව රට කරවන තැනට යවපු ජනතාවට මගේ ජනතාවට මගේ හදපිරි මෙව්වා එක... !
Bamunuarachchi Friday, 22 April 2022 06:24 PM
කණයා නැති කලට ලූලා පණ්ඩිතයා. මේ හාදයා රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය වත් තේරුම් අරගෙන නැහැ වගේ.. ඉතින් මෙහෙම මිනිස්සු ඉන්න රටකට හරියාවිද?. කණයා නැතිවලට ලූලා බකපණ්ඩිතයා...
චමින්ද Saturday, 23 April 2022 08:47 AM
බමුණාට කොවිඩ් හැදිලා කියලා හිතා හිටියත් එහෙම වෙලා නැහැ. සතුටුයි මොකද මෝඩ අදහස් කියන්න කෙනෙක් සිටින නිසා. මුන්දැ කොපමණ මෝඩද කියනවා නම් බලන්න මේ උපදේශයේ තියෙන්නෙ ලූලා නැති වලට කණයා පණ්ඩිතයා වුනත්, මුන්දැ කියන්නේ කණයා නැති වලට ලූලා පණ්ඩිතයා කියලා... කණයා කියන්නේ කුඩා සතෙක්.. ලූලා කියන්නේ ලොකු සතෙක්. මේ මන්ත්‍රී පාර්ලිමේන්තුවේ පොඩි කෙනෙක්... එයා දන්නේ බඩ ඉරිඟු හොදි හදන්න පමණයි. ඒකත් මෙලෝ රහක් නැහැ...
Ajith g Friday, 22 April 2022 06:25 PM
මොකක්ද තියෙන සුදුසුකම? රඟපාන එකද? ඒක තමයි මුළු 225ම දැන් කරන්නේ?
Dammika Perera Friday, 22 April 2022 08:13 PM
ගිය සැරේ බඩඉරිඟු කැව්වා, මේ පාර බජිරිවත් දෙයිද දන්නේ නැහැ.
කිරි පුතා Friday, 22 April 2022 08:43 PM
හොඳ කතාවක්. මහජන ඡන්දයෙන් ආපු තරුණයින්ට රටේ වැඩ කරන්න ඉඩ දෙන්න ඕනෑ. හොරකමටම හුරුවෙච්චි පරණ පප්පලා ටිකමනේ තාම තනතුරු බෙදාගෙන බදාගෙන ඉන්නේ..
sg Friday, 22 April 2022 11:52 PM
හොඳ කථාවක්...