අඩුම ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහභාගී වූ ජංගම සේවාව පසුගියදා ඉතාලියේ අක්කුලා අමබ්රුස්සෝ නගරයේදි පැවති බව ඉතාලි ශ්‍රී ලාංකිකයෝ කිහිපදෙනෙක් කියති. ඊට සියයකට අඩු පිරිසක් ඒ සදහා සහභාගී වී ඇතැයි ඔවුහු කියති. මාස දෙකකට පෙර වෙරෝනා නුවර පැවැත්වීමට නියමිතව තිබු ජංගම සේවාව අවලංගු වූ බැවින් ඒ වෙනුවට ඉතා අඩු ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජිවත්වන අමබ්රුස්සෝ නගරයේදී ජංගම සේවාව පවත්වා තිබේ. වෙරෝනා නගරයේ ශ්‍රී ලාංකිකයෝ දස දහසකට වැඩි පිරිසක් ජිවත්වෙති. නිලධාරීන්ගේ අතිකාල දීමනා ප්‍රවාහන පහසුකම් හෝටල් පහසුකම් හා කෑම බිම වෙනුවෙන් වැයවන ඇති විශාල මුදල පවා මෙවැනි ජංගම සේවා මගින් සොයා ගැනීමට නොහැකි යැයි වෙරෝනා නුවර අඛිල සමරදිවාකර මහතා පවසයි.
මේ පිලිබඳව විමසීමට ඉතාලියේ වැඩ බලන තානාපති පෝෂිත පෙරේරා සම්බන්ධ කර ගැනීමට උත්සහා කළත් දුරකථන ක්‍රියාකරවන්නීය විටෙක කියා සිටියේ ඔහු අසුනේ නොමැති බවය. තවත් විටෙක ඔහුගේ දුරකථනය කාර්යබහුල යැයි පැවසිය. මෙයට දින කිහිපයකට පෙරද අප තානාපති සම්බන්ධ කර ගැනීමට උත්සහා කිරීමේදී දුරකථන ක්‍රියාකරවන්නිය කියා සිටියේ තානාපති මාධ්‍ය ප්‍රකාශ නිකුත් නොකරන ලෙස විදේශ ලේකම්වරිය චක්‍රලේඛනයක් මගින් දන්වා ඇති බව පෝෂිත පෙරේරා තමාට දැන්වූ බවයි.
විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනි කොලොන්නගේ මහත්මිය එය ප්‍රතික්ෂේප කළාය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩේ ණයක් : ජංගමේ පාළුයි
සම්පත් Tuesday, 21 July 2015 12:41 PM
ඔය තානාපති කාර්යාලය වහන එක තමා හරි දෙය .පරපෝෂිත මහතා ගම කනවා වගේ. වැඩ බැරි . බොරු පමණි.අනේ බෙනෙට් කුරේ .යහ පාලනය (බ)