IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


වැඩිපුර ලක්‍ෂ එකහමාර බැංකුවට දෙයි

කරාපිටිය මහජන බැංකුවට රන් බඩු උගස් කළ ලබුදුවේ ෂර්මිලා නදීකා හෙට්ටිආරච්චි (34) තිදරු මවට වැඩිපුර ලැබුණු රුපියල් එක්ලක්‍ෂ හැටදාහක් පැයක් ඇතුළත ඇය විසින් බැංකුවට බාර දෙන ලදැයි බැංකු කළමනාකරු ඩබ්ලිව් විජේරත්න මහතා කියයි. උගස් බඩුවෙනුවෙන් ඇයට ලැබිය යුතුව තිබුණේ රුපියල් 18500 කි



අදහස් (0)

වැඩිපුර ලක්‍ෂ එකහමාර බැංකුවට දෙයි

අතපත්තු Thursday, 05 July 2012 12:41 PM

දීපාල් ලංකාවට ගරහන්න එපා. අපේ රටේ බහුතරය හොඳ මිනිස්සු........

:       0       0

ජගත් Thursday, 05 July 2012 12:03 PM

පුදුමයි ඒත් ඇත්තයි.. සමාජයේ මෙහෙමත් අය ඉන්න එක ගැන සතුටුයි..

:       0       0

පාලිත මාලදිවයින Thursday, 05 July 2012 05:08 PM

කවුරැත් ඉතා ඉහළින් අගය කළ යුතු ක්‍රියාවක් ඒ මහත්මිය කරල තියෙන්නෙ.. බැංකුවෙන් යම් ත්‍යාගයක් පිරිනමනවානම් ඉතා හොදයි.. එය අනෙක් අය දිරිගැන්වීමක් වෙනවා..

:       0       0

රජීව Thursday, 05 July 2012 12:11 PM

සුජීව, පැයක් ගියේ ඇයිද ? සුජීවට මොකටද ඒක..

:       0       0

චමින්ද Thursday, 05 July 2012 12:51 PM

ඔබතුමියගේ අවංක කමට සියළු දෙනාම ගරු කරනවා...

:       0       0

ධනවර්ධන Thursday, 05 July 2012 12:12 PM

ඔබේ අවංක කමට සියළු දෙනාම ගරු කරනවා....

:       0       0

රජීව් Thursday, 05 July 2012 12:51 PM

අජේ , බය නිසා නේ දුන්නේ... අනේ අජේ මෝඩ කතා නොකියා ඉන්න..

:       0       0

නිරෝෂණ Friday, 06 July 2012 01:36 AM

හිටියොත් හොදට හැදී දෙවියොත් නමටවදී .................

:       0       0

බණ්ඩාර Thursday, 05 July 2012 12:52 PM

සුභ පැතුම් අපේ ළමයින්ටත් හොද ආදර්ශයක් මේක

:       0       0

රංග Friday, 06 July 2012 12:57 AM

හිටියොත් හොදට හැදී දෙවියොත් නමටවදී .................

:       0       0

වයිමා Thursday, 05 July 2012 05:22 PM

නියම ශ්‍රී ලාංකික කතක්..... යස ඉසුරැ ලැබෙනවා සත්තයි..

:       0       0

හේමාල් Thursday, 05 July 2012 04:46 PM

ඔබ තුමිය නියම කුල කාන්තාවක් ඔබට ජයෙන් ජයම වේවා..!

:       0       0

නිල්මිනී Thursday, 05 July 2012 12:58 PM

කාන්තාවන්ට ආදර්ශයක් ඔබ..

:       0       0

රුක්ෂාන් Thursday, 05 July 2012 12:21 PM

මුළු ලෝකෙටම ඔයා ආදර්ශයක් අක්කේ..ජය වේවා

:       0       0

සන්ජය Thursday, 05 July 2012 12:23 PM

වාසනාව විශ්වාස කමින් යටපත් කරා...

:       0       0

මොහොමඩ් Thursday, 05 July 2012 01:06 PM

කරුණාකර ඇගේ ලිපිනය හෝ දුරකතන අංකය පළ කරන්න

:       0       0

වසන්ත ගල්ල Saturday, 07 July 2012 11:02 AM

දීපාල් මොකද ... ලංකාවේ ඉන්නවද සිංහල නම් තියෙන ඉතියෝපින් හරි වෙන මොකක් හරි රටවල මිනිස්සු. තමනුත් ලංකවේ අම්මා කෙනකුට දාව නේද ඉපදිලා ඉන්නේ. තමුන්ගේ මව්බිම අගයන්න පුරුදු වෙන්න. මටත් ලොකු ආඩම්බරයක් ගමේ වැඩක්‌ නිසා

:       0       0

sss Thursday, 05 July 2012 01:10 PM

අද වෙන දේවල් වල හැටියට එයාට බය හිතුනද දන්නෑ ඒ සල්ලි ටිකත් පොළියත් එක්කම ආපහු ගෙවන්න වෙයිද කියලා

:       0       0

ෆාරු Thursday, 05 July 2012 12:33 PM

ශ්‍යාමිලා, පරිස්සමින්.

:       0       0

මේනක Thursday, 05 July 2012 01:13 PM

නියමයි මැඩම්.අපි ඔබව අගය කරනවා.හැබැයි මේ දේ කරපු අයකැමියාට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගය ගැනත් අපි දැන ගන්න කැමතියි

:       0       0

තෙල් වෙදා Friday, 06 July 2012 04:26 AM

මෝහමෙඩ්, ඔහේ ඔය විස්තරේ දිවැසින්ද දැක්කෙ සෞදියෙ ඉඳල? නිකං පලයන් බං යන්න! 'මෝහ' මෙඩ් ම තමා මෙයා නං...

:       0       0

සුභාෂිණි Friday, 06 July 2012 05:39 AM

මේක ටිකක් අදහන්න අමාරු කතාවක්.ගාණේ වෙනස බලන්නකෝ.කොහොම වුණත් වැඩේ ගොඩින් බේරගෙන නම් තියෙනවා.1000ක 2000ක වෙනසක් නම් පිළිගන්න තිබුණා

:       0       0

ජයා-Australia Friday, 06 July 2012 05:49 AM

මේ කරපු වැඩේ අඩුවක් දකින්නේ නියමම හොරු

:       0       0

නිශා Thursday, 05 July 2012 12:43 PM

18500 කොළ අඩුයි. 150000 වැඩියිනේ...වැඩිපුර ආවහම හොඳට තේරෙනවනේ. මේක බයට දෙන්න ඇත්තේ

:       0       0

ගාල්ලේගේ Thursday, 05 July 2012 05:36 PM

මහ ඇමති අපේක්ෂක කමක් දුන්නොත් හොද නැද්ද?

:       0       0

වින්ධ්‍යා Sunday, 08 July 2012 02:57 PM

නිර්භීත කාන්තාවක්

:       0       0

සුදු මල්ලී Thursday, 05 July 2012 12:51 PM

බැංකුවේ වැඩ මෙහෙමද? ගනන් කරලාද 160000 ක් වැඩිපුර දුන්නේ. නියමයි. අට වත් පාස් වෙච්ච අයද දන්නේ නෑ මේ බැංකුවේ ඉන්නේ.

:       0       0

akila dulaj / galla Saturday, 07 July 2012 11:47 AM

මේ අක්ක හො නිසා හොඳයි. නැත්නම් බැංකුවට ලක්ෂ එක හමාරක් පාඩුයි. මහජන බැංකුවේ වැඩ කරන අයගේ මොල පරීක්ෂා කෙරුවානම් හරි.

:       0       0

ගෝපාල් Thursday, 05 July 2012 12:56 PM

අනේ මෙහෙමත් මෝඩ ගෑණු..මොන එහෙකට ගිහින් දුන්නද ?මම වගේ නම් දෙන්නෑ ..බැංකුවට ගණන්කර ගන්න බැරි උනාට අපි මක් කරන්නද ????

:       0       0

ආශා-Melbourne Friday, 06 July 2012 08:18 AM

අංගුලිමාල මිනිස්සු 999ක් මරලත් අන්තිමට හරි තීරණේ අරන් සසරින් එතෙර වුණා වගේ මොන චේතනාවකින් ගෙදර ගෙනාවත් අන්තිමට අරන් තියෙන්නේ හරිම තීරණේ

:       0       0

සජී Thursday, 05 July 2012 01:42 PM

මටත් හිතෙනවා ඒ බැංකුවේ ගිණුමක් විවෘත්ත කරන්න..හැබැයි ඒ කැෂියර්ම ඉන්නවනම් තමයි..

:       0       0

ලලනා Thursday, 05 July 2012 01:06 PM

ඇගේ දැනුම, බුද්ධිය ඉහළයි

:       0       0

වත්සලා Saturday, 07 July 2012 10:14 PM

අපි අගය කරන්න ඕනේ මේ වැඩ. හැබැයි මතක ඇතුව ඔය සල්ලි ටික ආණ්ඩුවේ බැංකුවක දාන්න

:       0       0

වත්සලා Saturday, 07 July 2012 10:53 PM

ඇගේ අවංක කම අපි අගය කළ යුතුයි..!! අපි දන්නවා සියලුම රජයේ බැංකු ගැන.. කම්මැලි සේවකයෝ.. ගණුදෙනුකරැවන්ට ගණනකටවත් නොගනී...

:       0       0

ගාමිණි Thursday, 05 July 2012 01:14 PM

කරපු දේ නම් අති විශිෂ්ඨයි. මට ලැබුණා නම් පැයක් නෙමෙයි සතියක් හිතනවා

:       0       0

ගාමිණි Thursday, 05 July 2012 01:53 PM

මොනවා වුණත් ඒ අයකැමියාගේ දරු පවුල ඔබට පින් දෙනවා ඇති

:       0       0

මහේල Friday, 06 July 2012 09:17 AM

බයට තමයි නැවත පැයෙන් පස්සේ ගෙනත් දීලා තියෙන්නේ...

:       0       0

මොට්ටයා Thursday, 05 July 2012 01:22 PM

මොළේ ඇති කාන්තාවක්.මොකද කවද හරි බැංකුව ඕක හොයා ගන්නවා.ඉන්පස්සේ බැංකුව ඒ කාන්තාවට නඩු දාන්න උණත් ඉඩ තියෙනවා, වංචා කළා කියලා

:       0       0

සමන් Thursday, 05 July 2012 01:24 PM

දකුණු පලාතේ මේ දිනවල වෙන දේවල් එක්ක බලද්දි සද් ක්‍රියාවක් මේක.

:       0       0

සිල්වා Thursday, 05 July 2012 07:37 PM

දකුණු පළාතේ අපි ගැන රට තුළ වැරදි මතයක් ඇති කරන එක හොද දෙයක් නෙමෙයි

:       0       0

ප්‍රියදර්ශනී Thursday, 05 July 2012 07:00 PM

මෙයාගේ හරි ගාණ 18500 නෙවෙයි වෙන්න ඇති. 185000 වෙන්න ඇති. මම නම් හිතන්නේ එයා එයාගේ ආරක්ෂාවට එහෙම බොරු ගාණක් කියනවා ඇති කියලයි

:       0       0

හොඳ පුතා Thursday, 05 July 2012 01:32 PM

කරුණාකරලා මෙන්න මෙයාට සබරගමුවේ හරි උතුරුමැද හරි අපේක්ෂක කමක් දෙන්න. කාට හරි පුළුවන් නම් එකට මැදිහත් වෙන්න.

:       0       0

ගාලු කොලුවා Thursday, 05 July 2012 02:11 PM

ගාල්ලෙ පැත්තෙ බැංකුවක්නෙ නේද. ඔය ශර්මිලා වෙන පලාතක කෙනෙක් වෙන්ඩ ඇති...

:       0       0

ඔවින් Thursday, 05 July 2012 07:41 PM

හොදයි ...

:       0       0

සිරිමලා Thursday, 05 July 2012 01:40 PM

ඔබ වැනි අය හරිම උතුම්.. අරැණ වගේ මහත්වරැත් හරිම වටිනවා.. එවුනට පින සහ ගෝපාල් වගේ කට්ටිය තමයි රටේ ගොඩක් ඉන්නෙ...

:       0       0

සිංහ ලේ දියසේන Thursday, 05 July 2012 01:40 PM

බොහොම හොද වැඩක්. ඒත් මතක් කරන්න ඕන ඕකෙ අනිත් පැත්ත උණානම් මේ ඇත්තිය වැටෙන අමාරුව.

:       0       0

අමා Thursday, 05 July 2012 02:21 PM

මගේ මහත්තයාත් බැංකුවෙ රැකියාව කළේ. රැපියල් 100ක වව්චරයක් නැති වෙලා රැකියාව අහිමි උනා.. තාමත් කම්කරැ උසාවියෙ නඩුවක් තියෙනවා.. රැකියාව අහිමිවීම නිසා අපට ගොඩක් කරදරවලට මුහුණ දෙන්න සිදුවුණා.. ශර්මිලා කරපු මේ වැඩේ නිසා තවත් කෙනෙක්ගෙ රැකියාවක් ආරක්ෂා උනා.. එයාට ඒ පින හැමදාම තියෙයි..

:       0       0

ජීවක Thursday, 05 July 2012 01:54 PM

බයට හරි, අසරණ කමට හරි, මෝඩ කමට හරි ඒ කරපු දේ මම අගය කරනවා

:       0       0

චතුල වෙරෝනා Thursday, 05 July 2012 07:11 PM

ඔබේ දරු තිදෙනාට යහපත් අනාගතයක් වේවා!

:       0       0

සා Thursday, 05 July 2012 07:54 PM

සාස්තරකියන අය ලොකු පුටුවල ඉන්න එකේ අට පාස් අය අයකැමි පුටුවට ආවට කමක් නැහැනෙ..

:       0       0

කෙවින් Thursday, 05 July 2012 02:10 PM

දයාබර සොයුරිය, ඔබ කිසිවිටෙකත් පසුතැවිලි නොවන්න.ඔබට හැම අතින්ම සතුටු වෙන්න පුලුවන්

:       0       0

සුසන්ත Thursday, 05 July 2012 02:50 PM

බැංකුවල අය ගනන් දානවා දුප්පත් අයට. හරියට ගනින්නවත් බැරි අයද මේ බැංකුවල ඉන්නෙ..

:       0       0

පෙරේරා Thursday, 05 July 2012 02:23 PM

සුපන් මනසින් කල දේ යහපත් ලෙස විපාක දෙනු ඇත.

:       0       0

දයා සෞදි Thursday, 05 July 2012 03:14 PM

නගේ නුඹ 99න් බේරැණා.. ඔය කවුරැ කීවත් ඕවා ගනන් ගන්න එපා.. වැඩිපුර මුදල ඔබට ගිය බව බැංකුව හවස්වන විට දැන ගන්නවා.. ඔයාගෙ කටින්ම කියවගන්නවා මුදල් වැඩිපුර ලැබුණු බව.. කරදයක් වෙන්නෙ නැහැ අපේ පොලිසිය හොද නිසා.. හිමි නැති දේ අපට ඕන නැහැ..

:       0       0

දීපාල් Thursday, 05 July 2012 07:40 PM

පැයක් ප්‍රමාදවී හෝ ආපසු දුන්න එක ලොකු දෙයක්.වැරදිලාවත් ආපහු නුදුන්නා නම් තමයි පඩියෙන් කැපෙන කොට තේරෙන්නේ අයකැමිට ඒකේ රගේ

:       0       0

තිලක් Thursday, 05 July 2012 03:23 PM

අවංක අයට කවදාවත් වරදින්නෙ නෑ නංගි .ඔබට ඡය !

:       0       0

බැන්කර් Thursday, 05 July 2012 02:45 PM

ගෝපාල්.....

:       0       0

නවා Thursday, 05 July 2012 03:27 PM

ආපසු දුන්නු මුදලට වඩා තම අවංක කම නිසා ඉන් ලද සතුට මහත්ය...

:       0       0

දීපාල් Thursday, 05 July 2012 08:25 PM

පැයක් ප්‍රමාද වී කළද ඉතාමත් අගය කළ යුතු ක්‍රියාවක්

:       0       0

පෙරේරා Thursday, 05 July 2012 03:30 PM

හොද හිතින් පිනක් කළොත් ඒ වගේ දහස් ගුණයක් ලබන ආත්මෙදි හරි තමන්ට ආපහු ලැබෙනවා

:       0       0

ඩී.පී. ලියනගේ Thursday, 05 July 2012 03:35 PM

අවංක කමේ ප්‍රතිමූර්ථිය.. මෙවැනි මිනිසුන් හා ගැහැණුන් කොතෙකුත් අප අතරේ ඇත. ඒත් වැඩියෙන් ඉන්නෙ වංක කපටි අය.. නැගෙණියනි, කොයි කවුරැ මොනවා කිව්වත් ඔබ ඉතාමත් ශ්‍රේෂ්ඨ කාන්තාවකි. ඉතාමත් ආදර්ශයකි.

:       0       0

කුරුවිට Thursday, 05 July 2012 07:58 PM

තව කිහිපදෙනෙකුගේම රැකියාව බේරා දීම ඔබ තුමිය කලේ යහපත් ක්‍රියාවක්

:       0       0

අනුර Thursday, 05 July 2012 10:34 AM

ඔයාගේ අනාගතය ගොඩක් හොඳයි අක්කේ .අවංක කම තියෙන කෙනෙක්

:       0       0

ගාලු කොලුවා Thursday, 05 July 2012 10:37 AM

බැංකු සේවකයෝ ගංජා ගහලද මන්දා වැඩ කරන්නේ?

:       0       0

අරුණ Thursday, 05 July 2012 10:37 AM

ආදර්ශවත් කාන්තාවක්... මේ වගේ අයගේ පින්තූරයක් හොයලා දාන්න වටිනවා... රු100ට මංකොල්ල කන කාලයක... උතුම් මනුෂ්‍ය දියණියක්...

:       0       0

සමන් Thursday, 05 July 2012 03:42 PM

ඔය වගේ අවංක අයට ඇමති ධූරයක් දෙන්න වටිනවා නේ..

:       0       0

මොහොමඩ් from Dubai Thursday, 05 July 2012 08:11 PM

ඇය නියම කාන්තාවක්.මේක මුදල් පිපාසිතයන්ට හොද පාඩමක්

:       0       0

ගාලු කොලුවා Thursday, 05 July 2012 10:38 AM

දැක්ක නේද ගාල්ලේ මිනිස්සුන්ගේ තියෙන අවංක කම?

:       0       0

කෝසල Thursday, 05 July 2012 08:56 PM

ලංකා මවට ආඩම්බරයක් අක්කෙ.. ඔයාට සදා ජය.. ඔයාට ඉසුරින් බර අනාගතයක් ලැබෙනවාමයි අක්කේ...

:       0       0

කෝසල Thursday, 05 July 2012 08:18 PM

ලංකා මවට ආඩම්බරයක් අක්කේ..ඔයාට සදා ජය ...ඔයාට ඉසුරින් බර අනාගතයක් අක්කේ...

:       0       0

රොමා Thursday, 05 July 2012 11:26 AM

ෂර්මිලා ඔබට දින දින අතමිට සරු වේවා !!

:       0       0

සුජීව Thursday, 05 July 2012 11:36 AM

පැයක් ගියේ ඇයිද ?

:       0       0

රුවන් Thursday, 05 July 2012 03:55 PM

තේරුමක් නැතිව හැමදේටම කෑගහන අය තවමත් ලංකාවේ ඉන්න බව පේනවා සමහර කමෙන්ට් දැක්කහම.

:       0       0

ප්‍රසාද්-Male Thursday, 05 July 2012 10:58 AM

සල්ලි වලට මිනී මරන, පන්සල් වල නිධන් හොයන මේ සමාජයේ ඔබවැනි අය ඉතා විරලයි

:       0       0

පිනා Thursday, 05 July 2012 10:58 AM

18500 ට කොහොමද 160000 දුන්නේ.පුදුම කතාවක්. කැෂියර් 8 පාස් කෙනෙක්ද ?

:       0       0

රත්නවීර Thursday, 05 July 2012 11:37 AM

දයාබර සොයුරිය, ඔබට සදා ජය, ත්‍රිවිධ රත්නයේ සහ සියලු දෙවියන්ගේ පමණක් නොව මිනිසත් ගති ඇති සියලුමදෙනා ඔබව ආරක්ෂා කරනු ඇත. ඔබ වැනි අය අප මිහිතලය මත බිහිකිරීමට ඔබ ආදර්ශයක්..!!

:       0       0

පිලිපීනෝ Thursday, 05 July 2012 03:58 PM

අය්යෝ, ඔයාලට ඕකවත් තේරෙන්නේ නැද්ද? ෂුවර් එකටම බැංකුවේ අය කියයි පස්සේ, අපි ඔයාට දීලා තියෙන මුලු ගාණටම ඔයා පොළිය ගෙවන්න කියලා.ඒකයි එයා ආපහු සල්ලි ගෙනත් දුන්නේ

:       0       0

සෑම් Thursday, 05 July 2012 03:58 PM

තාමත් රාජ්‍ය බැංකුවල මේවගේ අය ඉන්නවා නේද??

:       0       0

නවෝද Thursday, 05 July 2012 11:38 AM

මහන්සියෙන් ජීවිතය ජය ගන්න...සුභ පැතුම්...

:       0       0

කලු අයිය - ඩුබායි Thursday, 05 July 2012 04:07 PM

දකුණේ අය කොහොමත් අවන්කයි.ඒ අතරිනුත් ගාල්ලේ අය... අත්තටම වෙලක් වත් කාල ජීවත්වෙන්න බෑරි ආර්ථිකයක් තියෙද්දිත් මෙහෙම හිතෙන එකත් වාසනවක් මේ කෙනාට වරදින්නෙ නෑ.. අයෙ කවදාවත්ම.. සුභ අනාගතයක් සෑමට.!!

:       0       0

කුමාර බැංකොක් Thursday, 05 July 2012 11:42 AM

නංගි ඔබ කළ සත් ක්‍රියාව ඉතාමත් ඉහලින් අගය කළයුතු දෙයක්.. ඔබට සුභ අනාගතයක් නංගි..

:       0       0

ෆයිසාර් Thursday, 05 July 2012 03:32 PM

මේකනම් මරු...

:       0       0

බංගලියා Thursday, 05 July 2012 04:11 PM

එතුමිය කළ දේ අගය කරමි.නමුත් මෙහි තවත් පැත්තක්ද ඇත. ඕනෙම කෙනෙක් බැංකුවකින් මුදල් ලබා ගත් විට එය එතනදීම ගණන් කර බැලීම සාමාන්‍ය සිරිතයි.එය එසේ නොවේයැයි කාටවත්ම කිව නොහැක. එසේනම්.........???

:       0       0

දිල්ෂාන් Thursday, 05 July 2012 04:14 PM

ලංකාවේ තාමත් අවංක කම තියෙනවා කියලා මේ අක්ක ඔප්පුකරා...

:       0       0

නිරාන් Thursday, 05 July 2012 04:16 PM

ලංකාවේ 95% හොඳ මිනිස්සු. ඉතිරි 5% ලංකාවම කනවා.

:       0       0

අචිනි Thursday, 05 July 2012 11:47 AM

මෙතුමියගේ උගස් මුදල එවෙලේම බැංකුව මගින් ගෙව්වද ? නෑ නේද? ඒ තුමිය හොඳයි. බැංකුව නරකයි

:       0       0

උපුල් Thursday, 05 July 2012 11:08 AM

උතුම් ආදර්ශවත් මනුෂ්‍ය දියණියක්. ඔබට දින දින අතමිට සරු වේවා !

:       0       0

ලක්ෂ්මන් Thursday, 05 July 2012 11:09 AM

පැයක් ගි‍යේ මාකද? අතට ලැබුණ ගමන් දකිනවානෙ වඩිපුර ලැබිලා කියලා.. කොහොම උනත් ආදරශමත් ක්‍රියාවක්..

:       0       0

චමින්ද Thursday, 05 July 2012 11:48 AM

බලන්න අවංක කම කියන්නෙ මොන තරම් උතුම් ක්‍රියාවක්ද කියලා.. සෑම ජනමාධ්‍යකින්ම මේ වගේ උතුම් මිනිස් ගතිගුණ තියන අය ගැන අගයන්න ඕන.. රටේ වගකිවයුත්තන්ට හොද ආදරශයක්...

:       0       0

එම්. ආර් Thursday, 05 July 2012 10:04 PM

ආපසු දුන්නු මුදලට වඩා තම අවංක කම නිසා ඉන් ලද සතුට මහත්…!!!!සමාජයේ මෙහෙමත් අය ඉන්න එක ගැන සතුටුයි …..! ඔබට ජයෙන් ජය !!!!!

:       0       0

උපන් රටේ අනාථයා Thursday, 05 July 2012 11:50 AM

ෂර්මිලා..., ඔබතුමිය ලංකාවෙද??

:       0       0

ප්‍රභාත් Thursday, 05 July 2012 04:25 PM

බැන්කුවෙන් 10% ක වත් තෑග්ගක් දෙන එක නේද යුතුකම...

:       0       0

ගාලු කොලුවා Thursday, 05 July 2012 11:58 AM

ගාල්ලට හරි ආඩම්බරයක් නේ.....

:       0       0

‍අනුපම Thursday, 05 July 2012 12:03 PM

මේ කාන්තාව උතුම් වැඩක් කරලා තියෙන්නේ..... සමහර මිනිස්සු තමන්ගේ නිවට කම නිසා මානසිකව අනාථ වෙලා. උත්සාහය නැති නිසා ඒ අය රටටයි ගෙදරටයි දෙකටම අනාථයි.

:       0       0

අචිනි Thursday, 05 July 2012 12:03 PM

සොයුරියනි, ඔබේ අවංක කමට තුතිමල් මිටක්...

:       0       0

බෑන්කර් Thursday, 05 July 2012 03:51 PM

18500කයි, 185000කයි වෙනස සල්ලි අතට ගන්න කොටම ඒ වෙලාවෙම තේරෙන්නේ නැද්ද ඕන මෝඩයෙකුට? අවංක නම් ඔය කිවන තරම්, ඒ වෙලාවෙම දෙන්න තිබුණනේ

:       0       0

ලකී Thursday, 05 July 2012 04:30 PM

ඔයා වගේ අය අද හොයාගන්න හරි අඩුයි...සුභ පැතුම්...දීර්ඝායුෂ වේවා!

:       0       0

කුමාර Friday, 06 July 2012 06:20 PM

මෙතරම් උතුම් වැඩකට අදහස් දක්වලා විතරක් මදි.එයාගේ රත්තරං බඩු ටිකක් වත් බේරලා දුන්නනම් නේද හොද?

:       0       0

සරසි Friday, 06 July 2012 01:10 PM

බයට හරි කමක් නෑ වැඩිපුර සල්ලි ටික ගෙනත් දීපු එක අගය කරනවා , අද කාලේ වෙන දේවල්වල හැටියට මෙහෙම කර එකත් ලොකු දෙයක්.

:       0       0

ටාසන් පුතා Thursday, 05 July 2012 11:39 AM

ඒක බැංකුවෙ වරදක් නම් නොදී ඉන්න තිබ්බ.. මොකද බැංකුව අපේ වරදක් උනාම සත පහකට ගනන් ගන්නෙ නැහැ..

:       0       0

අජේ Thursday, 05 July 2012 12:18 PM

බය නිසා නේ දුන්නේ...

:       0       0

අමරා ඉරන්ගනී Thursday, 05 July 2012 11:29 PM

හිතහොද තැනක දෙවියන් හැමදාම වැඩහිදී ඔබට ජය .

:       0       0

මොහොමඩ් Friday, 06 July 2012 01:52 PM

ඇය සියලු ශ්‍රී ලාංකිකයින්ටම ආදර්ශයකි

:       0       0

දීපාල් Thursday, 05 July 2012 11:41 AM

හොදටම විශ්වාසද මෙයා ශ්‍රී ලාංකිකයෙක් කියලා....

:       0       0

රංග Thursday, 05 July 2012 11:46 AM

සර්මිලා.. මෙය දැක්මත් සතුටක්. ඔබට මිලියනගණනින් නැවත ලැබේවා.. ඔබගේ අවංක කමට..

:       0       0

සුනිල් Thursday, 05 July 2012 11:48 AM

‍ඔබේ බුද්ධිමත් බාවය ඔබව සියලු අන්තරායන්ගෙන් මුදවාගනු ඇත. මේ දකුණු පළාතේ වෙන බිහිසුණු අපරාධ ගැන සිතන විට ඔබ 99න් බේරීතිබේ...

:       0       0

ගාලු කොලුවා Thursday, 05 July 2012 04:56 PM

මගේ නමින් වෙන එකෙක් ප්‍රතිචාර දැම්මට ගාල්ල ගැන අපිට තියෙන ආඩම්බරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ හරිද?

:       0       0

පණ්ඩිත Thursday, 05 July 2012 04:23 PM

500 කොල වලට 5000 කොල දීල වගෙයි නේද? අපේ කට්ටියට ඕක තේරිලා නෑ වගේ.. සල්ලි ගත්තු කෙනත් ගෙදර ගියාම තමයි දැනගන්න ඇත්තෙ.. පැයක් ගියේ ඒකයි..

:       0       0

මෝහමෙඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 05 July 2012 11:17 PM

ශර්මිලා දන ගෙන තමයි සල්ලි ටික ගෙදර ගෙනාවේ .පැයක් කල්පනා කලා. හවස් වෙනකොට පොලිසියෙන් එන බව දන ගෙන ආපසු බාර දුන්න . මේකේ වර්ණනා කරන්න මොකුත් නැහැ

:       0       0

ම්ල්ලා Thursday, 05 July 2012 04:23 PM

ඔයාට අක්කෙ ඔය දුන්න වගේ දෙගුණයක් ලැබෙනවා සත්තයි.. ඒ ගැන පසු තැවෙන්න එපා.. අපිට ැනති උනාට අපිට අනුන්ගෙ දේවල් ඕන නැහැ.. අපේ රටේ ලොකු අයටත් මේවා හොද පාඩම්..

:       0       0

නයනා Thursday, 05 July 2012 11:58 PM

මේක කැෂියර්ගේම වැරැද්ද නෙමෙයි.සෙනග වැඩි උනාම මෙහෙම වෙනවා.කොහොම වුණත් ඒ කාන්තාවට මගේ ප්‍රණාමය!

:       0       0

පිලිපීනෝ Thursday, 05 July 2012 11:59 PM

කොහොමහරි බැංකුව අන්තිමට කිවුවනම් එහෙම ඒ කාන්තාවට අන්තිමට ඒ සල්ලි වලත් පොළිය ගෙවන්න කියලා? දන්නවනේ ලංකාවේ බැංකු ගැන

:       0       0

දයා සෞදි Thursday, 05 July 2012 12:39 PM

බැංකුවෙන් තෑග්ගක් දුන්නෙ නැද්ද? එහෙමනම් වැරදියි.. පසුවවත් දුන්නොත් කළගුණ සැළකීමක් වෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 163 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site