IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘‘වැඩිය දඟලන්න එපා‘‘ බූස්ස ලොක්කාට ඩුබායිවලින් ඇමතුමක්

(යොහාන් භාසුර )

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා එහි සේවය කරන අතරතුරදි ඔහුගේ කටුනායක ඔහුගේ නිවසට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බි දිසානායක  මහතා පැවසීය.

පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (11) වැනිදා පස්වරු 5.00 ට පමණ යතුරු පැදියකින් පැමිණ නිවසේ රැදි සිටි අධිකාරිවරයාගේ පියාට ඩුබායි රටේ සිටින හීනටියන සංඛ නැමැත්තාගෙන් යැයි පවසා දුරකථන ඇමතුමක් සම්බන්ධ කර ඇති බවත් සහකාර අධිකාරිවරයා බූස්ස බන්ධනාගාරයේ කරන සෝදිසි කටයුතු නවතා දමන ලෙසට  එම පුද්ගලයා තර්ජනය කර ඇති බවත් දිසානායක මහතා කීය.

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ තිබී දුරකථන කිහිපයක් පසුගියදා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රදවා සිටින පාතාල කල්ලි සාමාජිකයකු ද අධිකාරිවරයාගෙන් විමසීම් කර ඇති බවත් මෙම සිද්ධිය පිළිබදව පොලිසියට පැමිණිලි කර විමර්ෂණ කටයුතු ක්‍රියාත්මක බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (12)

‘‘වැඩිය දඟලන්න එපා‘‘ බූස්ස ලොක්කාට ඩුබායිවලින් ඇමතුමක්

Frenciscu Saturday, 13 July 2024 09:41 AM

එන්න එන්නම විදේශවල සිට තර්ජන කරනවා. ඒවා නැවැත්වීම නොකලොත් මහා විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා ලංකාවෙ ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය වැලැක්වීම සදහා ඔය විදේශවල ඉන්නවා කියන මැරයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කර ලංකාවට පැමිණීමත් තහනම් කරන්න බැරිද

:       0       149

විනෝද් Saturday, 13 July 2024 10:45 AM

ලංකාවේ පොලිසිය ගැන නම් වස ලැජ්ජයි. පාතාලයට යටවෙලා මුලු රටම.

:       23       82

සන්ක Saturday, 13 July 2024 10:47 AM

යුද්දය දිනුව ත්‍රිවිද හමුදාවක් පොලිසියක් සිවිල් ආරක්ශක බලකායක් ඉන්න රටේ විලි ලැජ්ජයි පාතාල පගර නැට්ටො නටන මේ නාඩගම්.

:       1       131

Prabha Saturday, 13 July 2024 10:57 AM

මාෆියාවේ උපත තියන ඉතාලියේවත් මෙහෙම මාෆියාක් නැතුව ඇති

:       0       109

Amara Saturday, 13 July 2024 11:22 AM

සඟවා ඇති ආයුධ සියල්ල පෙන්වීම ඉක්මන් කළ යුතුයි!

:       1       94

Mendis BoossSaturday, 13 July 2024 03:32 PM

පොඩ්ඩක් ඉන්න. මාලිමාවේ ලප කුමාර එනකන්. ඒ ගොල්ලන්ට තමයි... මේ සේරම හොඳට කරන්න පුළුවන්.

:       21       12

SL Saturday, 13 July 2024 11:52 AM

මේ කාලකන්නි සිග්නල් ජෑම් කරපු farade cage එකක් ඇතුලේ හදපු දුපතක හිරකරලා දාන්න බැරි මොකද .රටේ සංවර්ධනයට තියෙන ලොකුම හෙනයක් මේ පාතාල කාලකන්නි ............

:       0       74

Rata Perata Saturday, 13 July 2024 01:09 PM

ලංකාවේ දේශපාලකයෝ තමයි පිටරටවලට ගැතිවන සංස්කෘතිය හැදුවේ. ඒකට කොන්ද තිබුණේ නැහැ කෙළින් කතා කරන්න. දැක්කනේ මහින්ද, චීනෙට තම බිරිඳ විතරයි දුන්නේ නැත්තේ. දැන් ඉතින් තත්වය ඔඩු දුවලා... රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහයෝගයක් ලබාගන්නත් බෑ යහපාලනයක් නැති නිසා...

:       51       36

Nimesh Saturday, 13 July 2024 01:37 PM

CCD එක යටතේ හිටපු කන්ජිපානි කියන මහාපරිමාණ මත්කුඩු වෙලෙන්ඳාව නිදහස් කරේ කවද්ද? කාගේ වුවමනාවටද? යුක්තිය කියලා මහ බොරුවක් කරන ගමන්, මහාපරිමාණ කුඩු ගෙන්වන අයව රකින්නෙත් මේ ආණ්ඩුව තමයි...

:       3       261

Mendis Boossa Saturday, 13 July 2024 03:36 PM

මාලිමාවට පාතාලය නැති කරන්න හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. සහෝදරවරුනි 88/89 වගේ භීෂණයක් ඇතිකරලා, බිල්ලෝ ගෙනැල්ලා, හමුදාවෙන් පැනලා ආපු ඔක්කොම සහ ඔවුන්ගේ පවුල්වල අය ඉවර කරනවා පාතාලයේ නම දාලා... කොහොමද ලප කුමාරගේ අදහස්?

:       19       66

ජගත් ලියනගේ Saturday, 13 July 2024 04:46 PM

ලංකාවේ නීතිය හා සාමය එන්න එන්නම ආඝාදයට යනවා .

:       0       44

tissa Saturday, 13 July 2024 06:53 PM

මේ අපරාධවලට ප්‍රධාන හේතුව, අපරාධකරුවන්ට නිසි දඬුවම් නොලැබීම නිසා අපරාධ කිරීමට, බියක් නැති වීමයි...!

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 696 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17858 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site