IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැඩක් නොකෙරෙන රාජ්‍ය ආයතන සමාලෝචනයට කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අත්‍යවශ්‍ය මහජන සේවාවන් සැපයීම, ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය රැකීම, විවිධ නියාමන කටයුතු, භාණ්ඩ හා සේවා සැපයීමට අදාළව වෙළෙඳ පොළ කටයුතුවලට මැදිහත්වීම, සම්පත් සාධාරණව බෙදා හැරීම, ආපදා කළමනා කරණය සහ සමාජ සුබ සාධනය වැනි ප්‍රධාන කාර්යයන් රජය වෙත පැවරී ඇත. 

එම කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අංශ සහ පොලිසිය හැරුණු විට දෙපාර්තමේන්තු 86 ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක් හා ප්‍රාදේශීය ලේකම කාර්යාල 339ක්, රජයට අයත් ව්‍යාපාර 340 ක් සහ වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115 ක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115 ක් සඳහා සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතට ගැනෙන ආයතන 51ක් සඳහා 2024 වර්ෂය වෙනුවෙන් ජාතික අයවැය මඟින් රුපියල් බිලියන 140ක් පමණ වෙන් කර ඇත. 

වත්මන් අවශ්‍යතා වලට ගැලපෙන අයුරින් එම ආයතන යාවත්කාලීන නොවීම, පැවරී ඇති බලතල ප්‍රමාණවත් නොවීම හෝ නොගැලපීම, එම ආයතන වෙත පැවරී ඇති කාර්යයන් පෞද්ගලික අංශය විසින් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටු කිරීම සහ එකම හෝ සමාන හෝ කාර්යයන් ඉටු කරනු ලබන ආයතන කිහිපයක් පැවතීම වැනි කරුණු හේතුවෙන් රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. 

ඒ අනුව, එවැනි සමාලෝචනයක් සිදු කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස  ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (1)

වැඩක් නොකෙරෙන රාජ්‍ය ආයතන සමාලෝචනයට කමිටුවක්

Gamini Pathirana Thursday, 19 December 2024 05:45 PM

ඉතාමත්ව කාලෝචිත අදහසක් කියන්න පුළුවන් ඇත්තටම ජනතාවට සමීපතම රාජ්‍ය ආයතනයක් වන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල කිසිම රාජකාරියක් හරියාකාරව සිදුනොවෙන ආයතන බවට පත්වෙලා තියෙනවා 1992 වර්ෂය තෙක් උපදිසාපති කාර්‍යාල ලෙසට තිබූ එම කාරයාල උසස්කලේ ජනතාවට සේවයක් කරන්න වුනත් දැන් එම කාර්‍යාල අන්ත දූෂිත අකාර්යක්ෂමතාවය ඉහවහා ගිය කාර්‍යාල බවට පත්වෙලා තියෙනවා මේ නිසා ජනතාවට නිර්නාමිකව හෝ පැමිණිලි කරන්න අවස්තාවක් සැලසුවොත් සාර්ථකත්වයක් ඇතිවෙන්න පුළුවන්

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site