ආර්ථික විශේෂඥයන් සමග සාකච්ඡා පවත්වා වැට් බද්ද සංශෝධනය කරන බවත් රාජ්‍ය නිලධරයනට යළි වාහන පර්මිට් ලබාදීමේ චක්‍රලේඛණය නිකුත් කරන බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති ගිරාඳුරුකෝට්ටේ මහවැලි ක්‍රීඩාංගණයේදී අද (29) පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘වැට් බද්දත් වෙනස් කරයි : රජයේ නිලධාරීන්ටත් වාහන පර්මිට් ආයෙත්‘
බෙනට් Wednesday, 29 June 2016 10:19 AM
ලංකාවේ මොන රජයේ ආයතනයද කාර්යක්ෂම ? කිසිම ආයතනක් හොයාගන්න බැහැ. (ර)
සමන් Wednesday, 29 June 2016 10:39 AM
හොඳ තීරණයක්...........5න් 5න් පහට දෙන එක හොඳයි.මොකද අවුරදු 10ක් එකම වාහනය පාවිච්චි කරන්න බෑනේ. (ම)
ජයසිරි Wednesday, 29 June 2016 12:18 PM
විදෙස විනිමය උපයන විදේශ රැකියා කරන අයට කවදද වාහනයක් ගෙන්න ගන්න පර්මිට් එකක් දෙන්නේ. මේගැන ඇයි කිසිම කෙනෙක් හිතන්නේ නැත්තේ ? (බ)
ශ්‍රීමාල් Wednesday, 29 June 2016 06:54 AM
පාරේ වාහන පිරිලා. පාරවල් ටික ලොකු කරන කල් හිටියොත් නරකද? (බ)
රංග Wednesday, 29 June 2016 06:58 AM
අදහස් පළකිරීමෙන් වැලකි සිටිනවා , කිසිම ප්‍රතිපත්තියක් හා අන්තර් සම්බන්දතාවක් නැති ආණ්ඩුවක් (බ)
ශාන් Wednesday, 29 June 2016 07:21 AM
වැට් බද්ධ වෙනස් කරලා පෙන්නන්න... (ර)
නවරත්න බණ්ඩාර Wednesday, 29 June 2016 07:38 AM
මේවා කලින් කළානම් ආණ්ඩුවට මිනිස්සු දොස් කියන්නේ නැහැ නේද (බ)
සුමිත්‍රා බස්නායක Wednesday, 29 June 2016 07:39 AM
කලබල වෙන්න එපා. මම මේ කියන්නේ පවතින රජයට.වාහන පර්මිට් දෙන්න පොඩ්ඩක් පරක්කු කරොත් නරකද.(ම)
දහම් Wednesday, 29 June 2016 02:00 PM
මෙයාගේ වචන නිකම් හුළගේ යන ඒවා. වැට් බදු දාපු අයව ගෙදර යවනවා කියලත් කලින් කිව්වා. (බ)
ප්‍රභාෂ් Wednesday, 29 June 2016 07:51 AM
වාහන පර්මිට් එක අවුරුදු පහෙන් පහට දෙන්නේ නැතුව මුල් අවුරුදු පහෙන් දීලා අනෙත් එක දහයකට වරක් දුන්නට කමක් නැහෑ. අනිත් වාහන පර්මිට් ගන්න අයට වඩා ඉගෙන ගත්තු කොටසක් හින්දා (ම)
කසුන් Wednesday, 29 June 2016 07:57 AM
හරියට හරි රංග, මමත් ඔබත් එක්ක එකගයි.! (බ)
හේමන්ත Wednesday, 29 June 2016 08:24 AM
ආණ්ඩුව දැන් හිතන්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණය ගොඩ දාගන්නේ කොහොමද කියලා (ම)
නිරු Wednesday, 29 June 2016 08:31 AM
අනේ එතුමාට වැඩි වැඩියෙන් රැස්වීම් අමතන්න ලැබේවා....අමතන්න අමතන්න සහන ලැබෙන කතා ඇහෙනවා...කනට හරිම සනීපයි.....!! (ම)
ජයම්පති Wednesday, 29 June 2016 08:34 AM
රංග මමත් ඔබ කියන දේ සමග එකඟ වෙනවා. එක්කෙනෙක් කියන දේ ටික දවසකින් තව කෙනෙක් වෙනස් කරනවා. රට කොහොමද දියුණු වෙන්නේ? (ම)
ක්‍රිස්ටි පීරිස් Wednesday, 29 June 2016 09:22 AM
කියපු දේවල් කෙරෙයිද කියන එක ගැන විශ්වාසයක් නෑ (බ)
නන්ද Wednesday, 29 June 2016 09:21 AM
මෙතන තියෙන්නේ තරඟයක්. ජනපති අගමැති ඊළඟ ඡන්දය ගැන හිතනවා. වැඩිය ජනප්‍රිය මම කියන්ඩ උත්සහ කරන නිසා හරි වැඩ නෙමේ කරන්නේ (බ)
විපුල Wednesday, 29 June 2016 09:28 AM
දැන් නම් ආණ්ඩුව පඹ ගාලක පැටලිලා ඉන්නේ. මෙය ඓතිහාසික ආණ්ඩුවක්.කවදාවත් දැකල නැහැ.(ම)