IMG-LOGO

වෙඩික්කරුවෙක් වෙඩි කා නසී

(කේ බුද්ධික කුමාරසිරි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් පිරිසක්  සමග  වෙඩි හුවමාරැවක යෙදුණු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "කොට සුපුන්" නැමැති හිටපු කමාන්ඩෝ බලකා සෙබළකුට වෙඩි වැදී බරපතල තත්වයෙන් පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

යම්කිසි සංවිධානාත්මක අපරාධ කල්ලියක් විශේෂ අපරාධයක් සැළසුම් කරමින් සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව එම බළකායේ නිළධාරීන් තිස් දෙනකු පමණ පාදුක්ක පින්නවල ප්‍රදේශයේ  අතහැර දමා තිබූ නිවසක් වැටලීම සිදු කර ඇත.

එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් අදාල ස්ථානයට ලගාවන විටම එම නිවස දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඒ අවස්ථාවේදී විශේෂ කාර්ය බළකා නිළධාරීන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවත් එහිදී ටී 81 වර්ගයේ ගිනි අවියක් අතැතිව සිටි එක් අයකු වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටියදී තවත් අයකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබමින් පලා ගොස් ඇති බවත් ද අනතුරුව වෙඩි වැදී බරපතල තත්වයේ සිටි පුද්ගලයා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් මියගොස් සිට ඇතැයි ද සිදු කල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

 

----------------------------------------------------------------------------------

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තලංගම ප්‍රදේශයේ දී ඉකුත් 25 සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු කමාන්ඩෝ සෙබළා පොලිස් විශේෂ කාර්ය කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් සමග හංවැල්ල ප්‍රදේශයේ දී ඇතිවූ ගැටුමකදී වෙඩි කා මියගිය බව විශේෂ කාර්ය බලකායේ කියයි.

ඔහු සමග සිටි තවත් දෙදෙනකු පැනගොස් ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (3)

වෙඩික්කරුවෙක් වෙඩි කා නසී

Bunny Preena Saturday, 07 October 2023 09:13 AM

කවුරුන් විසින් හෝ කුමන ආකාරයකින් හෝ කුලියට මිනීමරන අපරාධකාරයින් එකෙක් නොහැර ඉවර කරලා දාන එක සමාජයට කරන ලොකුම ලොකු යහපතක්...

:       1       37

කිරිපුතා Saturday, 07 October 2023 09:24 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති !

:       1       24

don Saturday, 07 October 2023 11:51 AM

කමාන්ඩෝ සෙබළා ජෝන් රැම්බෝ වගේ වැඩ පෙන්නලා නෑනේ...!

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 633 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 258 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site