ඇත්තටම ඔබ කවුද?
මම අයිෂ්රා අතුකෝරල. අම්මයි තාත්තයි එක්ක බොරලැස්ගමුවෙ ඉන්නෙ. මල්ලී කෙනෙක් ඉන්නවා. එයා තවම ලන්ඩන්.
විශාකා එකට පොඩි කාලෙ ගියෙ. ඊට පස්සෙ උසස් අධ්‍යාපනයට ලන්ඩන් ගියා. එහෙදි "එල්.එල්.බී ලෝ"ඉවර කළා.
ලංකාවෙ ලෝ කොලේජ් එකේ විභාගයක් කරන්න ඕනෑ. 2014 ලංකාවට ඇවිත් විභාගයක් කළා. තව විභාග දෙකක් කරන්න තියෙනවා.
නිරෑපණ ක්‍ෂේත්‍රයට ආවෙ අහම්බෙන්. ඊට පස්සෙ ස්වර්ණවාහිනියෙ වැඩසටහනක නිවේදක කටයුතුත් කරන්න හම්බවුණා.
ඔව්, පසුගිය දින කිහිපයේ චිත්‍රපටයක රඟපෑවා. දැන් ඒක ඉවරයි. මම ඒකෙ ප්‍රධාන චරිතය කළා. ඒක ආර්ට් මූවි එකක්.
මහේන්ද්‍ර පෙරේරා සර්ගෙ ක්ලාස්වලට යනවා. බාරගත් &මොඩ්ලින්* වැඩ නිසා ක්ලාස් එක මඟහැරැණත් මම හැම උත්සාහයක්ම ගන්නවා ක්ලාස් එකට යන්න. වැඩියෙන්ම කැමැති ආර්ට් ෆිල්ම්වලට.
ඒකට හේතුව හිතාගන්න බෑ. නමුත් මම ෆිල්ම්වලට ආසයි. ලන්ඩන් ඉද්දී එහෙ ඒවා බැලුවා. නිදාගන්න කලින් චිත්‍රපට බලනවා. කිහිපයකටම ආරාධනා ලැබුණත් තවම එකකට විතරයි දායක වුණේ. තවත් එකක් ලබන මාසෙ පටන් ගන්නවා.
මම වයසට ගිහින් මොකුත් නොකරන කාලෙක මෙහෙම දෙයක් කළා කියලා සන්තෝස වෙන්න පුළුවන් නිර්මාණවලට දායක වෙන්නයි කැමැති.
ජාත්‍යන්තර මට්ටමේ නිරෑපණ තරගවලට ගිහින් තියෙනවද?
නෑ. ෆැෂන් ෆොටෝග්‍රැපි, ෆැෂන් මොඩ්ලින් රෑම්ප් මොඩ්ලින් කරනවා විතරයි. ඉන්ටර්නැෂනල් කම්පෙටිෂන්වලට ගිහින් නෑ.
ලංකාවෙ නිරෑපිකාවන්ට එච්චර පිළිගැනීමක් නෑ කියන්නෙ ඇත්තක්ද?
මොන ක්ෂේත්‍රයේ හිටියත් එය ගෞරවයෙන් යුක්තව එය කරන්න ඕන. සමහර මොඩ්ලර්ස්ලා ඉන්නවා ඒ අයගෙ තත්ත්වය තියාගෙන ඉන්න අය. ඒ අයට ක්ෂේත්‍රයේ අය ගරැ කරනවා. බහුතරය ඒ අයගේ වරදින් පහත් තැනකට වැටෙනවා.
අතින් අතට යන්නෙ නැතුව ක්ෂේත්‍රයේ රුඳෙන්න පුළුවන්ද?
එහෙම ඉන්න අය ඕන තරම් ඉන්නවා. ලංකාවෙ සුපර් මොඩ්ලර්ස්ලා කියලා නමක් තියාගෙන ඉන්න දහයක් විතර මේ අතරෙ ඉන්නවා.
නෑ. කියන්න තරම් දෙයක් වෙලා නෑ. තමන්ගෙ චරිතය හා හැසිරීම අනුවයි එහෙම වෙනවා ඇත්තෙ. හරියට ඉන්නවනම් මම හිතන්නෙ නෑ එහෙම දේවල් වෙනවා ඇති කියලා
නිරෑපණ ක්‍ෂේත්‍රය කියන්නෙ සල්ලි හම්බ කරන්න පුළුවන් රස්සාවක්ද?
ඇක්ටිං ෆිල්ඩ් එකට වඩා මොඩ්ලින් ෆීල්ඩ් එකේ ගෙවීම් වැඩියි. නමුත් හැමදේකටම ඉන්න කෙනෙක්ට හොඳ දේ ලැබෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. හැම පොඩි "ෂුට්" එකම කරන කෙනාට අලුත් හොඳ වැඩ ලැබෙන්නෙ නෑ. මුණ "කොමන්"කරගන් නැතුව ඉන්න කෙනාට හොඳ වැඩ හම්බ වෙනවා.
ටෙලිනාට්‍යවල රඟපාන්න ආරාධනා ලැබිලා තියේද?
ඔව්. ආරාධනා රුසක් ආවත් බාරගත්තෙ නෑ. බාරගන්න අදහසකුත් නෑ.
ලංකාවෙ ටෙලිනාට්‍ය ඒතරම් හොඳ තත්ත්වයක තියෙනවා කියලා මම හිතන්නෙ නෑ.
ටෙලි නාට්‍ය බලන්න ගුණාත්මක රසිකත්වයක් තියෙන පිරිසක් ඉන්නවා කියලා මම හිතන්නෙත් නෑ. සමාජයට පණිවිඩයක් දෙන මහන්සිවෙලා කරන ගුණාත්මක බවින් වැඩි සිනමාවට මම කැමතියි.
දෙකම නැහැ. මම අම්මලත් එක්ක ඉන්නෙ.
මම කොහොමත් නිතර යනවා එනවා. මල්ලි, තව නෑදෑයො එහෙ ඉන්නවා. කවදාහරි දවසක මම එහෙ ඉඳියි කියලා හිතුවත් තව ටික කාලයක් මෙහෙ ඉඳියි.
අලුත් අවුරැද්දෙ තියෙන බලාපොරොත්තු මොනවාද?
මම බාරගත්ත චිත්‍රපටයේ වැඩකරන එක තමයි අංක එක. ඊට අමතරව හොඳ සිනමා නිර්මාණවලට දායක වෙන්නන් කැමැතියි. තව මම &අයිෂ් ක්ලූතිං* කියලා ඩිසයිනර් වෙයා(ර්) ලයින් එකක් කරනවා.
- වැවගම - සේයාරැව | සුමුදු -
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩිය මූණ පෙන්නුවම වැඩ අඩු වෙනවා