IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වඩයකින් ආ මාරයා අධ්‍යක්ෂ බිලිගනී

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු  ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අතුරුගිරිය පෝරේ බොරළුගොඩ පාර අංක 294/05 හි පදිංචි අමරසේකරගේ අනුර සම්පත් අමරසේකර නමැති පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයකු බව පොලිසිය කියයි.

කැලණිය සරසවියේ කථිකාචාර්යවරියක වන සිය බිරිඳ හා  වෛද්‍ය දියණිය ඇතුළු පවුලේ ඥාතීන්  සමග ආහාර ගනිමින් සිටියදී සැහැල්ලු ආහාරයක් ගැනීමට බව පවසා වඩේ එකක්  ආහාරයට ගනිද්දී එක් වරම කැස්සක් හටගෙන තිබේ .පසුව එම කැස්ස  නැවැත්වීම සඳහා විවිධ ප්‍රථමාධාර  ලබා දුන්නද  එය නොනැවතී ක්‍රමයෙන් අසාත්මික තාවයකට පත්ව තිබේ.

පසුව ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට රැගෙන ගොස් ඇතත් එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මියගොස් ඇතිි බවයි. පසුව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය එම ස්ථානයට ගොස් ස්ථානීය පරීක්‍ෂණයක් සිදුකොට  පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළාය.

ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ හෝමාගම මූලික රෝහලේදී (21) දා සිදුකිරීමට නියමිතව තිබුණි.



අදහස් (5)

වඩයකින් ආ මාරයා අධ්‍යක්ෂ බිලිගනී

chamara Thursday, 21 November 2024 12:32 PM

කඩ කෑම හොදට දන්න තැනකින් ඇරෙන්න වෙන නොදන්නා තැන් වලින් කන්නේ බලාගෙන. ඒවායේ සෞඛ්‍ය ආරක්ෂිත බව දන්නේ කොහොමද?

:       11       29

Jayasekara Thursday, 21 November 2024 02:58 PM

මොන ආසාද්මික තාවයක්ද? නොනවතින කැස්ස එන්නේ බොහෝ වෙලාවට දරුණු හෘදයාබාධයක දී.

:       9       20

Sagara Thursday, 21 November 2024 06:17 PM

මටත් ම මෑතකදී ඕකම වුණා... ඒත් කෑලි මිරිස් දාපු කෑමක් කද්දී. ඕකෙදී වෙන්නේ එක පාරටම කැස්ස එනවා... ඊට පස්සේ ස්වසන මාර්ගය අවහිර වෙලා හුස්ම ගන්න අමාරු වෙනවා. මට නම් වාසනාවට කිහිප වාරයක් කැස්සට පස්සේ ආයේ හුස්ම ගන්න පුලුවන් වුණා. ඊට කලින් අපේ අම්මටත් ඕකම වෙලා තියෙනවා. ඉස්පිරිතාලේ ගියත් කලේ ඔක්සිජන් දීපු එක විතරයි.

:       0       9

වන්නකු Friday, 22 November 2024 05:49 AM

ගැඹුරු කැස්ස, හෘදයාබාධය අඩු වෙනවා කියලා මං අහලා තියෙනවා. ඒක බොරුවක් ද?

:       2       3

Nilakshi SamarakoonFriday, 22 November 2024 01:42 PM

හර්ද්‍යාබාධ තත්වයක් ආ අවස්තාවේ රෝහල් ගත වනතුරු කැස්ස පවත්වාගෙන යාමෙන් බොහෝදුරට මරණයෙන් ගැලවීමට පුළුවන් කියලයි මම නම් දන්නේ....!

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site