(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ලංකා පිඟන් සංස්ථාව කිසිදු නිෂ්පාදනයක් නැති කම්හල් පහක් පවත්වාගෙන යෑමෙන් වාර්ෂිකව රුපියල් කෝටියකට ආසන්න මුදලක් නාස්තිවන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අතර සංස්ථාව සතු කම්හල් භූමි නවයෙන් හතක අයිතිය සංස්ථාවට පවරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් කම්හල් බදුදීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති බවද එහි දැක්වෙයි.
නිෂ්පාදන කටයුතු කරන එරගම කම්හල සතු අක්කර දෙසිය තිස් එකක්වූ භූමියෙන් අක්කර 50 ක පමණ කුඹුරු ඉඩම බාහිර පාර්ශ්වයකට බදුදී තිබුණද කම්හල් භූමිය හා ගඩොල් කපන භූමි ප්‍රමාණය හැර ඉතිරි වූ ඉඩම් ඵලදායි ආයෝජනයකට යොදා ගෙන නොතිබුණු බව පවසන විගණන වාර්තාව කුඹුරු ඉඩම් වලින් අක්කර තුන හමාරක් පමණ කිසියම් පුද්ගලයකු අල්ලා ගෙන ඇතැයිද සඳහන් කරයි.
අක්කර 94ක් පමණ වූ මහියංගනය ඉඩමෙහි පවුල් 125ක් පමණ 2015 වර්ෂයට පෙර සිට අනවසරයෙන් පදිංචිව සිටින බැවින් කම්හල් ප්‍රදේශය හැර ඉතිරි බිම් ඵලදායි ආයෝජනයක් වෙනුවෙන් යොදා ගෙන නොතිබුණු බවද විගණන අංශ පෙන්වා දෙයි.
ඔඩ්ඩුසුඩාන් කම්හල සංස්ථාව පාලනය යටතේ නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ හතළිහකට වැඩි මුදලක් අලුත්වැඩියා සහ අනෙකුත් වියදම් වශයෙන් දරා තිබුණද පසුගිය වසරේ ජනවාරි මස වනවිටත් කම්හලේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකිව තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා පිඟන් සංස්ථාවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩකට නැති කම්හල් පහකට කෝටියක් නැති කරලා
සමන්තිකා Wednesday, 12 April 2023 05:16 PM
තව දුරටත් මහජන මුදල් ගිලින්නෙ නැතුව ඔකත් ධම්මික පෙරේරාට දෙන්න . පිගන් සංස්තාවෙ වැඩ බැරි රජයේ ගොබ්බ සේවකයනි ගෙදර පලයව්.