ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සමඟ ලබන සතියේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මෙම සංශෝධනයෙන් මහජනතාවට ලබා දිය හැකි උපරිම සහනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කීය.
මේ වන විටත් වැට් බදු සංශෝධන ඔස්සේ රජය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල අඩු කර ඇති අතරම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන් සඳහා බදු පැනවීම ලිහිල් කර ඇති බවද අමරවීර මහතා කීවේය.
නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ මහ බැංකු අධිපතිවරයා සමඟ පවත්වන සාකච්ඡාවේදී අදාළ බදු සංශෝධනයේ අසුබවාදී දෑ ඉවත් කිරීම කෙරෙහිද අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වැට් බද්දේ අසුබ දෑ ඉවත් කරන ඉඟියක්