IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වෙඩි උණ්ඩයට කඩුවෙන් ගසයි

බලාපොරොත්තුවකින් සිටියත් තමා සොයා එන වෙඩි උණ්ඩයක් කඩුවකින් පහර දී විනාශ කළ හැකි පුද්ගලයකු මේ ලෝව සිටීද? ඉසාඔ මාකීයි එවැනි දුර්ලභ මිනිසෙකි. ඔහුගේ තියුණු දෑසේත්, ක්‍රියාශීලී දෑතේ , වේගය මැන බලන අවස්ථාවක් පසුගියදා කැලිෆෝනියා සරසවියේ ආචාර්ය රමණි දුර්වාෂුලා ඇතුළු පිරිසක් හමුවේ දැක ගත හැකි විය.

අති නවීන කැමරා ඉසාඕ ඉදිරියේ සවි කළ ආචාර්ය රමණි ඇතුළු පිරිස ඔහුට මීටර කිහිපයක් ඉදිරියෙ සිට ඉසාඔට වෙඩි තැබීය.

පිස්තෝලයේ හඩ පිටවන විටත් ඉසාඔහේ කඩුව රැඳී තිබෙනුයේ කොපුවේය.

ගතවන නිමේශයෙන් කඩුව පිටත ගෙන තමා සොයා එන උණ්ඩයට ඉසාඔ පහර දුන් අයුරු විශ්මිතය. බේස් බෝලයකින් හාරදාස් වාරයකින් එකක් තරම් කුඩා වේගයෙන් ඇදී ආ ඇට බෝලයට පහරදුන් ඉසාඕ අවුරුදු පහේ සිට කඩු සටන් පගුණ කළ අයෙකි.



අදහස් (0)

වෙඩි උණ්ඩයට කඩුවෙන් ගසයි

ප්‍රභා Wednesday, 27 March 2013 07:34 PM

අපේ කැළණිය පැත්තෙත් කෙනෙක් හිටියා. එයාගේ වැඩත් එක්ක ගත්තහම ඕක මොකක්ද? (නි)

:       0       0

නිල් Wednesday, 27 March 2013 02:21 PM

චිත්‍රපටියක් වත්ද (දී)

:       0       0

සේන Wednesday, 27 March 2013 02:22 PM

ඇමරිකන්නේ අහන්නත් දෙයක් නෑ (ස)

:       0       0

සුභාෂිනී Wednesday, 27 March 2013 02:29 PM

ඇත්තටම වැඩකාරයෙක්. හොලිවුඩ් චිත්‍රපටියක් වගේ (ස)

:       0       0

සරත් Wednesday, 27 March 2013 08:22 PM

එයාට එයා විස්වාසයි. ඒක තම රහස. තමන්ට තමුන් විශ්වාස නම්.... අභියෝග නම් මොනවාද කියලා ජිවිතයට කියලා දෙන පාඩමක්...... (නි)

:       0       0

චතූ Wednesday, 27 March 2013 02:56 PM

වීඩියෝ එහෙම නැද්ද ? (ස)

:       0       0

සරත් Wednesday, 27 March 2013 09:08 PM

එයාට එයා විස්වාසයි ඒක තම රහස. තමන්ට තමුන් විස්වාස නම් අභියෝග නම් මොනවාද කියලා ජිවිතයට කියලා දෙන පාඩමක්.(නදී)

:       0       0

අසේල Wednesday, 27 March 2013 09:04 PM

"සමුරායි.." (නි)

:       0       0

සම්පත් Thursday, 28 March 2013 11:05 AM

විශ්වාස කරන්න අමාරුයි (දී)

:       0       0

ශාන්ති Wednesday, 27 March 2013 09:20 PM

කැමරා මායාවක්ද (දී)

:       0       0

සම්පත් Wednesday, 27 March 2013 03:40 PM

මෙයා ඇමරිකාවේ නෙමෙයි චීනේ (ස)

:       0       0

ගාමිණී Wednesday, 27 March 2013 03:41 PM

ගිනස් පොතට යා යුතු ඉතාමත් දක්ෂ ක්‍රියාවක් (ස)

:       0       0

රසික Wednesday, 27 March 2013 09:38 PM

මටනම් පිස්සු වගේ (දී)

:       0       0

නිත්‍යා Wednesday, 27 March 2013 03:50 PM

දක්ෂතාවය අගයනවා (ස)

:       0       0

රූපා Thursday, 28 March 2013 12:06 PM

ෆිල්ම් එකක්ද

:       0       0

කෝලිත Wednesday, 27 March 2013 04:08 PM

මිට වඩා දක්ෂ මිනිස්සු ලංකාවේ හිටියා (දී)

:       0       0

ධම්මිකා Wednesday, 27 March 2013 04:07 PM

ඔහු ජපන් සම්භවයක් ඇත්තෙකි. ඔහු නූතන සමුරායිවරයකු ලෙස හැඳින්වීම ඇත්තෙන්ම සුදුසුය.(ස)

:       0       0

මහිම Wednesday, 27 March 2013 04:15 PM

මෙයා සමුරායි කෙනෙක්. ඉන්නේ ජපානේ. රියැලිටි එකකත් හිටියා.(ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 28 March 2013 12:56 PM

මමත් සුභාෂිණී කියන එක අනුමත කරනවා. (නි)

:       0       0

රනිල් Thursday, 28 March 2013 12:02 AM

මෙහෙමත් වීර කමක් (දී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 28 March 2013 01:04 PM

ධම්මිකා කියනා පරිද්දෙන් ඔහු නූතන සමුරායිවරයෙක් ලෙස හැඳින්විය හැකි බව මම ද සිතමි. (නි)

:       0       0

නීල් Wednesday, 27 March 2013 04:27 PM

වෙඩි උණ්ඩය කඩුවෙන් නවත්වනවා කියන්නේ හාස් කමක් (දී)

:       0       0

කලින්ග Thursday, 05 September 2013 12:58 PM

මම කියවලා තියෙනවා ඔය කතාව (දී)

:       0       0

නිශාන්ත Thursday, 28 March 2013 12:21 AM

මෙයා සමුරායි පරම්පරාවෙ කෙනෙක්ද? (නි)

:       0       0

නිමල් Wednesday, 27 March 2013 04:37 PM

පොඩ්ඩක් හරි වැරදුනොත් (දී)

:       0       0

ශාන් Wednesday, 27 March 2013 04:38 PM

මෙහෙමත් හපන්නු (දී)

:       0       0

පෙරුමාල් Thursday, 28 March 2013 01:22 PM

මට පුලුවන් කඩුව උංඩෙන් නවත්වන්න!(නදී)

:       0       0

සමන්ත Thursday, 28 March 2013 03:03 AM

මානසික ඒකාග්‍රතාවය මිනිසුන්ට පමණක් උරුම වූ වරප්‍රසාදයක් ලෙස බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. (නි)

:       0       0

බුද්ධික Friday, 29 March 2013 09:57 AM

ිවදුලි වේ‍ගයෙන් තමන්ගේ සිත තුළට එන තෘෂ්ණාව ජීවිතයේ අන්තිම මොහොතේදී හෝ නැවැත්වීමට හැකිනම් ඔහුයි නියම වීරයා වන්නේ. (නි)

:       0       0

ඉන්දික Thursday, 28 March 2013 03:14 AM

මේක ඇත්තක් නොවෙයි (දී)

:       0       0

මුතුකුඩ Thursday, 28 March 2013 04:16 AM

අර ඇමරිකාවෙන් දමන මිසයිලත් ඔහොම කපන්න පුලුවන් නම් හොදයි නේද? (නි)

:       0       0

පිටිගල Thursday, 28 March 2013 04:16 AM

අපේ මරදන්කඩවල යකඩයා, මරු සිරාලා ඔය විභාග හුගක් කාලයකට ඉස්සරයි පාස් කළේ. (නි)

:       0       0

සාමි Friday, 29 March 2013 05:45 PM

අයියෝ! අපේ පාර්ලිමේන්තුවේ කට්ටිය දාන වැඩ වලට‍ මේවා පරාදයි (නි)

:       0       0

බුත්තල Wednesday, 27 March 2013 05:11 PM

අතීත හා වර්තමාන ආයුධ අතර හමුවක් (දී)

:       0       0

ලිලන්ත Thursday, 28 March 2013 06:34 AM

ඔහු සැබවින්ම විශිෂ්ටයෙක්. (නි)

:       0       0

සාලිය Thursday, 28 March 2013 06:47 AM

මාර වැඩකාරයෙක්නේ. (නි)

:       0       0

ඉෂාන් Wednesday, 27 March 2013 05:33 PM

කී පාරක් වෙඩි තියලා පුරුදු වෙන්න ඇද්ද මේ දේ මෙහෙම කරන්න? (නි)

:       0       0

තාරක Thursday, 28 March 2013 08:07 AM

මාරයිනේ (දී)

:       0       0

ගමගේ Thursday, 28 March 2013 08:21 AM

ඇති විශිෂ්ටයි (දී)

:       0       0

ඉන්දු Wednesday, 27 March 2013 06:02 PM

විශ්මිත ක්‍රියාවක්. මෙයා ක්‍රිකට් ගැහුවා නම් කොහොමද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 28 March 2013 03:39 PM

කෝලිත, කුඩුකේඩුකම් නැතුව දක්ෂ මිනිහෙකුගේ දක්ෂකම පිළිගන්න. ලංකාවේ දක්ෂ මිනිස්සු "හිටියා" කියා නොවෙයි "ඉන්නවා" කියා කියන්න ඔයා වුණත් පැකිලෙනවා නේද? ඉස්සර තරම් දැන් ඉන්න කට්ටියට බැරි බව එකෙන් ඔයාත් පිළිගන්නවානේ ? ආඩම්බරයිද? (නි)

:       0       0

දුමිදු Wednesday, 27 March 2013 06:24 PM

ඇත්තද මේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site